LSN News › Sri Lanka

රිදී විහාරය ජාත්‍යන්තර බෞද්ධ හා අධ්‍යාත්මික සුවතා ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර!

මෙම ව්‍යාපෘතිය හරහා මසකට 5000ක පමණ විදේශීය සංචාරකයින් පිරිසක් රිදී විහාරස්ථානය මූලික කරගනිමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඉලක්ක කර ඇති අතර, එමගින් මෙරට ඉදිරි සංචාරක ඉලක්ක සපුරා ගැනීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම යෝගී භාවනා වැඩසටහන් ඇතුළු අධ්‍යාත්මික වැඩසටහන් ඔස්සේ මෙම ස්ථානය ජාත්‍යන්තර අවධානය දිනාගත් සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් කර ඇත.

LSN Sri Lanka · 4 November 2026

රිදී විහාරය ජාත්‍යන්තර බෞද්ධ හා අධ්‍යාත්මික සුවතා ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර!

කුරුණෑගල ඓතිහාසික රිදී විහාරය එහි පෞරාණික වටිනාකම් සුරකිමින් ජාත්‍යන්තර බෞද්ධ සහ අධ්‍යාත්මික සුවතා ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන අයගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය හරහා මසකට 5000ක පමණ විදේශීය සංචාරකයින් පිරිසක් රිදී විහාරස්ථානය මූලික කරගනිමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඉලක්ක කර ඇති අතර, එමගින් මෙරට ඉදිරි සංචාරක ඉලක්ක සපුරා ගැනීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම යෝගී භාවනා වැඩසටහන් ඇතුළු අධ්‍යාත්මික වැඩසටහන් ඔස්සේ මෙම ස්ථානය ජාත්‍යන්තර අවධානය දිනාගත් සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම රිදී විහාරය සහ අවට පරිසරය කාබන්වලින් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යාම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව රථවාහන ධාවනය සීමා කිරීම සහ විධිමත් අවන්හල් පවත්වාගෙන යාම ඇතුළු පරිසර හිතකාමී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර ව්‍යාපෘතියේ සාර්ථකත්වය උදෙසා ප්‍රදේශයේ තරුණ තරුණියන් දැනුවත් කිරීම හා පුහුණු කිරීමත්, රිදී විහාරය හා අවට සංචාරක ස්ථාන යා කෙරෙන මාර්ග පද්ධතිය සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් විධිමත් සැලැස්මකට අනුව සිදුකිරීමට තීරණය කර ඇත.

මෙම සංවර්ධන වැඩසටහන සඳහා සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, වයඹ පළාත් සංචාරක සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා රිදී විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය රිදීගම වනරතන හිමිපාණන් වහන්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.එම්. අස්ලම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ඩබ්. කේ. ඒ. සී. ඥානපාල, මහාචාර්ය මොහම්මදු හලිම් මොහම්දු අස්ලම්, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මංජුල විරක්කොඩි, සහකාර අධ්‍යක්ෂ චන්දිම ගමගේ, නාගරික සංවර්ධන අධිකාරියේ වයඹ පළාත් අධ්‍යක්ෂ සැලසුම් ප්‍රියානි නවරත්න යන අය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.