අද ප්‍රකාශිත කැබිනට් තිරණ මෙන්න...
රට තුළ තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම, රාජ්‍ය සේවා සැපයීම නවීකරණය කිරීම සහ අධ්‍යාපන, සංචාරක හා නාගරික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් යෝජනා රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව A9 මාර්ගයේ වවුනියාව කොටස පුළුල් කිරීම, දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය, රත්ගම නගරයේ ජලාපවහන පද්ධතිය සංවර්ධනය මෙන්ම වලපනේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මීට අමතරව, වකුගඩු රෝගීන්ට අවශ්‍ය රුධිර කාන්දුකරණ බෑග් සහ අත්‍යවශ්‍ය දිලීර නාශක ඖෂධ සපයා ගැනීමටත්, සාම්පූර්, කප්පල්තුරෙයි හා කොලොන්නාව බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, පොකුරු බෝම්බ තහනම් කිරීමේ නව පනත් කෙටුම්පත සකස් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
LSN Sri Lanka ·

01. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. හරිත සංක්‍රාන්ති මුල පිරීම සහ දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන වෙළෙඳ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර තිරසර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම, වෙළෙඳ කටයුතු හා සම්බන්ධ ආයතනික ධාරිතාවන් වැඩිදියුණු කිරීම සහ යුරෝපා සංගමයේ වෙළෙඳපොළ වෙත ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම ප්‍රවර්ධනය කිරීම පිණිස ශ්‍රී ලංකාව දරන ප්රයත්නයන්ට සහාය වීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් අපේක්ෂා කෙරේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් වසර 04ක කාලසීමාවක් තුළ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යුරෝ මිලියන 10ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා වන මූල්‍ය ප්‍රදාන ගිවිසුම යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

02. අසර්බයිජානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය සේවා සැපයීමේ නවීන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම

2026 නොවැම්බර් මාසයේ 05 සහ 06 යන දිනවල අසර්බයිජානයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පාලන ක්‍රම නවීකරණ සම්මේලනයට සමගාමීව අසර්බයිජානයේ රාජ්‍ය සේවා හා සමාජ නවෝත්පාදන සඳහා වූ රාජ්‍ය ආයතනය සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අතර රාජ්‍ය සේවා සැපයීම නවීකරණය කිරීමේ ක්ෂේත්රය තුළ සහයෝගිතාවක් ඇති කර ගැනීම පිළිබඳවවන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. අදාළ ක්ෂේත්රයන්හි පුහුණු වැඩසටහන්, සීමාවාසික පුහුණු පැවැත්වීම හා ඒ සඳහා පහසුකම් සැපයීම, ගුණාත්මක හා ඵලදායී සේවා සැපයීම තහවුරු කිරීම පිණිස අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ සේවා තක්සේරු සිදු කිරීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීම එම අවබෝධතා ගිවිසුම මගින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, වසර 03ක කාලයකට වලංගු වන පරිදි යෝජිත අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

03. යාපනය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨය සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදි කිරීම

යාපනය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨය සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-09-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 08ක් ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Central Engineering Services (Pvt) Ltd වෙත රුපියල් මිලියන 2,025.73ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

04. හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය, සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම

සොබාදහම කේන්ද්‍ර කරගත් සහ ඓතිහාසික උරුම හුවා දක්වන සංචාරක ගමනාන්ත සංවර්ධන වැඩසටහනක් වශයෙන් බස්නාහිර පළාතේ වෙරළ හා මුහුද ආශ්රිත හැමිල්ටන් ඇළ, මීගමු කලපුව ඇතුළු ජලාශ්‍රිත පරිසරය සඳහා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ, බස්නාහිර පළාත් සභාව විසින් කින්(ග්)ස් අයිලන්ඩ් වැටියේ (මීගමුව කලපුව) සිට මා ඔය මෝය කට දක්වා හැමිල්ටන් ඇළ සංවර්ධනය කර සංචාරක කර්මාන්තයට යොදා ගැනීම අරමුණු කරගෙන ව්‍යාපෘති වාර්තාවක් සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, රුපියල් මිලියන 700ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් උපයෝගීනය කරමින් ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා; සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

