LSN News › Sri Lanka

ලෝකය තිගස්වන උතුරු කොරියානු හැකර්ලා: පියොංයැං හි සයිබර් බලඇණිය ගැන අසෙන කතාවක්!

මෙය නිකම්ම සිදුවූවක් නොව, පූර්ව නිශ්චිත රාජ්‍ය අනුග්‍රහ ලත් මූලෝපායික අධ්‍යාපන රාමුවක් (State-sponsored Strategic Education Framework) හරහා සිදුවූවකි. කුඩා අවදියේදීම ගණිතයට සහ විද්‍යාවට අතිදක්ෂ දරුවන් හඳුනාගෙන, ඔවුන්ව විශේෂ පාසල් වෙත යොමු කරනු ලැබේ.

LSN Sri Lanka · 2 November 2026

ලෝකය තිගස්වන උතුරු කොරියානු හැකර්ලා: පියොංයැං හි සයිබර් බලඇණිය ගැන අසෙන කතාවක්!

2026 ඔක්තෝබර් 24 වන දින, ලොව විශාලතම ක්‍රිප්ටෝකරන්සි හුවමාරු මධ්‍යස්ථානය වන බයිනෑන්ස් (Binance) ජාලයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වුනේය. එම ප්‍රහාරය අතිශය බිහිසුණු එකක් විය. ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක මුදලක් මිනිත්තු 20ත් 30ත් අතර වැනි ඉතා කෙටි කාලයක් තුළ සොරාගැනීමට හැකර්වරුන් සමත් වූහ. මෙය ලෝක ක්‍රිප්ටෝකරන්සි ඉතිහාසයේ වාර්තා වූ විශාලතම හා දරුණුතම කොල්ලය ලෙස සටහන් වූයේය.

මෙම ප්‍රහාරය පිටුපස උතුරු කොරියානු රජයේ අනුග්‍රහය ලබන ’ට්‍රේඩර්ට්‍රේටර්’ (TraderTraitor ) නමැති සයිබර් ප්‍රහාරක කණ්ඩායම සිටින බව ඇමෙරිකානු එක්සත් ජනපදයේ ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය (FBI) විසින් දැන් සනාථ කර ඇතතේය. 2025 පෙබරවාරි මාසයේදී බයිබිට් (Bybit) හුවමාරු මධ්‍යස්ථානයෙන් ඩොලර් බිලියන 1.5ක් පැහැරගැනීමේ සිද්ධියට චෝදනා එල්ල වූයේද මෙම කණ්ඩායමටමය.

ප්‍රහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ බයිනෑන්ස් ආයතනය, සිය පාරිභෝගිකයන්ගේ මුදල් සුරක්ෂිත බවත්, අහිමි වූ ටෝකන වෙනුවෙන් ආයතනයේ සන්තකයේ තිබූ සංචිත අරමුදල් යොදවා අලාභය පියවීමට කටයුතු කරන බවත් වහාම ප්‍රකාශ කළේය. අද වන විට අහිමි වූ අලාභයෙන් සියයට 95ක් පමණ ආවරණය කිරීමට ඔවුහු සමත් වී සිටිති.

පැය 48ක් අත්හිටුවා තිබූ ගනුදෙනු නැවත ගනුදෙනු ආරම්භ කිරීමෙන් පසුව, ගනුදෙනුකරුවන් විසින් ඩොලර් බිලියන 3.64ක පමණ මුදලක් (එනම් ආයතනයේ සමස්ත වත්කම්වලින් සියයට 2.1ක් පමණ) ආපසු ලබාගෙන තිබුණද, පසුව එම මුදල් පිටතට ගලායාමේ ප්‍රවණතාව ස්ථාවර මට්ටමකට පැමිණියේය. මේ වනවිට ආයතනය නැවත යථා තත්ත්වයට පත්වී තිබේ.

මෙම ප්‍රහාරයේ වේගය සහ විශාලත්වය පිළිබඳව ලොව පුරා තාක්ෂණික විශ්ලේෂකයෝ දැන් මහත් විස්මයට පත්ව සිටිති. ප්‍රහාරකයින් ඉතා කෙටි කාලයක් තුළ විවිධ බ්ලොක්චේන් (Blockchain) ජාල ගණනාවක් හරහා වූ ඩිජිටල් පසුම්බි (Wallets) හිස් කර ඇති ආකාරය කැපී පෙනුනි. සොරාගත් මුදල්වලින් ඩොලර් බිලියන 3ක් පමණ විවිධ හවුල්කාර ආයතන සහ පද්ධති හරහා අත්හිටුවීමට (Freeze) හැකි වූවත්, තවමත් විශාල මුදල් ප්‍රමාණයක් නීති විරෝධී ලෙස සංසරණය වීමේ (Money Laundering) අවදානමකට ලක්ව තිබේ.

