රජයේ ඉඩම් කොපමණදැයි ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව දන්නේ නෑ – මිලියන 208ක් වැය කළ දත්ත පද්ධතියත් අසාර්ථකයි!
එම වාර්තාවට අනුව රජයට අයත් බදු දී ඇති ඉඩම්, තවදුරටත් බදු දීමට ඇති ඉඩම්, සංවර්ධන කටයුතු සඳහා යොදාගත හැකි නමුත් දැනට නිශ්ක්රියව පවතින ඉඩම්, නිසි බදු අනුමැතියක් නොමැති ඉඩම්, තක්සේරු වාර්තා හා මැනීම් කටයුතු සිදුකර නොමැති ඉඩම් මෙන්ම විවිධ පුද්ගලයන් විසින් අනවසරයෙන් අල්ලාගෙන ඇති ඉඩම් පිළිබඳ නිශ්චිත හා යාවත්කාලීන වූ තොරතුරු ලේඛනයක් දෙපාර්තමේන්තුව සතුව නොමැත.
LSN Sri Lanka ·

දිවයින පුරා පිහිටි රජයේ අයිතිය සහිත ඉඩම් ප්රමාණය කොපමණදැයි හඳුනාගෙන නිසි ඉඩම් ලේඛන සකස් කිරීමට ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.
</p>
<p>
එම වාර්තාවට අනුව රජයට අයත් බදු දී ඇති ඉඩම්, තවදුරටත් බදු දීමට ඇති ඉඩම්, සංවර්ධන කටයුතු සඳහා යොදාගත හැකි නමුත් දැනට නිශ්ක්රියව පවතින ඉඩම්, නිසි බදු අනුමැතියක් නොමැති ඉඩම්, තක්සේරු වාර්තා හා මැනීම් කටයුතු සිදුකර නොමැති ඉඩම් මෙන්ම විවිධ පුද්ගලයන් විසින් අනවසරයෙන් අල්ලාගෙන ඇති ඉඩම් පිළිබඳ නිශ්චිත හා යාවත්කාලීන වූ තොරතුරු ලේඛනයක් දෙපාර්තමේන්තුව සතුව නොමැත.
</p>
<p>
එමෙන්ම රජයේ ඉඩම් පිළිබඳ තොරතුරු කළමනාකරණ පද්ධතියක් (Land Information Management System) නිර්මාණය කිරීම සඳහා 2013 වර්ෂයේ සිට රුපියල් මිලියන 208.16ක මුදලක් වැය කර තිබුණද, එම පද්ධතිය සක්රියව භාවිත කිරීමට හැකි වන පරිදි නිවැරදි හා අංගසම්පූර්ණ ලෙස දත්ත ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගෙන නොතිබූ බව ද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