Politics · Sri Lanka Bureau
කතානායකට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය... අද විපක්ෂය පාර්ලිමේන්තුවේ ඩෙගා නැටූ හැටි!
කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් බාර දෙන ලද විශ්වාසභංග යෝජනාව එදිනට නියමිත න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබුණි. නමුත් පෙර දාක පැවති පක්ෂ නායක රැස්වීමේ දී මෙම යෝජනාව විවාදයට ගැනීම අත්හිටවූයේය. ඊට හේතුව මින් පෙර බිමල් රත්නායක සභානායකවරයා වශයෙන් පාර්ලිමේන්තුවටත් කීවේය. ආණ්ඩු පක්ෂයෙන් පක්ෂ නායක රැස්වීමේ දී පෙන්වා දී තිබුණේත් මෙම විශ්වාසභංගය ස්ථාවර නියෝගවලට පටහැනි බැවින් එය සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසය. මේ තත්ත්වය තුළ විපක්ෂය සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් දන්වා සිටියේ ආණ්ඩුවට අවශ්‍ය ලෙස තමන් විශ්වාසභංග ඉදිරිපත් කිරීමට සූදානම් නැති බවය
LSN Sri Lanka ·

අද උදේවරුව පාර්ලිමේන්තුව මහා ගාලගෝට්ටියක් ඇති කළේය. මහජන ගැලරියේ සිටි පාසල් දරුවන් ඇතුළු සියලුම දෙනා ඉවත් කළේය. අනතුරුව අප දුටුවේ දිවා ආහාරය සඳහා සභාව කල් තබන තුරුම ඇවිලී ගිය ප්‍රාථමික ගැටුමය.

සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් බාර දෙන ලද විශ්වාසභංග යෝජනාව එදිනට නියමිත න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබුණි. නමුත් පෙර දාක පැවති පක්ෂ නායක රැස්වීමේ දී මෙම යෝජනාව විවාදයට ගැනීම අත්හිටවූයේය. ඊට හේතුව මින් පෙර බිමල් රත්නායක සභානායකවරයා වශයෙන් පාර්ලිමේන්තුවටත් කීවේය. ආණ්ඩු පක්ෂයෙන් පක්ෂ නායක රැස්වීමේ දී පෙන්වා දී තිබුණේත් මෙම විශ්වාසභංගය ස්ථාවර නියෝගවලට පටහැනි බැවින් එය සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසය. මේ තත්ත්වය තුළ විපක්ෂය සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් දන්වා සිටියේ ආණ්ඩුවට අවශ්‍ය ලෙස තමන් විශ්වාසභංග ඉදිරිපත් කිරීමට සූදානම් නැති බවය.

සියල්ලන්ම අද පාර්ලිමේන්තුවට පැමිනියේ මේ තත්ත්වය අවබෝධයෙනි. මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති වන්නේ විපක්ෂ නායකවරයා සිය වරප්‍රසාද කඩ වූ බව කියමින් මතුකළ වරප්‍රසාද ප්‍රශ්නක් පාදක කරගෙනය.

සජිත්ගේ වරප්‍රසාද ප්රශ්නය
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට නොගැනීම නිසා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද දැඩි ලෙස කඩවී ඇති බවය. ස්ථාවර නියෝග අංක 29/1 සහ 29/2 ප්‍රකාරව මෙම වරප්‍රසාද ප්රශ්නය යොමු කළ බවත්, උදෑසන 9:15 ට පැමිණ එය භාර දෙන ලෙස කථානායක කාර්යාලයෙන් දැනුම් දුන් බැවින් තමන් උදෑසන 8:50 සිටම ඊට ලෑස්ති වී සිටි බවත් පැවසීය.

එහෙත් අද කථානායකවරයා පාර්ලිමේන්තු ආවේ නැත. සභාව මෙහෙයවූයේ කථානායකවරයා නොව නියෝජ්‍ය කථානායකවරයා ය.

