LSN News › Sri Lanka

විදේශ විනිමය දෙතුන් ගුණයකින් වැඩි කිරිමට අලුත්ම වැඩක්... විදේශීය රෝගීන්ට ලංකාවේදී ප්‍රතිකාර කිරීමේ ව්‍යාපෘතියක්:

LSN Sri Lanka · 2 November 2026

විදේශ විනිමය දෙතුන් ගුණයකින් වැඩි කිරිමට  අලුත්ම වැඩක්...  විදේශීය රෝගීන්ට ලංකාවේදී ප්‍රතිකාර කිරීමේ ව්‍යාපෘතියක්:

විදේශීය රෝගීන්ට මෙරට තුළදී ප්‍රතිකාර කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මූලික සැලසුම් ආරම්භ කර තිබේ.

මීට වසර ගණනාවකට පෙර ගත් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට මෙතෙක් නොහැකි වූවත්, වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරිය සහ සෞඛ්‍ය ඇමතිවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බව සංචාරක වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය ප්‍රසාද් හේරත් පැවසීය.

සාමාන්‍ය සංචාරකයින් ගණනාවකින් ලැබෙන විදේශ විනිමය, එක විදේශීය රෝගී සංචාරකයෙකුට ප්‍රතිකාර කිරීමෙන් උපයා ගැනීමට හැකියාව ලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එන්නත්කරණය අතින් මෙන්ම සෞඛ්‍ය දර්ශක අතින්ද ලෝකයේ ඉහළම තැනක සිටින රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට නිරන්තරයෙන් ලක්ව ඇති ශ්‍රී ලංකාව තුළ, විදේශීය පුහුණුව ලත් දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට ලක් වූ රෝහල් පද්ධතියක් ස්ථාපිතව ඇති බවද වෛද්‍ය හේරත් සඳහන් කළේය.

ඇමරිකාවේදී දණහිස් බද්ධයක් සඳහා රුපියල් කෝටි එකහමාරක මුදලක් වැය වුවද, එම සැත්කම එකම ප්‍රමිතියෙන් යුතුව ලංකාවේදී කර ගැනීමට වැය වන්නේ රුපියල් ලක්ෂ 12ක් වැනි සාපේකෂව පහසු මුදලක් බවත්, අනෙකුත් සැත්කම් සඳහාද මෙරට අය වන්නේ සාපේක්ෂව ඉතා අඩු මුදලක් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

විදේශීය රෝගියෙකුට ප්‍රතිකාර කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කොළඹ වෛද්‍ය පීඨය තුළ කණ්ඩායම් තුනක් දැනටමත් පුහුණු කර අවසන් කර ඇති බවද වාර්තා වේ.