පාර්ලිමේන්තුව තියන්නෙ දවසකට රුපියල් කෝටියක් වියදම් කරලා... ඒක උදේට උදේට නිවුස්වල යන්න විකාර නටන තැනක් නෙවෙයි! පිස්සු කෙලින්නේ නැතිව හරියට විශ්වාස භංගය ගේන්න.. ලක්මාලී විපක්ෂයට කියයි!
අද මේ පාර්ලිමේන්තු සභාගර්භයේ පරම සත්‍ය වගේ කතා කරපු කරුණු පාර්ලිමේන්තුවේ වැඩ තහනම් කරන ලද නිලධාරියෙක් විසින් ඒ නිලධාරියා මූලාශ්‍රය කරගෙන ඉදිරිපත් කරපු දේවල්. මේ කරුණු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් තාම විමර්ශනය කරලා ඉවර නෑ. අභියාචනාධිකරණය විසින් මෙය සලකා අවසන් කරත් නෑ. මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගන්න නම්, පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න නම්, අප පාර්ලිමේන්තු කටයුතුවල සීමාව දැනගත යුතුයි.
LSN Sri Lanka ·

පාර්ලිමේන්තුවේ සේවය කරමින් සිටියදී දූෂණ චෝදනාවලට ලක්ව දැනට වැඩ තහනමකට ලක්ව සිටින නිලධාරියෙකු විසින් කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට යොමු කළ, විභාග නොවූ මෙන්ම අධිකරණයක් හමුවේ තහවුරු නොකළ කරුණු මූලාශ්‍ර කරගනිමින් විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ කිසිදු සාධනීය පදනමක් නැති බවත්, එහි එකම අරමුණ කථානායකවරයාට මඩ ගැසීම පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවාය.

පූර්වයේ සිටි කථානායකවරුන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවන්හි පැවති පරිදි පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වයට අදාළ කිසිදු හරවත් කරුණක් මෙම යෝජනාවට ඇතුළත් කර නොමැති බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය, අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින කරුණු ඉවත් කර නිවැරදිව ඉදිරිපත් කරන්නේ නම් මෙම විශ්වාසභංගය විවාදයට ගැනීමට රජය සූදානම් බවද සඳහන් කළාය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය:

"කථානායකවරයාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට ආණ්ඩු පක්ෂය ඉඩ දෙන්නේ නැති බවට විපක්ෂය කරන චෝදනාව ගැන දීර්ඝ ලෙස කතා කළ යුතුයි. ව්‍යවස්ථාව හෝ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කථානායකවරයෙකු විශ්වාසභංගයකින් ඉවත් කිරීම කියන්නේ ස්ථාවර කරුණක් නෙවෙයි.

පාර්ලිමේන්තු සංයුතිය අනුව බලන විටත් මෙම විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමේ අරමුණින් ගෙන ආ එකක් නෙවෙයි. මෙහි එකම අරමුණ කථානායකවරයාට එරෙහිව යම් තොරතුරු ප්‍රමාණයක් සමාජගත කිරීම සහ මාධ්‍ය තුළ ඊට ප්‍රචාරණයක් ලබාගැනීම පමණයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද කියන්නේ අපිට අපි ගැන කතා කර කර ඉන්නවත්, එහෙම නැත්නම් එකිනෙකාට මඩ ගහන්නවත් ලබා දීලා තියෙන අයිතිවාසිකමක් නෙවෙයි. පාර්ලිමේන්තු වරප්‍රසාද කියලා කියන්නේ මහජනතාව වෙනුවෙන්, මහජනතාවගේ පොදු යහපත වෙනුවෙන් අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීම සඳහා ලබා දීලා තියෙන වරප්‍රසාදයක්.

මෙම විශ්වාසභංගයේ සියලු කරුණුවල මූලාශ්‍රය වී තිබෙන්නේ, කථානායකවරයා ඇතුළු මණ්ඩලයක් විසින් ගන්නා ලද තීරණයක් නිසා වැඩ තහනමකට ලක්ව සිටින නිලධාරියෙකු විසින් අල්ලස් හෝ දූෂණ කොමිසමට කළ පැමිණිල්ලකුයි. ඔහු විසින් අභියාචනාධිකරණයටත් නඩුවක් දාලා තියෙනවා ඔහුගේ වැඩ තහනම් කිරීම නීති විරෝධියි කියලා ප්‍රකාශ කරන ලෙසට.