05. මහනුවර-යාපනය මාර්ගයේ (A9) වවුනියාව නගරය ආශ්රිත මාර්ග කොටස පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම

ජාතික මහාමාර්ග පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මහනුවර-යාපනය මාර්ගයේ (A9) වවුනියාව නගරය හරහා දිවෙන කිලෝමීටර 176+000 සිට කිලෝමීටර 179+000 දක්වා වන කිලෝමීටර 3ක දිගින් යුත් මාර්ග කොටස පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 07ක් ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Kanwel Constructions & Civil Engineering (Pvt) Ltd වෙත රුපියල් මිලියන 1,318.3ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

06. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් මාර්ග යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති මාර්ග කොටස් කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, පහත සඳහන් පරිදි සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන්ට එකී කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

07. රත්ගම නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ඉඩම් සංවර්ධනය සහ ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

දකුණු පළාතේ සංචාරක ආකර්ෂණයෙන් යුත් ගාල්ල සහ හික්කඩුව යන නගර අතර පිහිටි සේවා නගරය ලෙස සැලකෙන රත්ගම නගරය අවට, නිසි පරිදි නිර්මාණය කළ ජලාපවහන පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් මාර්ග හා ආශ්රිත ප්‍රදේශ වසරකට කිහිප වතාවක් ගංවතුර තර්ජනයට/ආපදාවට ලක් වේ. එම ගැටලුවට විසඳුමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් රත්ගම නව නගරය සංවර්ධනය සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. එම නගර සංවර්ධන ව්‍යාපෘතියේ සැලසුම්වලට අනුව අදාළ ඉඩම් සංවර්ධනය හා ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින්, රුපියල් මිලියන 3,380.22ක (එකතු කළ අගය මත බදු සහිත) ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ, 2027-2029 කාලසීමාව තුළදී පහත සංරචකවලින් යුතුව ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

•රත්ගම-දොඩන්දූව මාර්ගය හා විජේරත්න මාර්ගය අතර පිහිටි, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් අත්කර ගෙන ඇති අක්කර 24.5ක් පමණ වන (වගා කටයුතු සිදු නොකර අත්හැර දමා තිබෙන) වෙල්යායෙහි අක්කර 13ක පමණ භූමි ප්‍රදේශයක් තුළ ජල තടാකයක් හා ජල රැඳවුම් ප්‍රදේශ නිර්මාණය කිරීම සහ ඉතිරි ඉඩම් කොටස් සංවර්ධනය කිරීම.

•එම අක්කර 24.5ක පමණ වෙල්යායට පහළ කොටසේ අක්කර 1.5ක පමණ භූමි ප්‍රමාණයක් අත්කර ගනිමින් අතිරික්ත වැසි ජලය නිසි ලෙස රත්ගම කලපුව වෙත යොමු කිරීම සඳහා ඇළ මාර්ග සංවර්ධනය කිරීම, නඩත්තු ප්‍රවේශ මාර්ගය ඉදි කිරීම, ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීම සහ ඉතිරි ඉඩම් කොටස් සංවර්ධනය කිරීම.

08. වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා භාවිත කරනු ලබන ඖෂධ සහිත බෑග් 1,100,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය

තීව්ර හෝ දීර්ඝකාලීන වකුගඩු අක්‍රියතාවයෙන් පෙළෙන, රුධිර කාන්දුකරණයට භාජනය වන රෝගීන්ගේ ශරීරයෙන් අපද්‍රව්‍ය සහ අතිරික්ත දියර ඉවත් කිරීම සඳහා භාවිත කරනු ලබන ඖෂධ සහිත බෑග් 1,100,000ක් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු දෙකක් (02) ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ Infuxion Lanka (Private) Limited, (Manufacturer: Peritone Health SDN BHD, Malaysia) වෙත, රුපියල් මිලියන 990ක මුදලකට එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

09. ලයිපොසෝමාල් වර්ගයේ ඇම්ෆොටෙරිසින් බී වයල් මිලිග්‍රෑම් 50න් වයල් 54,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය

ක්‍රිප්ටොකොකල් මෙනින්ජයිටීස් (Cryptococcal meningitis) සහ අන්තරංග ලිෂ්මේනියාසස් (Visceral leishmaniasis) ඇතුළු ජීවිත අවදානමක් ඇති කරන දිලීර ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන ලයිපොසෝමාල් වර්ගයේ ඇම්ෆොටෙරිසින් බී වයල් මිලිග්‍රෑම් 50න් වයල් 54,000ක් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු තුනක් (03) ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඉන්දියාවේ Gufic Biosciences Ltd., (Manufacturer: Gufic Biosciences Ltd., India) වෙත මුළු පිරිවැය හා ගැල් කුලී මිල (ගුවන්) ඇමෙරිකානු ඩොලර් 702,000/-ක මුදලකට එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

10. වලපනේ නව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම

පූර්ව කොන්ත්‍රාත්කරු විසින් අතරමග වැඩ නවතා තිබූ, වලපනේ නව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 06ක් ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, වලපනේ නව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 554.47ක මුදලකට (එකතු කළ අගය මත බදු සහ අවිනිශ්චිත වියදම් රහිත) නවලෝක කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගම වෙත පිරිනැමීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

11. සාම්පූර්-කප්පල්තුරෙයි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

ප්රශස්ත විදුලිබල පද්ධති කාර්යක්ෂමතාවක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සම්ප්‍රේෂණ පද්ධති සවිබලගැන්වීම පිණිස, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ මූල්‍ය පහසුකම් ලබා ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන සාම්පූර්-කප්පල්තුරෙයි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සාම්පූර් කිලෝවෝල්ට් 220(132)/33 සූර්ය බලශක්ති ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ කප්පල්තුරෙයි කිලෝවෝල්ට් 220(132)/33 සූර්ය බලශක්ති ග්‍රිඩ් උපපොළ විශාල කිරීම සඳහා 2025-12-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 06ක් ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Joint Venture of Ceylex Engineering (Pvt.) Ltd and Xingneng Electric Power Construction Co. Ltd. වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 4.15ක, යුරෝ මිලියන 0.78ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,096.08ක මුදලකට (බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

12. මෙගාවොට් 100/මෙගාවොට් පැය 100 බැටරි බලශක්ති ගබඩා පද්ධති සංවර්ධනය කිරීම සඳහා කොලොන්නාව ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම

දිගුකාලීන විදුලි ජනන පුළුල් කිරීමේ සැලසුම්වලට අනුකූලව, ශ්‍රී ලංකාවේ ප්‍රථම උපයෝගිතා පරිමාණයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) කොලොන්නාව ග්‍රිඩ් උපපොළෙහි ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුව විසින් යොපනු ලබන අරමුදල් යොදා ගනිමින් විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමේ සහ පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 100/මෙගාවොට් පැය 100 බැටරි බලශක්ති ගබඩා පද්ධති සංවර්ධනය කිරීම සඳහා කොලොන්නාව ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම පිණිස 2024-09-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන, Joint Venture of Ceylex Engineering (Pvt.) Ltd and Xingneng Electric Power Construction Co. Ltd. වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 1.27ක, යුරෝ මිලියන 2.61ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 555.13ක මුදලකට (බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

13. පොකුරු බෝම්බ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම් බලාත්මක කිරීම සඳහා නීතිමය විධිවිධාන සැලැස්වීම

ශ්‍රී ලංකාව විසින් 2018-02-28 දින පොකුරු බෝම්බ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියට (ඔස්ලෝ සම්මුතිය) අත්සන් තබා තිබේ. එම සම්මුතිය යටතේ වන බැඳීම් මෙරට බලාත්මක කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත් කිරීම පිණිස 2019-03-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පොකුරු බෝම්බ තහනම් කිරීමේ මූලික පනත් කෙටුම්පතට අවස්ථා ගණනාවකදී යෝජනා කරනු ලැබ ඇති සංශෝධන ඇතුළත් කරමින් එම පනත් කෙටුම්පත යාවත්කාලීන කරනු ලැබ තිබේ. එකී පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම සඳහා මේ වන විට හඳුනා ගනු ලැබ ඇති නව සංශෝධන ද ඇතුළත් කරමින් පොකුරු බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා වර්තමාන රජයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.