සයිබර් කොල්ලකෑම්වල දීර්ඝ ඉතිහාසය

උතුරු කොරියානු හැකර්වරු, බොහෝ විට ’ලසරස් (Lazarus) නමැති පොදු නාමය යටතේ ක්‍රියාත්මක වෙති. ඔවුහු වසර ගණනාවක සිට ලොව පුරා මහා පරිමාණ සයිබර් අපරාධවල නිරත වී සිටිති.

සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයන්ට අනුව, සම්ප්‍රදායික රාජ්‍යයන් තම ආර්ථික හෝ යුධමය බලය පෙන්වීමට නාවික, ගුවන් හෝ වෙඩි බලය භාවිත කළද, සම්බාධකවලින් මිරිකී සිටින රාජ්‍යයක් අසමමිතික යුධ උපක්‍රම’ (Asymmetric Warfare) ලෙස සයිබර් අවකාශය තෝරාගත් ප්‍රවැදගත් පැහැදිලි අවස්ථාව ලෙස මෙය පෙන්වා දිය හැකිය.

2014 - සොනි පික්චර්ස් (Sony Pictures) ප්‍රහාරය:  උතුරු කොරියානු නායක කිම් ජොං අන් උපහාසයට ලක් කරමින් නිපදවන ලද චිත්‍රපටයකට පලිගැනීමක් ලෙස සෝනි සමාගමේ පරිගණක පද්ධති සම්පූර්ණයෙන්ම අක්‍රීය කිරීමට උතුරු කොරියානු හැකර්ලා කටයුතු කළහ.

2016 - බංග්ලාදේශ මහ බැංකු කොල්ලය: ජාත්‍යන්තර SWIFT පද්ධතියට විනිවිද යමින් බංග්ලාදේශ මහ බැංකුවෙන් ඩොලර් බිලියනයක් පමණ සොරාගැනීමට උත්සාහ කළ අතර, ඉන් ඩොලර් මිලියන 81ක් පැහැරගැනීමට ඔවුහු සමත් වූහ.

2017 - වොනැක්‍රයි (WannaCry) රැන්සම්වෙයාර් ප්‍රහාරය: ලොව පුරා රෝහල්, මූල්‍ය ආයතන සහ රාජ්‍ය පරිගණක පද්ධති මිලියන ගණනක් අක්‍රිය කරමින් කප්පම් ඉල්ලා සිටි දැවැන්ත ප්‍රහාරයකි.

2017 වසරෙන් පසුව, ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත් වූයේ ක්‍රිප්ටෝකරන්සි ක්ෂේත්‍රයය.

• 2022 වසරේ සිදුවූ රොනින් බ්‍රිජ්' (Ronin Bridge) ප්‍රහාරයෙන් ඩොලර් මිලියන 625ක්ද,

• 2025 වසරේ බයිබිට්' (Bybit) කොල්ලයෙන් ඩොලර් බිලියන 1.5ක්ද සොරාගන්නා ලදී

විවිධ මූලාශ්‍රවලට අනුව උතුරු කොරියානු සයිබර් කණ්ඩායම් මේ වන විට ඩොලර් බිලියන ගණනක ක්‍රිප්ටෝ වත්කම් අත්පත් කරගෙන ඇත. දැඩි ජාත්‍යන්තර සම්බාධකවලට ලක්ව ඇති රටකට මෙම මුදල් ප්‍රමාණය අතිශය තීරණාත්මක වන අතර, එමගින් එරට න්‍යෂ්ටික සහ මිසයිල ආයුධ වැඩසටහන් පවත්වාගෙන යාමට විශාල අනුබලයක් ලැබෙන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

සයිබර් ක්ෂේත්‍රයේ කෙළ පැමිණි නායකත්වයක් ගොඩනැගූ හැටි

දැඩි සම්බාධක සහ හුදකලා බව නිසා උතුරු කොරියාව යනු දිළිඳු, තාක්ෂණයෙන් පසුගාමී රටක් ලෙස ලෝකය දුටුවද, ඔවුන්ගේ සයිබර් හැකියාවන්ගෙන් කියැවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. උතුරු කොරියානු රජය වසර ගණනාවක සිට සයිබර් මෙහෙයුම් වෙනුවෙන් ක්‍රමානුකූලව ආයෝජනය කර ඇති ආකාරය මේ වනවිට අනාවරණය වි තිබේ.

මෙය නිකම්ම සිදුවූවක් නොව, පූර්ව නිශ්චිත රාජ්‍ය අනුග්‍රහ ලත් මූලෝපායික අධ්‍යාපන රාමුවක් (State-sponsored Strategic Education Framework) හරහා සිදුවූවකි. කුඩා අවදියේදීම ගණිතයට සහ විද්‍යාවට අතිදක්ෂ දරුවන් හඳුනාගෙන, ඔවුන්ව විශේෂ පාසල් වෙත යොමු කරනු ලැබේ.

