LSN News › Sri Lanka

බලයෙන් මත්වූ නායකයකුගේ ඉරණම: ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බලකොටු බිඳ වැටෙයි - ඩිමොක්‍රටික් පක්ෂයට ඓතිහාසික ජයක්!

නූතන ලෝකය තුළ, අසීමිත බලයෙන් සහ අනුචිත හැසිරීමෙන් කටයුතු කරන නායකයන්ගේ ඉරණම වන්නේ මෙයය. ජනතාවට එම බලය බිඳ දැමිය හැකිය. ඇමෙරිකාව වැනි බලවත් රටක මෙය සිදු විය හැක්කේ නම්, එය අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවලටද වටිනා පාඩමක් කියවා දී තිබේ.

LSN Sri Lanka · 4 November 2026

බලයෙන් මත්වූ නායකයකුගේ ඉරණම: ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බලකොටු බිඳ වැටෙයි - ඩිමොක්‍රටික් පක්ෂයට ඓතිහාසික ජයක්!

2026 නොවැම්බර් 03 වැනිදා පැවැති ඇමෙරිකානු අන්තර්වාර මැතිවරණය, නූතන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තුළ අසීමිත ලෙස බලයෙන් මත්වී අරාජික හා අනුචිත ලෙස හැසිරෙන නායකයකුට අත්වන ඉරණම පිළිබඳ පැහැදිලි උදාහරණයක් සපයා ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ අඩක් ගෙවී යද්දී, ට්‍රම්ප්ට ප්‍රතිපක්ෂ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මණ්ඩලයේ බලය සම්පූර්ණයෙන්ම තමන් සතු කර ගැනීමට සමත්ව තිබේ. එකම රාත්‍රියකදී කොංග්‍රස් මණ්ඩලයේ සභා දෙකෙහිම බලය තනි පක්ෂයක් විසින් දිනාගනු ලැබූවේ මීට දශක දෙකකට පෙරය. එනම් 2006 වසරේදී ය. මේ පෙරළිය සිදුවන්නේ ඉන් පසු පළමු අවස්ථාවට ය.

ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය සහ මැදවාර මැතිවරණය යනු කුමක්ද?

ඇමෙරිකා එක්සත් ජනපදයේ නීති සම්පාදනය කරන ප්‍රධාන ආයතනය හඳුන්වන්නේ "කොංග්‍රස් මණ්ඩලය" (US Congress) ලෙසය. එය ප්‍රධාන සභා දෙකකින් සමන්විත වේ. පළමුවැන්න මහජන නියෝජිතයන් 435 දෙනෙකුගෙන් යුත් "නියෝජිත මන්ත්‍රී මණ්ඩලය" (House of Representatives) වන අතර, දෙවැන්න ප්‍රාන්ත 50 නියෝජනය වන පරිදි සභිකයන් 100 දෙනෙකුගෙන් යුත් ප්‍රබල "සෙනෙට් මණ්ඩලය" (Senate) ය.

ඇමෙරිකාවේ ජනාධිපතිවරණයක් වසර හතරකට වරක් පැවැත්වෙන අතර, ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් හරියටම වසර දෙකක් ගෙවෙන තැනදී පවත්වනු ලබන කොංග්‍රස් මැතිවරණය "මධ්‍යවාර මැතිවරණය" (Midterm Election) ලෙස හැඳින්වේ. මෙම මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සියලුම ආසන සඳහාත්, සෙනෙට් මණ්ඩලයේ ආසනවලින් තුනෙන් එකක ප්‍රමාණයකටත් නියෝජිතයන් අලුතින් තෝරා ගනු ලැබේ.

ඇමෙරිකානු ක්‍රමය අනුව ජනාධිපතිවරයාට හිතුමනාපයට රට පාලනය කළ නොහැකි අතර පනත් සම්මත කරගැනීමට සහ රජයේ වියදම් වෙන් කරගැනීමට කොංග්‍රස් මණ්ඩලයේ සහාය අත්‍යවශ්‍ය වේ. එම නිසා මධ්‍යවාර මැතිවරණය යනු ජනාධිපතිවරයාගේ මුල් වසර දෙකෙහි පාලනය කෙරෙහි ජනතාව ලබාදෙන තීරණාත්මක ප්‍රගති වාර්තාවකි.

ඓතිහාසික ජයග්‍රහණය

සෙනෙට් මණ්ඩලයේ බලය ලබා ගැනීමට අවශ්‍යව තිබූ ආසන 04 ට වඩා වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට විපක්ෂය වු ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය. සවුත් කැරොලිනා ප්‍රාන්තයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂිකා ඇනී ඇන්ඩෲස් විසින් රිපබ්ලිකන් අපේක්ෂිකා ඩාර්ලින් ග්‍රෑම් පරාජයට පත් කරන ලදී. ඩාර්ලින් ග්‍රෑම් යනු 2026 ජූලි මාසයේදී හදිසි හෘදයාබාධයකින් මියගිය ප්‍රකට රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රෑම්ගේ සොහොයුරියයි.

ටෙක්සාස් ප්‍රාන්තයෙන් ජේම්ස් තලාරිකෝ විසින් කෙටර්ගෙට්න් පැක්ස්ටන් පරාජය කරන ලදී. මීට අමතරව කැන්සාස්, ඔහියෝ, අයෝවා, උතුරු කැරොලිනා සහ මේන් යන ප්‍රාන්තවල සෙනෙට් ආසනද ඩිමොක්‍රටික් පක්ෂය දිනාගත් අතර ජෝර්ජියා ප්‍රාන්තයේ ජොන් ඔසොෆ් නැවත තේරී පත් විය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේද වැඩි බලය හිමිකර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය. රිපබ්ලිකන් පක්ෂය පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කළ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ආසන කිහිපයක් පවා ඩිමොක්‍රටික් පක්ෂය වෙත පෙරළා ගැනීමට හැකි වූ අතර, බටහිර උතුරු කැරොලිනා, කෙන්ටකි, පෙන්සිල්වේනියා ඇතුළු ප්‍රාන්ත ගණනාවක ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බලකොටු බිඳ වැටුණි.