සජිත් ප්‍රේමදාස පැවසුවේ කථානායකවරයා වෙනුවට නියෝජ්‍ය කථානායකවරයා මුලාසනයට පැමිණෙන තෙක් ඒ බව තමන් දැන නොසිටි බවය. එබැවින් නියෝජ්‍ය කථානායකවරයාට අදාළ ලේඛනය භාර දුන්නේ සභාව ආරම්භ වූ පසුව බව පැවසූ විපක්ෂ නායකවරයා, තමන්ගේ වරප්‍රසාද ප්රශ්නය සභාවට ඉදිරිපත් කිරීමට වහාම අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද මෙයට එකතු වෙමින් සභාව තුළ දැඩි ලෙස හඬ නැගූහ. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් ද මීට පෙර ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නයක් වනගත වී ඇති බවත්, මෙහිදී සබ්ජුඩිකේ (sub judice) න්‍යාය ඉදිරිපත් කරමින් විශ්වාසභංගය පැත්තකට විසි කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවත්ය.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ කථානායකවරයා ඕනෑම වෙලාවක විශ්වාසභංගයට මුහුණ දීමට ලෑස්ති බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබියදී එය නතර කරන අදෘශ්‍යමාන බලවේගය කුමක්දැයි ප්‍රශ්න කරන බවය. අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා චෝදනා කළේ කථානායකවරයා ඉල්ලා අස්වී ඇත්ද නැත්නම් විශ්වාසභංගයට උත්තර දීමට කොන්දක් නැද්ද යන්න පැහැදිලි කළ යුතු බවය. ශානක්‍යන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග 29 අනුකූලව වරප්‍රසාද ප්‍රශ්නයකට සභාවේ අනෙකුත් සියලු කටයුතුවලට වඩා ප්‍රමුඛතාව හිමිවිය යුතු බව පෙන්වා දුන්නේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගී සිටිමින්, "කථානායකට එන්න කියාපිය", "මේවට උත්තර දෙන්න කියාපිය" යනුවෙන් සටන් පාඨ කියමින්, පුවරු ප්‍රදර්ශනය කරමින් සභාවේ කටයුතුවලට දැඩි ලෙස බාධා කිරීමට පටන් ගත්හ. කලකින් නුදුටු පරිදියේ විරෝධතාවයක නිරත වූ විපක්ෂය කියා සිටියේ ස්ථාවර නියෝගවලට අනුකූලව න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති මෙම විශ්වාසභංග යෝජනාව එදිනම විවාදයට ගත යුතු බවයි.

ආණ්ඩුවේ පැහැදිලි කිරිම

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කරුණු පැහැදිලි කළ නියෝජිතයන් පෙන්වා දුන්නේ අදාළ විශ්වාසභංග යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කළේ ද ආණ්ඩු පක්ෂයේ අනුමැතියෙන් බවය. නමුත් එම යෝජනාව සකස් කිරීමේදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට පටහැනිව අධිකරණයේ දැනට විභාග වන නඩුකර පිළිබඳ කරුණු (sub judice) ඊට ඇතුළත් කර ඇති බවත්, ඒ බව පක්ෂ නායක රැස්වීමේදී දැනුම් දී ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි එය සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි බවත්ය. විපක්ෂ නායකවරයා ඊට එකඟ වූ බවද ආණ්ඩු පක්ෂය පැවසීය.

සභාවේ මුලාසනය හෙබවූ නියෝජ්‍ය කථානායකවරයා සභාව පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත විය.

