LSN News › Sri Lanka

ඉන්දියාවට කඩා වැදුන “ මුරාසු “ කලාපයේ ඇති කළ පෙරළිය....

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ප්‍රබල සුළි කුණාටුවක් බවට වර්ධනය වූ ‘මුරාසු’ (Murasu) සුළි කුණාටුව ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා අද අළුයම 3ට පමණ ඉන්දියානු ගොඩබිම් තීරයට කඩා වැදුනේය.

LSN Sri Lanka · 3 November 2026

ඉන්දියාවට කඩා වැදුන “ මුරාසු “ කලාපයේ ඇති කළ පෙරළිය....

මුරාසු යනු ද්‍රවිඩ බසින් යුධ බෙරය ය. පැරණි දෙමළ සංස්කෘතියේ සහ සාහිත්‍යයේ එන පරදි පැරණි රජවරුන් යුද්ධයට පිටත්වීමට පෙරත්, යුධ ජයග්‍රහණ සැමරීමට සහ රාජ්‍ය අණ ප්‍රකාශ කිරීමටත් වාදනය කළ ප්‍ර පංච මහා තූර්යයන්ගෙන් එකක් වූයේ මුරාසු ය.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ප්‍රබල සුළි කුණාටුවක් බවට වර්ධනය වූ ‘මුරාසු’ (Murasu) සුළි කුණාටුව ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා අද අළුයම 3ට පමණ ඉන්දියානු ගොඩබිම් තීරයට කඩා වැදුනේය.

මෙය සතියක් ඇතුළත ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළට බලපෑ දෙවන ප්‍රබල සුළි කුණාටුවය . මීට පෙර සිදු වූ ‘අර්නාබ්’ (Arnab) කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශයටම මෙම කුණාටුවෙන්ද නැවත බලපෑම් එල්ල වී තිබීම දෛවෝපගතය.

කුණාටුවේ ගමන් මාර්ගය සහ ගොඩබිමට ඇතුළුවීම

‘මුරාසු’ කුණාටුව ඔක්තෝබර් 29 වන දින පමණ අන්දමන් මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන පද්ධතියක් ලෙස ආරම්භ වී, නොවැම්බර් 1 වන දින සුළි කුණාටුවක් බවටත්, නොවැම්බර් 2 වන දින ප්‍රබල සුළි කුණාටුවක් බවටත් වර්ධනය විය.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව, එය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 3 වන දින අලුයම් කාලයේ (පැය 3.30 සිට 5.30 දක්වා වූ කාලය තුළ) නෙල්ලෝර් සහ නර්සාපූර් අතරින්, ඔංගෝල් (Ongole) ආසන්නයෙන් ප්‍රකාසම් දිස්ත්‍රික්කයේ වෙරළ හරහා ගොඩබිමට වූයේය.

ගොඩබිමට ඇතුළු වන අවස්ථාවේ සුළං වේගය පැයට කිලෝමීටර් 100-110 අතර විය. වේගය තාවකාලිකව පැයට කිලෝමීටර් 120 දක්වා ඉහළ ගියේය.

ඉන්දියාවට සිදු වූ බලපෑම

ඉන්දීය මාධ්‍ය සහ නිල වාර්තාවලට අනුව සිදු වූ හානිය මෙසේය:

• ජනතාව ඉවත් කිරීම: ආන්ද්‍රා ප්‍රදේශ්හි 30,000 කට අධික පිරිසක් සහ ඔඩිෂා ප්‍රදේශයෙන් ලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇත.

• ගුවන් ගමන් අවලංගු වීම: විජයවාඩ, තිරුපති සහ විශාකාපට්නම් ගුවන්තොටුපළවල ගුවන් ගමන් 19 කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර, චෙන්නායි ගුවන්තොටුපළෙන්ද ගුවන් ගමන් අවලංගු කෙරිණි.

• පාසල් වසා දැමීම: අවදානම් සහිත ප්‍රදේශවල පාසල් සහ විද්‍යාල කිහිපයක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.

• දේපළ හා යටිතල පහසුකම් හානි: ගස් කඩා වැටීම්, විදුලි කණු හානි වීම්, ධීවර බෝට්ටු විනාශ වීම්, විශාල ලෙස බෝග හානි සහ පහත් ප්‍රදේශ ජලයෙන් යට වීම් වාර්තා වී ඇත.

• සුළි රළ අනතුරු ඇඟවීම්: බපට්ලා, ක්‍රිෂ්ණා සහ ප්‍රකාසම් දිස්ත්‍රික්කවලට ඉහළම බලපෑමක් එල්ල වී ඇති අතර මීටර් 1-1.5 පමණ උස කුණාටු රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

• තමිල්නාඩුවට බලපෑම්: චෙන්නායි ඇතුළු උතුරු තමිල්නාඩුවේ අධික වැසි හේතුවෙන් ජල ගැලීම් ඇති වී ඇත. ‘මුරාසු’ කුණාටුවෙන් මෙතෙක් මරණ වාර්තා වී නොමැති වුවද, පෙර පැමිණි ‘අර්නාබ්’ කුණාටුවෙන් ජීවිත හානි සහ විශාල දේපළ හානි සිදු විය.

ශ්‍රී ලංකාවට ඇති කාලගුණ විපරිතය සහ බලපෑම

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනවලට අනුව, මුරාසු කුණාටුවේ සෘජු බලපෑම දිවයිනට නොවුණද, බෙංගාල බොක්කේ ප්‍රචණ්ඩතාව හේතුවෙන් මුහුදු ප්‍රදේශ සඳහා දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

රතු නිවේදන:  මන්නාරමේ සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, උතුරු අක්ෂාංශ 10°-17° සහ නැගෙනහිර දේශාංශ 80°-90° අතර මුහුදු ප්‍රදේශවලත් ධීවර හා නාවික කටයුතු සම්පූර්ණයෙන්ම වළක්වා තිබේ.

මුහුදේ ස්වභාවය:  හලාවත සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-45 දක්වා හෝ ඊට වැඩි විය හැක.

දිවයින අභ්‍යන්තර කාලගුණය: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද ( 2026 නොවැම්බර් මස 03 දින) උදෑසන 05.30 ට නිකුත්කරන ලද කාලගුණ නිවේදනයට අනුව දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති වාර්තා විමට ඉඩ තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා ඇත.

ධීවර ප්‍රජාවට සහ වෙරළබඩ ජනතාවට කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කරන නවතම නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස උපදෙස් දී ඇත.