බලයේ අතික්‍රමණය සහ නායකත්වයේ අසාර්ථකත්වය

2024 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් ජයග්‍රහණය කළේ "අලුතින් කිසිදු යුද්ධයක් ආරම්භ නොකරන" බවට ලබා දුන් පොරොන්දුව මතය. නමුත් 2026 පෙබරවාරි මාසයේදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව යුද්ධයක් ආරම්භ කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති වූ නොසන්සුන්භාවය සහ තෙල් පිරිපහදුවලට සිදු වූ හානි හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාවට ආසන්න විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 4 ඉක්මවා ගිය අතර ඩීසල් මිල ඊටත් වඩා ඉහළ ගියේය. ආර්ථික විද්‍යාඥයන් ඇස්තමේන්තු කරන්නේ මෙම යුද්ධය හේතුවෙන් සාමාන්‍ය ඇමෙරිකානු පවුලකට ඩොලර් 1,200 සිට 2,000 දක්වා අතිරේක පිරිවැයක් දැරීමට සිදු වූ බවය.

ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය අධික බදු පැනවීම්, ඒකපාර්ශ්වික තීරණ සහ මිත්‍ර රටවලට (ග්‍රීන්ලන්තය ඇතුළුව) තර්ජනය කිරීම්වලින් පිරී පැවතුණි. ඔහුගේ හැසිරීම නිරන්තරයෙන් නිරූපණය කළේ "මට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකිය" යන මතවාදයයි.

කෙසේ වෙතත්, ඡන්දදායකයන්ගේ ප්‍රධාන අවධානය යොමු වූයේ ජීවන පිරිවැය, ඉහළ ගිය ඉන්ධන මිල සහ ඉරාන යුද්ධය කෙරෙහිය. එන්.බී.සී. ඇතුළු නාලිකාවල මැතිවරණ සමීක්ෂණවලට අනුව ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවය සියයට 38 දක්වා පහත වැටී තිබූ අතර, බහුතරයක් ඡන්දදායකයන් ප්‍රකාශ කළේ ඉරානයට එරෙහි හමුදාමය ක්‍රියාමාර්ගය වැරදි තීරණයක් බවය.

සවුත් කැරොලිනාවේ ඩාර්ලින් ග්‍රෑම් සහ ටෙක්සාස්හි කෙන් පැක්ස්ටන් වැනි ට්‍රම්ප් විසින් පෞද්ගලිකව තෝරා ගන්නා ලද අපේක්ෂකයන් රැසක් පරාජයට පත්වීම මගින් ඔහුගේ දේශපාලන තීන්දු ගැනීමේ හැකියාවද දැඩි ලෙස ප්‍රශ්න කෙරිණි. මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු ප්‍රකාශයක් කරමින් ට්‍රම්ප් කියා සිටියේ ඩිමොක්‍රටික් පක්ෂය "හොඳින් කටයුතු කළ" බවත්, ඉරාන යුද්ධය සහ ඉහළ ගිය ඉන්ධන මිල මෙම ප්‍රතිඵලයට බලපෑ බව පිළිගන්නා බවත්ය.

නූතන ලෝකයට පාඩමක්

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ නායකයකුගේ බලය නිරන්තරයෙන් ජනතාව විසින් පාලනය කරනු ලබයි. නායකයකු බලයෙන් මත්වී, පුද්ගලික අභිමතය මත විදේශ ප්‍රතිපත්තිය හසුරුවමින්, රාජ්‍ය තාන්ත්‍රිකභාවය පසෙකලා රටේ ආර්ථිකයට හානි වන පරිදි යුද්ධ ආරම්භ කරන්නේ නම්, ඡන්දදායකයන් විසින් එකී පාලනය ප්‍රතික්ෂේප කරනු ලබයි. ජෝර්ජ් ඩබ්ලියු බුෂ්ට ඉරාක යුද්ධය හේතුවෙන් 2006 වසරේදී දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදු වූයේය. එය නැවත පුනරුච්ඡාරණය වී තිබේ. 2026 දී ට්‍රම්ප්ටද හිමි වූයේ එවැනිම පාඩමකි.

ට්‍රම්ප්ට දැන් ඔහුගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක ගෙවා දැමීමට සිදුවන්නේ සීමිත බලතල සහිත (Lame-duck) ජනාධිපතිවරයකු ලෙසය. ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට දැන් පරීක්ෂණ ආරම්භ කිරීමට, පනත් කෙටුම්පත් සම්මත කිරීමට සහ විධායකය පාලනය කිරීමට ශක්තිමත් බලයක් හිමිව ඇත.

ඩිමොක්‍රටික් පක්ෂයේ පනත් සඳහා තමන්ගේ වීටෝ බලය භාවිතා කරන බවට ඔහු සංකේතාත්මකව පැවසුවද, ඔහුගේ බලයේ සීමාවන් දැන් පැහැදිලිව තීරණය වී ඇත.

නූතන ලෝකය තුළ, අසීමිත බලයෙන් සහ අනුචිත හැසිරීමෙන් කටයුතු කරන නායකයන්ගේ ඉරණම වන්නේ මෙයය. ජනතාවට එම බලය බිඳ දැමිය හැකිය. ඇමෙරිකාව වැනි බලවත් රටක මෙය සිදු විය හැක්කේ නම්, එය අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවලටද වටිනා පාඩමක් කියවා දී තිබේ.