LSN News › Sri Lanka

හාල් බදු සංශෝධනයෙන් ආනයනය අඩපණ වෙනවා: සහල් ගෙන්නන්න බදු කැපුවා කියන්නේ පට්ටපල් බොරුවක් – වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ!

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් මේ සහල් වර්ග දෙක ඉවත් කළ පසු ඒවා සාමාන්‍ය බදු නීතිය යටතට ඇතුළත් වෙනවා. සාමාන්‍ය බදු නීතිය යටතට ගිය පසු මීට පස්සේ මෙරටට සහල් කිලෝ එකක් ගේනවා නම් අය වන බද්ද රුපියල් 280 ක් දක්වා ඉහළ යනවා. වෙළෙඳ ඇමති....

LSN Sri Lanka · 4 November 2026

හාල් බදු සංශෝධනයෙන් ආනයනය අඩපණ වෙනවා: සහල් ගෙන්නන්න බදු කැපුවා කියන්නේ පට්ටපල් බොරුවක් – වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ!

සංචාරක කර්මාන්තයේ භාවිතය සඳහා ලබා දී තිබූ නිශ්චිත සහල් වර්ග දෙකක් සඳහා මෙතෙක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීම හරහා සිදු වන්නේ සහල් ආනයනය දිරි ගැන්වීමක් නොව, එම සහල් වර්ග සඳහා පනවන බද්ද ඉහළ ගොස් ආනයනය අඩපණ වීම බව වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ආනයනික සහල් වර්ග දෙකක් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 65 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත්තේ සහල් ආනයනය කිරීමේ අභිලාෂයෙන් බවට ඇතැම් මාධ්‍ය සහ විපක්ෂය ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් අදාළ බදු සංශෝධනය සිදු කර තිබේ. පසුගිය 2025 දෙසැම්බර් 31 වැනි දින නිකුත් කළ අංක 2469/12 දරන ගැසට් නිවේදනයට අනුව පොතු ඉවත් කළ දුඹුරු සහල්, අමු සහල් සහ තම්බන ලද සහල් සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 65 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබුණි.

නව ගැසට් නිවේදනය මඟින් එම කැකුළු සහල් සහ තම්බන ලද සහල් යන කාණ්ඩවලට අයත් නිශ්චිත HS කේත දෙක සඳහා පනවා තිබුණු රුපියල් 65 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර ඇත.

මෙම බදු සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ මෙසේ සඳහන් කළේය.

"සංචාරක හෝටල් සඳහා භාවිත කරන ජැස්මින් සහ ස්ටිකී රයිස් කියන ඇලෙනසුළු සහල් වර්ග දෙක ආනයනය කිරීමට 2023 වසරේ දී ආනයන අපනයන පාලකවරයා හරහා විශේෂ අවසරයක් (Blanket approval) ලබා දී තිබුණා. නමුත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. අපි පසුගිය කාලයේ මේ පිළිබඳව ආහාර සුරක්ෂිතතා කමිටුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් මේ සහල් වර්ග දෙක ඉවත් කළ පසු ඒවා සාමාන්‍ය බදු නීතිය යටතට ඇතුළත් වෙනවා. සාමාන්‍ය බදු නීතිය යටතට ගිය පසු මීට පස්සේ මෙරටට සහල් කිලෝ එකක් ගේනවා නම් අය වන බද්ද රුපියල් 280 ක් දක්වා ඉහළ යනවා. රුපියල් 65 ට තිබුණු බද්ද 280 දක්වා වැඩි වන විට සිදු වන්නේ අදාළ සහල් වර්ගවල මිල ගණන් ඉහළ ගොස් ආනයනය අඩපණ වීමයි.

ආහාර සුරක්ෂිතතා කමිටුව ගත් තීරණයට අනුව විද්වත් කමිටුවක් පත් කර, රටේ සහල් අවශ්‍යතාවය සහ වෙනත් සහල් ගෙන ඒමෙන් වන බලපෑම වැළැක්වීමට පියවර ගත්තා. ඇතැම් මාධ්‍ය සහ විපක්ෂ නායකවරයා අදාළ HS Code දෙක මොනවාදැයි කියන්නේ නැතුව රජය ආපසු රටින් හාල් ගෙන්නන්න හදනවා කියමින් අසත්‍ය පවසනවා. මෙයින් සිදු වන්නේ සහල් ගෙන්නන එක තවත් අඩපණ වීම මිස සහල් ගෙන්නීමට පහසුකම් සැලසීම නෙමෙයි."