පූනරින් මාර්ග බාධකයේදී පොලිසියට මඟහැර පැනගිය යතුරුපැදිකරුවන් දමාගිය රුපියල් කෝටි ගණනක හෙරොයින් සහ අයිස් සොයා ගැනේ!
පොලිස් නිලධාරීන් විසින් අදාළ පාර්සලය පරීක්ෂා කිරීමේදී එහි තිබී පැකට් 14 ක අසුරන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 13 ග්‍රෑම් 340 ක් සහ අයිස් (ක්‍රිස්ටල් මෙතම්පෙටමීන්) කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 62 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී තිබේ.
LSN Sri Lanka ·

කිලිනොච්චිය, පූනරින් ප්‍රදේශයේ පිහිටි මාර්ග බාධකයකදී පොලිස් අණ නොතකා පලාගිය යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් දමාගිය රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් සහ අයිස් (ක්‍රිස්ටල් මෙතම්පෙටමීන්) මත්ද්‍රව්‍ය තොගයක් පූනරින් පොලිසිය විසින් සොයාගෙන ඇත.
</p>
<p>
යාපනය - මන්නාරම මාර්ගයේ පූනරින් විදුහල ආසන්නයේ පිහිටි මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් එම මාර්ගයේ ධාවනය වූ සැකකටයුතු යතුරුපැදි දෙකකට නතර කරන ලෙස සංඥා කර තිබේ. එම අවස්ථාවේදී එක් යතුරුපැදිකරුවෙකු තමන් සතුව තිබූ පාර්සලයක් මාර්ගය අසල අතහැර දමා යතුරුපැදි දෙකම නොනවත්වා අධික වේගයෙන් පලාගොස් ඇත.
</p>
<p>
පසුව පොලිස් නිලධාරීන් විසින් අදාළ පාර්සලය පරීක්ෂා කිරීමේදී එහි තිබී පැකට් 14 ක අසුරන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 13 ග්‍රෑම් 340 ක් සහ අයිස් (ක්‍රිස්ටල් මෙතම්පෙටමීන්) කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 62 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී තිබේ.
</p>
<p>
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, පලාගිය යතුරුපැදිකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පූනරින් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.