විපක්ෂ නායකවරයා තමා වෙත මෙම වරප්‍රසාද නිවේදනය ලබා දුන්නේ සභා ගර්භයට පැමිණි පසුව බැවින්, එය අධ්‍යයනය කිරීමට තමාට කිසිදු වේලාවක් නොලැබුණු බව නියෝජ්‍ය කථානායකවරයා අවධාරණය කළේය. තමන් රොබෝවරයෙකු නොවන බවත්, එබැවින් මෙම ලේඛනය සලකා බලා එදිනම පසුව හෝ ඊළඟ දිනයේදී ඒ පිළිබඳව සභාව දැනුවත් කරන බවත් පැවසූ ඔහු, න්‍යාය පත්‍රයට අනුව සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාමට උත්සාහ කළේය. මේ මොහොතේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා යෝජනා කළේ සභාව විනාඩි 10-15 කට කල් තබා නියෝජ්‍ය කථානායකවරයාට මෙම ලේඛනය අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

සභාව තුළ විපක්ෂයේ ඝෝෂාව දිගින් දිගටම පැවැති අතරතුර, ආණ්ඩු පක්ෂයේ තනුර දිසානායක මන්ත්‍රීවරයා විසින් න්‍යාය පත්‍රයේ අංක 03 යටතේ වූ වැදගත් යෝජනාවක් සභාවට ඉදිරිපත් කළේය. ඒ, 1983 කළු ජූලි ඛේදනීය සිදුවීම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කර වාර්තා කිරීමටත්, ජාතික සහජීවනය ඇති කිරීම සහ පීඩාවට පත් පිරිස් වෙත සහන සැලසීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවය.

දශක ගණනාවක් තිස්සේ රට ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් ආපස්සට ඇද දැමූ, දහස් ගණනකගේ ජීවිත හා දේපළ අහිමි කළ එම ඛේදවාචකයේ හේතු සාධක සෙවීමටත්, අනාගතයේදී එවැනි ජාතිවාදී සිදුවීම් වැළැක්වීමට ශක්තිමත් නීතිමය හා සමාජීය යාන්ත්‍රණයක් සකස් කිරීමටත් මෙම කාරක සභාව අත්‍යවශ්‍ය බව ඔහු පැහැදිලි කළේය.
සාමාජිකයන් 12 දෙනෙකුගෙන් නොවැඩි මෙම කාරක සභාවේ වාර්තාව මාස 6 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බවට වූ යෝජනාව භාග්‍ය ශ්‍රී හේරත් මන්ත්‍රීවරයා විසින් ස්ථීර කරන ලදී. මෙවැනි සංවේදී හා ජාතික සමගියට වැදගත් යෝජනාවකට විපක්ෂය බාධා කිරීම පිළිබඳව ආණ්ඩු පක්ෂය සිය කණගාටුව පළ කළේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස සහ සුනිල් වටගල ඉදිරිපත් කළ ප්‍රධාන තර්ක

විපක්ෂයේ අඛණ්ඩ බාධා කිරීම් හමුවේ නැගී සිටි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස සහ සුනිල් වටගල මන්ත්‍රීවරයා විපක්ෂයේ හැසිරීම දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රධාන තර්ක කිහිපයක් සභාව හමුවේ තැබූහ:

ස්ථාවර නියෝග සහ විශ්වාසභංගයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ තර්කය: -ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් පෙන්වා දුන්නේ මෙම විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර ඇත්තේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට සම්පූර්ණයෙන්ම පටහැනිව බවය. අධිකරණය හමුවේ විභාග වන කරුණු (sub judice) විශ්වාසභංගයකට ඇතුළත් කළ නොහැකි බවත්, නීති උපදෙස් නිසි ලෙස ලබා නොගෙන ඉදිරිපත් කළ මෙවැනි රීති විරෝධී යෝජනාවකට පාර්ලිමේන්තුවේ කාලය යට කළ නොහැකි බවත් ඔවුහු පැවසූහ.

ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි නිවැරදිව විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට මුහුණ දී සභාව තුළදී එය අනිවාර්යයෙන්ම පරාජයට පත් කිරීමට ආණ්ඩුව සූදානම් බවද නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.

