LSN News › Sri Lanka

ආණ්ඩුවේ දේශපාලනය කරන්න මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගනය දැන් සති දෙකකට වහලා... පලමු පෙළ පා පන්දු සමාජයක ක්‍රීඩාංගනයක් දේශපාලන හේතු මත වසා දැමීම මුජිබර් ප්‍රශ්න කරයි!

පළමු පෙළ පාපන්දු තරගාවලිය (Division 1) නියෝජනය කරන ප්‍රදේශයේ තරුණ පාපන්දු කණ්ඩායම පුහුණුවීම් කරන්නේ මේ ක්‍රීඩාංගනයේ බවය. එමෙන්ම ප්‍රදේශවාසීන්ට දෛනික ශරීර සුවතාවල නිරත වීමට ඇති එකම ක්‍රීඩාංගනය ද මෙය බව කී රහුමාන් මන්ත්‍රීවරයා දේශපාලන රැස්වීම් පැවැත්වීම ප්‍රමුඛ කරගෙන එය වසා දමා ජනතා පීඩාවක් ඇති කර තිබෙන බව හෙළි කළේය.

LSN Sri Lanka · 4 November 2026

ආණ්ඩුවේ දේශපාලනය කරන්න මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගනය දැන් සති දෙකකට වහලා... පලමු පෙළ පා පන්දු සමාජයක ක්‍රීඩාංගනයක් දේශපාලන හේතු මත වසා දැමීම මුජිබර් ප්‍රශ්න කරයි!

ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) දේශපාලන රැස්වීම් පැවැත්වීම සඳහා යොදා ගැනීම නිසා මාළිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනය සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ වසා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කරයි.

</p>

<p>

අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, පළමු පෙළ පාපන්දු තරගාවලිය (Division 1) නියෝජනය කරන ප්‍රදේශයේ තරුණ පාපන්දු කණ්ඩායම පුහුණුවීම් කරන්නේ මේ ක්‍රීඩාංගනයේ බවය. එමෙන්ම ප්‍රදේශවාසීන්ට දෛනික ශරීර සුවතාවල නිරත වීමට ඇති එකම ක්‍රීඩාංගනය ද මෙය බව කී රහුමාන් මන්ත්‍රීවරයා දේශපාලන රැස්වීම් පැවැත්වීම ප්‍රමුඛ කරගෙන එය වසා දමා ජනතා පීඩාවක් ඇති කර තිබෙන බව හෙළි කළේය.

</p>

<p>

පසුගිය මස 30 වැනිදා පැවැති ජනාධිපතිවරයාගේ විද්වත් සමුළුව වෙනුවෙන් ක්‍රීඩංගනය 27 වැනිදා වසා දැමූ බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති සමුළුව හේතුවෙන් එම වසා දැමීම සති දෙකක් දක්වා යාවත්කාලීන වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. රජයේ දේශපාලන කටයුතු වෙනුවෙන් වසා දමා ඇති ක්‍රීඩාංගනය සතිය දක්වා දින 14ක කාලයක් කාලසීමාවක් වෙනුවේන පොලිසිය යොදවා ගේට්ටු වසා දමා ඇති ආකාරය ඔහු අනාවරණය කළේය.

</p>

<p>

වත්මන් රජය ‘නිරූපප්‍රභූ’ පාලනයක් ගැන කතා කළද, පසුගිය ප්‍රභූ පාලන සමයේ පවා මෙලෙස සති ගණන් ක්‍රීඩාංගන වසා නොදැමූ බවත්, මෙලෙස ක්‍රීඩාංගනය වසා තැබීමෙන් ප්‍රදේශයේ ක්‍රීඩකයන් හා ජනතාව දැඩි අසහනයට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.