අද මේ පාර්ලිමේන්තු සභාගර්භයේ පරම සත්‍ය වගේ කතා කරපු කරුණු පාර්ලිමේන්තුවේ වැඩ තහනම් කරන ලද නිලධාරියෙක් විසින් ඒ නිලධාරියා මූලාශ්‍රය කරගෙන ඉදිරිපත් කරපු දේවල්. මේ කරුණු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් තාම විමර්ශනය කරලා ඉවර නෑ. අභියාචනාධිකරණය විසින් මෙය සලකා අවසන් කරත් නෑ.

මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගන්න නම්, පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න නම්, අප පාර්ලිමේන්තු කටයුතුවල සීමාව දැනගත යුතුයි. විමර්ශන ආයතනයක් හෝ අධිකරණයක් විසින් තහවුරු නොකරන ලද කරුණු පාර්ලිමේන්තු විවාදයකදී ඉදිරිපත් කරමින් කථානායකවරයා අපහසුතාවයට පත් කිරීමට සහ අධිකරණ ක්‍රියාවලියට අනවශ්‍ය බලපෑමක් කිරීමට උත්සාහ කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි.

අධිකරණයේ කරුණුවත්, අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව කරන්න ඕන වැඩවත් පාර්ලිමේන්තුව කරන්න අවශ්‍යතාවයක් නැහැ.

ස්ථාවර නියෝග 91 'ඊ' අනුව අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින හෝ තීන්දුවක් දීමට නියමිතව තිබෙන යම් කාරණයක් පිළිබඳව සභාගර්භයේදී සඳහන් කළ නොහැකියි. කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට රජයේ කිසිදු විරුද්ධත්වයක් නැහැ. ආණ්ඩු පක්ෂය විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ අධිකරණය හමුවේ පවතින කරුණු මෙම විශ්වාසභංගයෙන් ඉවත් කරන ලෙස පමණයි.

මේක මඩ අවලාද සමාජ ගත කරන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න හැදුව පළමු වතාව නෙමෙයි. මම හිතන්නේ රුපියල් මිලියන 10කට වඩා වැය වෙනවා මේ පාර්ලිමේන්තුව දවසකට පවත්වන්න. එතෙන්ට දවසකට ඒ ඒ එවැනි වියදමක් දරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා එක එක්කෙනාට මඩ ගගහා ඉන්නවා. මොකටද පාර්ලිමේන්තුවට එන්නේ?

පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව මීට ඉස්සෙල්ලා කථානායකවරුන්ට එරෙහිව පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කරනු ලැබූ ආකාරයට ඕනෑම විශ්වාසභංගයක් ගේන්න.

මීට පෙර 1963දී ආර්. එස්. පැල්පොලට, 1981දී එම්. ඒ. බාකීර් මාකර්ටත් , 1992දී එම්. එච්. මොහොමඩ්ට සහ පසුගිය කාලයේ මහින්ද යාපා අබේවර්ධන යන හිටපු කථානායකවරුන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනා සියල්ලම සෘජුවම පාර්ලිමේන්තුවේ කාර්යභාරයට සහ කථානායකවරයාගේ ක්‍රියාකාරීත්වයට අදාළ ඒවායි.

අධිකරණයේ හෝ විමර්ශන ආයතනවල කාර්යභාරය කිරීමට පාර්ලිමේන්තුවට බලයක් නැහැ. පාර්ලිමේන්තුව යනු මහජන ස්වාධිපත්‍යය නියෝජනය වන ස්ථානයක් මිස උදේට උදේට නිවුස්වල යන්න විකාර නටන ස්ථානයක් නෙවෙයි.

එමනිසා නිවැරදි ආකාරයට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ නම් මේ සතිය තුළම ඊට අදාළ විවාදය පැවැත්වීමට ඉඩකඩ පවතිනවා". මන්ත්‍රීවරිය කීවාය.