LSN News › Sri Lanka

නුවරඑළියේ නිවසක අඟුරු ලිපක් පත්තු කර නිදාගත් අඹුසැමි යුවළක් විෂ වායුවට හසුවී මරුට!

මෙම යුවළ නුවරඑළිය මීපිලිමාන, මිහිඳුපුර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් ඉදිකිරීමේ කටයුතුවල නිරතව සිට ඇති අතර, එම ඉදිකිරීම් අවසන් වන තෙක් ඊට ආසන්නයේ පිහිටි නිවසක් තාවකාලිකව කුලී පදනම මත ලබාගෙන එහි පදිංචිව සිට තිබේ. ඔවුන් නුවරඑළියට පැමිණ ඇත්තේ මීට දින තුනකට පෙරදීය.

LSN Sri Lanka · 3 November 2026

නුවරඑළියේ නිවසක අඟුරු ලිපක් පත්තු කර නිදාගත් අඹුසැමි යුවළක් විෂ වායුවට හසුවී මරුට!

නුවරඑළිය, මීපිලිමාන ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක රැඳී සිටි අඹුසැමි යුවළක් අද (03) අලුයම විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව නුවරඑළිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක පැවසීය.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට, මතුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි නැව් කපිතාන්වරයෙකු වූ මංජුල රණතුංග දොඩම්තැන්න සහ බැලුම්ගහතැන්න, දොඩංඕවිට ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූ 49 හැවිරිදි වනිගසිංහ මුදියන්සේලාගේ දිලූකා කුමාරි වනිගසිංහ නැමැති යුවළයි.

මෙම යුවළ නුවරඑළිය මීපිලිමාන, මිහිඳුපුර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් ඉදිකිරීමේ කටයුතුවල නිරතව සිට ඇති අතර, එම ඉදිකිරීම් අවසන් වන තෙක් ඊට ආසන්නයේ පිහිටි නිවසක් තාවකාලිකව කුලී පදනම මත ලබාගෙන එහි පදිංචිව සිට තිබේ. ඔවුන් නුවරඑළියට පැමිණ ඇත්තේ මීට දින තුනකට පෙරදීය.

නුවරඑළිය ප්‍රදේශයේ පවතින අධික ශීතල හේතුවෙන් බාබිකියු උදුනක ගිනි මොළවා කාමරය තුළ තබා ගනිමින් ඔවුන් නිදන්නට ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.

අද අලුයම ඥාතීන් විසින් මොවුන්ගේ දුරකථන වෙත ඇමතුම් ලබා දුන්නද ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඒ පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කර ඇත. ඒ අනුව ග්‍රාම නිලධාරීවරයා අදාළ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී දෙදෙනාම මියගොස් සිටිනු දැක ඒ පිළිබඳ නානුඔය පොලිසියට දැනුම් දී තිබේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථාන පරීක්ෂාව සිදුකළ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් විජය වික්‍රම, මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ලවා සිදුකරන ලෙස නියෝග කළේය.