LSN News › Sri Lanka

ශ්‍රී ලංකාව කුරුළු උණ නොමැති රටක් බව ලෝක සෞඛ්‍ය සත්ත්ව සංවිධානය පිළිගනී!

සත්ත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතුව පැය 24 පුරාම ක්‍රියාත්මකවන ආවේක්ෂණ පද්ධතියක් පවතින බැවින්, කුරුළු උණ බෝකරන වෛරසය මෙරටට ඇතුළු වීමට ඇති සියලුම ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරා ඇති බවද පශු වෛද්‍ය සංගමයේ ලේකම්වරයා තහවුරු කළේය.

LSN Sri Lanka · 2 November 2026

ශ්‍රී ලංකාව කුරුළු උණ නොමැති රටක් බව ලෝක සෞඛ්‍ය සත්ත්ව සංවිධානය පිළිගනී!

ශ්‍රී ලංකාව කුරුළු උණ නොමැති රටක් ලෙස ලෝක සෞඛ්‍ය සත්ත්ව සංවිධානය (WOAH) විසින් පිළිගෙන ඇති බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සඳහන් කරයි.

වසර 15ක කාලයක් පුරා දීපව්‍යාප්තව සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂාවන්ට අනුව කුරුළු උණ බෝකරන වෛරසය මෙරට තුළින් හමු වී නොමැති බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය උදිත බණ්ඩාර පැවසීය.

</p>

<p>

විදේශයන්හි සිට මෙරටට ගෙන එනු ලබන පක්ෂීන් සහ කුකුල් මස් නියැදි අඛණ්ඩව පරීක්ෂාවට ලක් කර ඇත. එමෙන්ම මෙරටට පියාසර කරන සංචාරක පක්ෂීන්ගේ අසූචි නියැදි දිවයිනේ ප්‍රදේශ ගණනාවක පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන මගින් පරීක්ෂාවට ලක් කළද කිසිදු කුරුළු උණ වෛරසයක් හමු වී නොමැති බව වෛද්‍ය උදිත බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේය.

</p>

<p>

විදේශයන්ගෙන් ගෙන එනු ලබන කුරුල්ලන් විධිමත් පරීක්ෂාවෙන් පසුව ගොවිපළවල් වෙත යොමු කෙරෙන අතර, එම ගොවිපළවල් වෙත පශු වෛද්‍යවරුන් නිරන්තරයෙන්ම ගොස් කුරුළු උණ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද හෙතෙම කියා සිටියේය.