LSN News › Sri Lanka

කහටගස්දිගිලියෙන් හමු වූ දළ ඇතාගේ මරණය ගැන පොලිසිය, වනජීවී හා හමුදා බුද්ධි අංශ එක්ව පුළුල් විමර්ශනයක!

සිද්ධිය සම්බන්ධයෙන් අද (02) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර, ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකය මගින් සිදු කිරීමට නියමිතය.

LSN Sri Lanka · 2 November 2026

කහටගස්දිගිලියෙන් හමු වූ දළ ඇතාගේ මරණය ගැන පොලිසිය, වනජීවී හා හමුදා බුද්ධි අංශ එක්ව පුළුල් විමර්ශනයක!

කහටගස්දිගිලිය, මීමින්නාවල ප්‍රදේශයේදී වම් දලය කපාගෙන ගොස් මියගොස් සිටියදී හමු වූ දළ ඇතාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් ඒකාබද්ධ විමර්ශනයක් සහ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කහටගස්දිගිලිය පොලිසිය, වනජීවී නිලධාරීන් සහ යුධ හමුදා බුද්ධි අංශය එක්ව මෙම විමර්ශන මෙහෙයවනු ලබයි.

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 212 මීමින්නාවල ග්‍රාමසේවා වසමේ කායගොල්ලෑව වැවට යාබද කුඹුරුයායේ පිහිටි කැලෑ කොටසක තිබී මෙම ඇතාගේ සිරුර වනජීවී නිලධාරීන්ට හමුවී ඇත්තේ ඊයේ (01) දිනයේදීය.

මියයන විට අවුරුදු 20-25ත් අතර වයසක පසුවූ මෙම ඇතා උසින් අඩි 7ක් පමණ වේ. මෙම සත්වයා මීට සතියකට පමණ පෙර මිය යන්නට ඇති බවට සැක පළ කෙරෙන අතර, ඇතා මියගිය පසු කිසිවකු විසින් ආයුධයකින් කපා වම් දලය ගලවාගෙන ගොස් ඇති බවට වනජීවී නිලධාරීන් අනුමාන කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අද (02) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර, ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකය මගින් සිදු කිරීමට නියමිතය.

දේහයට හානියක් සිදුවීම වැළැක්වීම සඳහා මේ වන විටත් වනජීවී නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් යොදවා ආරක්ෂාව තර කර ඇත.