'අපි අතර හොරු නැතැ'යි මින්පසු කියන්න එපා - කථානායකට එරෙහි විශ්වාසභංග විවාදයේ දී දයාසිරි ආණ්ඩුවට කියයි!
මින් පසු මාලිමා ආණ්ඩුවේ හොරු නැතැයි නොකියන ලෙස දයාසිරි කීවේය. මෙවැනි පුද්ගලයෙක් කථානායක පුටුවේ ඉන්දවීම පිළිබඳ ලජ්ජා විය යුතු බව ඔහු පැවසුවේය.
LSN Sri Lanka ·
කථානායකවරයාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට ඉඩ නොදී ආණ්ඩුව එය මඟහරින බවට චෝදනා කරමින්, මින්පසු “අපි අතර හොරු නැතැ” යි ප්‍රකාශ නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද ආණ්ඩුවට කීවේය.

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය හෝ පාර්ලිමේන්තු බාධාවක් නොතිබූ බව කී මන්ත්‍රීවරයා, අධිකරණය හමුවේ පවතින කරුණක් (Sub judice) යැයි පවසමින් ආණ්ඩුව මෙම විශ්වාසභංගය වැළැක්වීමට උත්සාහ කරන බව පැවසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙසේය:

"කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට අද කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. Sub judice (සබ් ජුඩිසේ) කියන්නේ කුමක්දැයි නොදන්නා නීතිඥවරුන් පිරිසක් ඉන්නවා. Sub judice යනු කුමක්දැයි නිවැරදිව අවබෝධ කරගැනීමට පෙර එය අදාළ වන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුයි.

සාමාන්‍යයෙන් ඇපීල් කෝට් (Appeal Court) එකේ අපි නෝටිස් ඉෂූ (Notice issue) කරන්නේ නැතුව, කාරණයක් කතා වෙනවා නම් ඒක Sub judice නෙමෙයි. ඒ කියන්නේ තාම විනිශ්චයකාරවරු නඩුව අහන්න තීරණය කරලා නැහැ. නඩුව අහන්න කලින් ඒගොල්ලෝ කියන්නේ prima facie කේස් එකක් තියෙනවාද කියලා බලන්න කියලයි.

නමුත් උගත් නීතිඥයෙක් යැයි කියාගන්නා අයෙක් ඇවිත් කියනවා මේක ගන්න බැහැ කියලා. අපේ ලේකම් මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්තුමා හිටපු විනිශ්චයකාරවරයෙක්. එතුමා දන්න ප්‍රමාණය ඔය අය දන්නවාද?. ඒ නිලධාරියාට තර්ජනය කරලා 'ඔයා කොහොමද එහෙම දන්නේ, අපි කියන එක කරන්න' කියලා. අඩු තරමේ මේ ගැන නීතිපතිගෙන්වත් ඇහුවේ නැහැ. නීතිපතිගෙන් අහලා කිව්වා නම් කමක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ දාන තර්ජන මෙහෙ දාන්න එන්න එපා. මේක පාර්ලිමේන්තුව. ඒ තර්ජන හමුවේ තමයි විශ්වාසභංගය විවාදයට ගැනීම නැවැත්තුවේ.

මීට කලින් උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංගය ගේන වෙලාවේ අධිකරණ ගණනක නඩු තිබුණා. හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට එරෙහිව විශ්වාසභංගය ගෙනාපු වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 7කට වැඩිය තිබුණා. ඒ නඩුවලට Leave to proceed දීලයි තිබුණේ. ඒ කියන්නේ නඩුව අහන්න තීරණය කරලා, නෝටිස් ඉෂූ කරලයි තිබුණේ.

නමුත් චමින්ද කුලරත්න ඉදිරිපත් කර තිබෙන CA/Writ/109/2026 නඩුවේ තාම නෝටිස් ඉෂූ කරලවත් නැහැ. තාම නඩුවක් තියෙනවාද කියලා කරුණු දක්වන්න විතරයි කියලා තියෙන්නේ. මහේස්ත්‍රාත් අධිකරණයේ විතරක් වැඩ කරලා, ඇපීල් කෝට් එකේවත් සුප්‍රීම් කෝට් එකේවත් වැඩ නොකරපු පඩිපෙළේ හිටපු කට්ටියට මේවා තේරෙන්නේ නැහැ.

එහෙම තියෙද්දී අද එකක් අල්ලගෙන මේක ක්‍රියාත්මක කරන්න හදනවා. තමුන්නාන්සේලා මේකට මුහුණ දෙන්න එන්නේ නැහැ. මොකද මේකේ තියෙන හොරකම් ටික බැලුවොත් විශාල හොරකම් ප්‍රමාණයක් තියෙන්නේ.

මෙතන විශාල චෝදනා සංඛ්‍යාවක් තිබෙනවා. තොරතුරු ඉල්ලා සිටීමට වැඩකරපු එකට තොරතුරු ටික ලබා දීලා නැහැ. කථානායක තමයි ඒකට මැදිහත් වෙලා තියෙන්නේ.

කැබිනට් අමාත්‍යවරයෙකුට සමාන වාහන ඉන්ධන ලබාගන්නා අතරතුර ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීගේ තෙල් ටිකත් ගහගෙන තියෙනවා. උපරිම ඉන්ධන ලීටර 900ට අමතරවත් අරන් තිබෙනවා. ඊට අමතරව WP NC 4920 දරන වෑන් රථය තමන්ගේ පුද්ගලික පරිහරණයට භාවිතා කරමින් මාස 6කට අධික කාලයක් තිස්සේ ඒකටත් ඉන්ධන ගහලා තියෙනවා. අපේ විපක්ෂයේ කෙනෙක් රුපියල් ලක්ෂ 3ක් කළා නම් අවුරුදු 7කට හිරේ දානවා.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී විදිහට මාසෙකට තව ලීටර 568ක් අරන් තියෙනවා. රුපියල් ලක්ෂ 20කට වැඩිය චෝදනා තියෙනවා. නීති විරෝධී ආකාරයෙන් මාධ්‍ය අංශයට සතු කැමරා ඇතුළු උපකරණ ඔක්කොම අරගෙන තියෙනවා.

ඊට පස්සේ අගමැතිනිය ලව්වා යෝජනාවක් දාගෙන මේක සෙට්ල් කරගන්න හැදුවා. නමුත් අගමැතිනිය කිව්වා 'මට නම් ඕවා ගේන්න එපා, මම හොර වැඩවලට අතගහන්නේ නැහැ' කියලා. දැන් ඒකෙන් බැක්ඩේට් කරන්නත් බැහැ.

ඊළඟට රම්‍ය, සුරම්‍ය, සුභ කියලා ගෙවල් තුනක් තියෙනවා. කථානායක නිල නිවසේ සේවකයෝ 8 දෙනෙක් දාගෙන ඉන්න අතරේ, එතුමාගේ නොතාරිස් ව්‍යාපාරයේ වැඩට තව ගෙදරක් අරන් තියෙනවා. එයාගේ ලේකම්ටත් තව එකක් අරන් දීලා තියෙනවා. මෙහෙම කරන්නේ කොහොමද?

මෙච්චර චෝදනා තියාගෙන මේ වගේ කෙනෙක් මෙතන තියාගෙන ඉන්න එක ගැන තමුන්නාන්සේලා ලැජ්ජා විය යුතුයි. එහෙම තියාගෙන තමුන්නාන්සේලා 'අපි අතර හොරු නැහැ' කියන්නේ කොහොමද?" දයාසිරි ඇසුවේය.