LSN News › Sri Lanka

මාතර වල්ගම නිවසකින් රුපියල් කෝටි 21කට අධික අයිස් සමග කාන්තාවක් සහ පිරිමියෙක් අත්අඩංගුවට!

මෙම මෙහෙයුම දකුණු පළාත තුළ ක්‍රියාත්මක වන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන් මර්ධනය කිරීම සඳහා දියත් කළ විශේෂ පියවරක් ලෙස සැලකෙන අතර, අදාළ මත්ද්‍රව්‍ය තොගයේ මූලාශ්‍රය සහ බෙදාහැරීමේ ජාලය අනාවරණය කරගැනීම සඳහා විමර්ශන අඛණ්ඩව සිදුවේ.

LSN Sri Lanka · 22 September 2026

මාතර වල්ගම නිවසකින් රුපියල් කෝටි 21කට අධික අයිස් සමග කාන්තාවක් සහ පිරිමියෙක් අත්අඩංගුවට!

මාතර වල්ගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී වීදි වටිනාකම රුපියල් කෝටි 21කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21යි ග්‍රෑම් 810ක් සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසුවේ මෙම වැටලීම හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ බවය.

ඊයේ (සැප්තැම්බර් 21) මාතර වල්ගම ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි කිරීමේදී එම නිවස තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයට අමතරව, ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ පහක (රු. 500,000) මුදලක්ද පොලිස් භාරයටගෙන ඇත.

මෑතකාලීන පොලිස් ඇස්තමේන්තුවලට අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක වීදි වටිනාකම රුපියල් කෝටියක් පමණ වන අතර, ඒ අනුව අත්අඩංගුවට ගත් මුළු තොගයේ වටිනාකම රුපියල් කෝටි 21 ඉක්මවයි.

වැටලීමේදී සැකකරුවන් සතුව තිබූ මෝටර් රථයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන තුනක්ද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මාතර දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.