විපක්ෂයේ බිය සහ නඩු විභාගවලට මුහුණ දීමේ අර්බුදය: - විපක්ෂයේ මෙම ඝෝෂාකාරී විරෝධතාව පිටුපස ඇත්තේ රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ ඇති වී තිබෙන බිය බව ආණ්ඩු පක්ෂය තර්ක කළේය. අල්ලස් කොමිසම සහ අධිකරණය හමුවේ විපක්ෂයේ ප්‍රධානීන් රැසකට එරෙහිව නඩු විභාග ආරම්භ වී ඇති බවත්, ඇතැමුන් රිමාන්ඩ් භාරයට පවා පත්ව ඇති බවත් පෙන්වා දුන් සුනිල් වටගල, අධිකරණ හමුවේ ඇති මෙම චෝදනාවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට විපක්ෂය උත්සාහ කරන බව කියා සිටියේය. විපක්ෂ මන්ත්‍රීවරුන් "හොරා" යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කිරීම තුළින් සිදු වන්නේ තමන්ම දූෂිතයන් බවට ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය වීම බවද ඔවුහු පැවසූහ.

විපක්ෂයේ අභ්‍යන්තර බලග්‍රහණය සහ සංදර්ශනකාරී හැසිරීම (Show): -මෙය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කෙරෙන විරෝධතාවයක් නොව විපක්ෂයේ අභ්‍යන්තර බලපොරොත්තුවක් බව නලින්ද ජයතිස්ස චෝදනා කළේය. විපක්ෂ නායකවරයාට තමන්ගේ කණ්ඩායම පාලනය කර ගැනීමට නොහැකි වී ඇති අතර, විපක්ෂ නායකකම ලබා ගැනීමේ අරමුණින් දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මෙහෙයවන "ෂෝ එකකට" අන් අය අසුවී ඇති බවය. තවද, මෙම නොසන්සුන්කාරී හැසිරීම් හේතුවෙන් පාර්ලිමේන්තු මහජන ගැලරියට පැමිණි පාසල් දරුවන්ට පවා පිටවී යාමට සිදු වූ බවත්, අතීතයේ පැවැති "මිරිස් කුඩු ප්‍රහාර" සංස්කෘතියේම දිගුවක් ලෙස මෙම ශෝචනීය තත්ත්වය ක්‍රියාත්මක වන බවත් සුනිල් වටගල කියා සිටියේය.

ජාතික හා ආර්ථික ප්‍රගතිය කඩාකප්පල් කිරීමේ උත්සාහය- කළු ජූලිය පිළිබඳ තේරීම් කාරක සභාවක් පත් කිරීම වැනි ඓතිහාසික හා සංවේදී කටයුත්තකට බාධා කිරීම පිටුපස එකල පැවැති පාලකයන්ගේ දෙවන පරම්පරාව සිටින බවට ආණ්ඩු පක්ෂය චෝදනා කළේය. එපමණක් නොව, කඩාවැටුණු රටේ ආර්ථිකය නැවත ගොඩනැගීම, අපනයන ආදායම්, සංචාරක ඉපැයීම් සහ විදේශ ප්‍රේෂණ ඉහළ නැංවීම වැනි රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳ කෙරෙන විවාදයන් මගහැරීමට විපක්ෂය මෙලෙස කෑගසන බවත්, විපක්ෂයේ මෙවැනි ඡන්ද සංදර්ශන හමුවේ ආණ්ඩුව හෝ රට ඉදිරියට යන ගමන නතර නොකරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් අවධාරණය කළේය.

අවසානයේදී, නියෝජ්‍ය කථානායකවරයාට සභාව හසුරුවා ගැනීමට නොහැකි තරමට දෙපාර්ශ්වය අතර චෝදනා, තර්ක විතර්ක සහ ඝෝෂාකාරී විරෝධතා හුවමාරු වූ අතර, පාර්ලිමේන්තු සභා ගැබ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක පවතිද්දීම සභාවේ කටයුතු පවත්වාගෙන යාමට මුලාසනය පියවර ගත්තේය. දිවා ආහාරය සඳහා සභාවේ කටයුතු අත්හිටුවන තුරු මේ ඝෝෂාව ඒ ආකාරයෙන්ම තිබිණි.