LSN News › Sri Lanka

කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙවෙයි රනිල් - කෙහෙළිය කියයි: ඉමියුනොග්ලොබියුලින් නඩුවේ විභාගය අවසන්!

ප්‍රමිතියෙන් තොර Human Immunoglobulin එන්නත් මාත්‍රා මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ විභාගය ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අවසන් කරන ලදී. අවසන් නඩු විභාගයේ දී විත්ති කූඩුව මත හිඳිමින් කෙහෙළිය මේ හෙළිදරව්ව කරනු ලැබුවේය.

LSN Sri Lanka · 4 November 2026

කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙවෙයි රනිල් - කෙහෙළිය කියයි: ඉමියුනොග්ලොබියුලින් නඩුවේ විභාගය අවසන්!

ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ තමන් නොව, එවකට මුදල් අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය. ඒ පෙරේදා විත්තිකූඩුවේ සිට දීර්ඝ ප්‍රකාශයක් කරමිනි.

ප්‍රසම්පාදනයට කලින් එන්නත් ඇවිත්: පසුපස දින යොදා කැබිනට් පත්‍රිකා හදලා

මේ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ද බරපතල අනාවරණය කිරිම් සිදුවී තිබුණේය.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග වූ අවස්ථාවලදී නීතිපතිවරයා නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය කරමින් ප්‍රකාශ කළේ ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොගය සහ ඊට අදාළ ලේඛන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) වෙත ලැබෙන තෙක්ම, ඊට අදාළ හදිසි ප්‍රසම්පාදන කැබිනට් පත්‍රිකාව සකස් කර අනුමැතිය ලබාගෙන තිබී නැති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ, අදාළ ඖෂධ තොගය නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමෙන් අනතුරුව ඊට අදාළ ගෙවීම් ලබාගැනීමේ ක්‍රියාවලිය පහසු කරවීම සඳහා පසුපස දින යොදමින් (backdated) අභ්‍යන්තර අනුමැතීන් සහ කැබිනට් පත්‍රිකා සකස් කර ඇති බවයි. එනම්, එන්නත් තොගය ගෙනැවිත් රෝහල් පද්ධතියට බෙදාහැරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතිද්දී, ඊට නෛතික ආවරණය ලබාගැනීමේ අරමුණින් පසුකාලීනව මෙලෙස කැබිනට් අනුමැතීන් සකසා ඇති බව අධිකරණය හමුවේ තහවුරු විය.

ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ හදිසියෙන් ආනයනය කළ බව පැවසූ මෙම එන්නත් සැබවින්ම විදේශයකින් ආනයනය කළ ඒවා නොව, දේශීයව ව්‍යාජ ලෙස සකස් කරන ලද සලයින් සහ බැක්ටීරියා සහිත රෝගී ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල කරන ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍ය බවද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබිණි.

මේ අනාවරණයවන කරුණු මත නඩුවේ විත්තිකරුවෙකු අධිකරණය හමුවේ කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් කොමිෂන් සභාවට රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමටත්, කරුණු අනාවරණය වන්නේ නම් නීතිපතිවරයා හරහා ඉදිරියේදී නීතිමය පියවර ගැනීමටත් හැකියාව පවතී.

කෙහෙළියට එරෙහි නඩුව විභාගය අවසන්

ප්‍රමිතියෙන් තොර Human Immunoglobulin එන්නත් මාත්‍රා මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ විභාගය ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අවසන් කරන ලදී.

නඩුවේ විත්ති වාචික විමසීම ඊයේ දිනයේදී අවසන් වූ අතර, නඩුවට අදාළ ලිඛිත දේශන නොවැම්බර් 25 වනදා සහ වාචික දේශන නොවැම්බර් 30 වනදා පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා දිනය නියම කිරීමට නියමිතව ඇත.

Human Immunoglobulin සහ Rituximab නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 2295 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1444 ක් වංචනික ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත්තේ විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිවය. මෙම නඩුවේ අටවෙනි විත්තිකරු ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නම් කර තිබේ.

සිද්ධියට අදාළ පසුබිම

මෙම ආන්දෝලනාත්මක සිදුවීමේ ආරම්භය සිදුවන්නේ මෙරට රෝහල් පද්ධතිය තුළ දැඩි ඖෂධ හිඟයක් පැවැති වකවානුවේදීය. ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය (Indian Credit Line) යටතේ හදිසි ඖෂධ මිළදී ගැනීමේ මුවාවෙන් ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර සහ රෝගී ජීවිතවලට දැඩි අවදානමක් එල්ල කළ හැකි හියුමන් ඉමියුනොග්ලොබියුලින් (Human Immunoglobulin) එන්නත් තොගයක් රජයේ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු අනාවරණය විය.

අදාළ එන්නත් ලබාදුන් රෝගීන්ට අතුරු ආබාධ හටගැනීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළින් සහ වෘත්තීය සමිති මගින් එල්ල වූ දැඩි විරෝධය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් පරීක්ෂණ ආරම්භ කෙරිණි. එම පරීක්ෂණවලදී හෙළි වූයේ අදාළ ඖෂධය ඉන්දියාවෙන් ආනයනය කළ බවට අසත්‍ය ලේඛන පෙන්වා තිබුණද, සැබවින්ම ඒවා දේශීය වශයෙන් සකස් කරන ලද ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍ය ඇතුළත් කුප්පි බවය.

මෙම මහා පරිමාණ ඖෂධ වංචාවට සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල් පද්ධතියට බෙදාහැරීමට අනුමැතිය දීම, ව්‍යාජ ලෙස හදිසි ප්‍රසම්පාදන අනුමැතීන් ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා, වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් සහ අදාළ සැපයුම්කාර සමාගමේ හිමිකරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අනතුරුව මහජන මුදල් අවභාවිත කිරීම සහ සාපරාධී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර භාරදෙමින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.