LSN News › Sri Lanka

තණමල්විල වන අලි තර්ජනය උග්‍ර වෙයි: ගැමියන්ගේ ආර්ථිකය විනාශ කරමින් වගාවන්ට දැඩි හානි!

රාත්‍රී කාලයේදී පමණක් නොව උදෑසන කාලයේදී ද වන අලි ගම්මානයේ සැරිසැරීම හේතුවෙන් පාසල් දරුවන්ට පාසල් වෙත ගමන් කිරීම ඇතුළු ප්‍රදේශවාසීන්ගේ දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.

LSN Sri Lanka · 5 November 2026

තණමල්විල   වන අලි තර්ජනය උග්‍ර වෙයි: ගැමියන්ගේ ආර්ථිකය විනාශ කරමින්  වගාවන්ට දැඩි හානි!

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිවුල්ආර ග්‍රාම නිලධාරී වසමේ මේ දිනවල වන අලි තර්ජනය උග්‍රවීම හේතුවෙන් ප්‍රදේශවාසීහු දැඩි පීඩාවකට පත්ව සිටිති.

</p>

<p>

ඊයේ (04) රාත්‍රියේද ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු විසින් ගම්මානයේ පොල් ගස් රැසක් ඇතුළු වගාවන් ගණනාවකට දැඩි හානි සිදුකර ඇති බව ප්‍රදේශවාසීහු පවසති. වන අලි නිරන්තරයෙන් ගම්මානයට පැමිණීම හේතුවෙන් තමන්ගේ ජනජීවිත මෙන්ම වගාවන් ද ආරක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ඔවුහු පෙන්වා දෙති.

</p>

<p>

විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී පමණක් නොව උදෑසන කාලයේදී ද වන අලි ගම්මානයේ සැරිසැරීම හේතුවෙන් පාසල් දරුවන්ට පාසල් වෙත ගමන් කිරීම ඇතුළු ප්‍රදේශවාසීන්ගේ දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. එමෙන්ම වන අලි සහ මිනිසුන් අතර මුහුණට මුහුණ ගැටුම් ඇතිවීමේ දැඩි අවදානමක් ද මේ වන විට නිර්මාණය වී ඇති බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

</p>

<p>

මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ප්‍රදේශයේ විධිමත් විදුලි වැටක් නොමැතිකම බව පෙන්වා දෙන ගම්වාසීන්, මෙම ගැටලුව සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් දැනුවත් කළද මේ දක්වා ඊට කිසිදු පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බවට චෝදනා කරති. විදුලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී කතාබහ පැවතියද එය තවමත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද ඔවුහු සිය කනස්සල්ල පළ කරති.

</p>

<p>

එබැවින් තම වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීමටත්, ගම්මානයේ ජනතාවගේ මෙන්ම වන අලින්ගේ ද ජීවිත ආරක්ෂා කර ගැනීමටත් කඩිනම් පියවර ගන්නා ලෙස කිවුල්ආර ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.