ප්‍රසිද්ධ මිරිම් විද්‍යාලය' (Mirim College - වර්තමානයේ පියොංයැං ස්වයංක්‍රීයකරණ විශ්වවිද්‍යාලය) සහ මොරන්බොං විශ්වවිද්‍යාලය' (Moranbong University) වැනි විශේෂිත ආයතන හරහා පරිගණක විද්‍යාව, හැකින් (Hacking), කේත විකේතනය (Code-breaking) සහ සයිබර් හමුදා සේවාවන් පිළිබඳ වසර ගණනාවක දැඩි පුහුණුවක් ලබා දෙයි.

දක්ෂතම සිසුන්ට විදේශයන්හිදී වැඩිදුර උසස් පුහුණුව පවා හිමිවේ. දකුණු කොරියානු බුද්ධි අංශ තක්සේරු කරන්නේ උතුරු කොරියාවේ අතිරේක සහායක පිරිස්ද ඇතුළුව සයිබර් මෙහෙයුම්වල නිරත බලඇණිය 8,400කට ආසන්න වන බවය. මොවුහු සියල්ලෝම එරට ප්‍රධාන බුද්ධි ආයතනය වන 'රීකොනසන්ස් ජෙනරල් බියුරෝ' (Reconnaissance General Bureau) යටතේ සේවය කරති.

ප්‍රහාරක උපක්‍රම සහ ක්‍රමවේද

උතුරු කොරියානු හැකර්වරුන් තනි පරිගණක මෘදුකාංගවල ඇති දුර්වලතා (Bugs) මත පමණක් යැපෙන්නේ නැත. ඔවුහු ප්‍රධාන වශයෙන්ම 'සමාජ ඉංජිනේරු විද්‍යාව' (Social Engineering) හෙවත් මිනිස් මනස සහ හැසිරීම් උපයෝගී කරගනිමින් සිදුකරන රැවටීම් භාවිත කරති.

*ව්‍යාජ රැකියා යෝජනා: LinkedIn වැනි වෘත්තීය ජාල හරහා ක්‍රිප්ටෝ සමාගම්වල ඉංජිනේරුවන්ට ව්‍යාජ රැකියා අවස්ථා ලබා දෙමින්, මෘදුකාංග අඩංගු අනිෂ්ට ගොනු (Malware) කේත පරීක්ෂණ ලෙස යවනු ලබයි.

අභ්‍යන්තර පිවිසුම් අත්පත් කරගැනීම: මෘදුකාංග සංවර්ධකයෙකුගේ (Developer) පරිගණකයකට රහසිගතව ඇතුළු වී, එමගින් ආයතනයේ ප්‍රධාන පද්ධතියට පිවිස මහා පරිමාණ මුදල් හුවමාරු සිදුකරනු ලැබේ.

*ව්‍යාජ තොරතුරු මත පදනම් වූ දුරස්ථ රැකියා (Remote IT Workers): උතුරු කොරියානු තාක්ෂණික ශිල්පීන් ව්‍යාජ හෝ සොරාගත් අනන්‍යතාවන් භාවිත කරමින් විදේශීය සමාගම්වල දුරස්ථ රැකියා ලබාගෙන, ඉන් ලැබෙන වේතනය කෙළින්ම රාජ්‍ය භාණ්ඩාගාරයට යොමු කරති.

මෙම මෙහෙයුම් අතිශය සංවිධානාත්මක වන අතර, සිය රට තුළදී රාජ්‍ය අනුග්‍රහය සහ ආරක්ෂාව ලැබෙන බැවින් හැකර්වරුන්ට කිසිදු නීතිමය බියක් නොමැත.

ලෝකයට සහ මූල්‍ය ක්ෂේත්‍රයට මෙයින් කියැවෙන්නේ කුමක්ද?

බයිනෑන්ස් කොල්ලය මගින් නැවත වරක් තහවුරු වන්නේ උතුරු කොරියානු සයිබර් බලඇණිය ලෝකයේ මහා පරිමාණ මූල්‍ය කොල්ලකෑම්වල යෙදෙන වඩාත්ම දක්ෂ සහ අන්තරායකර කණ්ඩායමක් බවය.

රට ඇතුළත අන්තර්ජාල පහසුකම් සීමිත වුවද, ජාත්‍යන්තර සම්බාධක හමුවේ වුවද, ලොව ප්‍රබලතම ඩිජිටල් මධ්‍යස්ථානයක් පවා සෙලවිය හැකි තාක්ෂණික යටිතල පහසුකම් සහ නිපුණතාවයක් ගොඩනගා ගැනීමට ඔවුන් සමත් වී ඇත.

ක්‍රිප්ටෝකරන්සි ක්ෂේත්‍රයට සහ ගෝලීය මූල්‍ය පද්ධතියට මෙය බරපතල අනතුරු ඇඟවීමකි. සම්ප්‍රදායික ආර්ථික සම්බාධක මගින් රාජ්‍යයක් හුදකලා කිරීමට උත්සාහ කළද, සයිබර් අවකාශය හරහා එම සම්බාධක අභියෝගයට ලක්කිරීමේ නූතන භූ-දේශපාලනික ප්‍රවණතාවය මෙයින් පැහැදිලි වේ.