වෙඩි වැදී මිය ගිය දුම්බර බන්ධනාගාරයේ රැඳවියාගේ මරණය ගැන විමරශනයක් ඇරඹෙයි!
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න පවසන පරිදි, අදාළ රැඳවියා බන්ධනාගාර තාප්පයට යාබදව පිහිටි ආරක්ෂක කුටියකට නැග, එහි රාජකාරියේ නිරතව සිටි නිලධාරියාගේ ගිනි අවිය උදුරාගැනීමට තැත් කර ඇත. එම අවස්ථාවේදී නිලධාරියා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එයින් රැඳවියා මියගොස් ඇත.
LSN Sri Lanka ·

මහනුවර, පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ කළ බව කියන 27 හැවිරිදි රිමාන්ඩ් සිරකරුවෙකු, බන්ධනාගාර නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඊයේ (නොවැම්බර් 01) රාත්‍රී 8ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න පවසන පරිදි, අදාළ රැඳවියා බන්ධනාගාර තාප්පයට යාබදව පිහිටි ආරක්ෂක කුටියකට නැග, එහි රාජකාරියේ නිරතව සිටි නිලධාරියාගේ ගිනි අවිය උදුරාගැනීමට තැත් කර ඇත. එම අවස්ථාවේදී නිලධාරියා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එයින් රැඳවියා මියගොස් ඇත.

මියගොස් ඇත්තේ ගලගෙදර පොහොලියද්දේ පදිංචි කුෂාන් නවෝද් ජයසිංහ නැමැති 27 හැවිරිදි අයෙකි. මොහු අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්රෑම් 7120 ක් සමඟ පසුගිය ඔක්තෝම්බර් මස 24 වැනි ගලගෙදර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 11 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ආයෙකි.

මියගිය පුද්ගලයා මෙයට පෙර අවස්ථා 08 කදී මත්ද්‍රව්‍ය ඇතුළු වීවධ වැරදි සම්බන්ධයෙන් ගලගෙදර, අලදෙණිය හා හතරලියද්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අයෙකු බව පොලීසිය පවසයි.

සිද්ධියෙන් පසු බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව කැඳවා තිබිණි.

සිද්ධියෙන් පසු ඔහුගේ මෘත ශරීරය එදින රාත්‍රියේම මහනුවර ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන්ද රෝහල වෙත පැමිණ සිටියහ. අද දෙරණ වාර්තා කරන පරිදි, ඔහු මීට මාස 6කට පමණ පෙර විවාහ වී ඇති අතර ඔහුගේ බිරිඳ මාස 2ක ගැබිනියකි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතව ඇත.