LSN News › Sri Lanka

ශ්‍රී ලංකා - ඉන්දියා ක්‍රිකට් තරගයක කාල සටහන වෙනස්වීමෙන් ඔබ්බට : දිල්ලියේ දූෂිත වායු තත්ත්වයෙන් ප්‍රකාශිත අනාගත ව්‍යසනය වෙනුවෙන් ලෝකය ගෙවිය යුතු මානුෂීය වන්දිය කුමක් ද?

දෙවියන්ගේ නාමයෙන් මිනිස්සු මීට වඩා මනුෂ්‍යත්වය සහිත සත්ත්ව කොට්ඨාසයක් විය යුතුය. ඒ පරිවර්තනය නොවන්නේ නම් ඊලඟ සියවසේ දී පෘථිවිය මත ජීවයේ පැවැත්ම පිළිබඳ බිහිසුණුම කතාව ලියැවෙනු ඇත. ඒ මොහොත වනවිට ඔබ හා මා මේ නාම රූප ස්වරූපයෙන් නැති බව සහතිකය. එහෙත් අතීත මානව සමාජයක මිනිසුන් ලෙස අපේ වගකීම අනාගතයේ දී ප්‍රශ්න කෙරෙනු ඇත්තේ කෙසේද?. මේ මොහොතේ අප අපෙන් ඇසිය යුතු පැනය එයය.

LSN Sri Lanka · 5 November 2026

ශ්‍රී ලංකා - ඉන්දියා  ක්‍රිකට් තරගයක කාල සටහන වෙනස්වීමෙන් ඔබ්බට : දිල්ලියේ දූෂිත වායු තත්ත්වයෙන් ප්‍රකාශිත අනාගත ව්‍යසනය වෙනුවෙන් ලෝකය ගෙවිය යුතු මානුෂීය වන්දිය කුමක් ද?

2026 නොවැම්බර් 5 වන දින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් නිකුත් කරන ලද නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනය කීවේ දෙසැම්බර් 13 වන දින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නවදිල්ලියේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එතැනින් ඉවත් කර විසාකාපට්නම් වෙත ගෙන යන බවය.

දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ (DDCA) ඉල්ලීම පරිදි, කාලගුණික බාධා සහ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ දැනට සිදුවෙමින් පවතින පිළිසකර කිරීම් ඊට හේතු ලෙස නිල වශයෙන් දක්වා තිබුණි.

කෙසේ වෙතත්, ක්‍රික්බස් (Cricbuzz) වෙත අදහස් දැක්වූ දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය වෙත සමීප ආරංචි මාර්ගයක් වඩාත් සෘජු ප්‍රකාශයක් කළේය. ඒ අනාවරණය මෙසේය.

"ක්‍රීඩාංගණයේ පිළිසකර කිරීම්වලට වඩා, දිල්ලියේ පවතින දැඩි වායු දූෂණය (AQI) හේතුවෙන් තරගය වෙනත් ස්ථානයකට ගෙන යාමට අපට අවශ්‍ය විය."

මෙම තීරණය ක්‍රිකට් වේ ජාත්‍යාන්තර තරගාවලියක තරග කාල සටහන වෙනස්වීමට ඔබ්බෙන් ඇති බිහිසුණු මානව ඛේදවාචකය ප්‍රකාශනයකි. එය සෑම ශීත ඍතුවකදීම දිල්ලි අගනුවර වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාව අත් විඳින මරණීය ඛේදවාචකයක් වූ ජීවන හුස්ම පොදේ හිමිකම ගැන කතාවකි. අනාගතය මුහුණ දීමට නියමිත පෘථිවයේ ජීවියෙහි පැවැත්ම පිළිබඳව කෙරෙන බිහිසුණු ඉඟියකි.

2017 දුන් අනතුරු ඇඟවීම

2017 කාලයේ දී දිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණය හැඳින්වූයේ ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රීඩාංගනය ලෙසය. 2017 දෙසැම්බර් මාසයේ දී එම මෙම පැවැති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වායු දූෂණයෙන් ආරක්ෂා වන මුඛ ආවරණ පැළඳ පිටියට පිවිසියහ. ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වායු දූෂණය නිසා තරගයක් බාධාවට ලක්වූ පළමු අවස්ථාව එය විය.

වේග පන්දු යවන සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ පන්දු යවන අතරතුර හුස්ම ගැනීමේ දැඩි අපහසුතා ඇති විය. ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිටිය තුළදීම වමනය කළහ. තරගය කිහිප වතාවක්ම නතර කිරීමට සිදුවිය.

පසුකාලීනව අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එකල පුහුණුකරු නික් පෝතාස් සඳහන් කළේ, ක්‍රීඩකයින් වමනය කරමින් ක්‍රීඩක විවේකාගාරයට පැමිණි බවත්, විවේකාගාරය තුළ ඔක්සිජන් සිලින්ඩර පවා තබා ගැනීමට සිදුවූ බවත්ය.

මෙම සිදුවීමෙන් පසු දිල්ලියේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන තරග පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට සිදුවිය. 2025 නොවැම්බර් මාසයේදී වායු ගුණාත්මක දර්ශකය (AQI) "දරුණු" මට්ටමට ළඟා වීම හේතුවෙන් අවුරුදු 23 න් පහළ තරග පවා අගනුවරින් පිටතට ගෙන යාමට පියවර ගැනුණි.

වත්මන් වායු තත්ත්වය

2026 නොවැම්බර් 5 වන දින වන විට දිල්ලියේ සාමාන්‍ය වායු ගුණාත්මක දර්ශකය 367 ත් 378 ත් අතර පැවැති අතර, එය "ඉතා දුර්වල" කාණ්ඩයට අයත් වේ. ජහන්ගීර්පූරි, පංජාබි බාග් සහ IIT දිල්ලි පරිශ්‍රය ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම අගය 450 සීමාව පසුකරමින් "දරුණු" මට්ටමට ළඟා වී ඇත. ඉන්දියා ගේට් අසල මෙම අගය 399 ක් ලෙස සටහන් විය.

මෙහි ප්‍රධාන දූෂක කාරකය වූයේ ඉතා ක්ෂුද්‍ර අංශු මාත්‍ර (PM2.5) ය. පියවරෙන් පියවර ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාකාරී සැලැස්මේ (GRAP) දෙවන අදියර ඒ වන විටත් ක්‍රියාත්මක කර තිබුණි. නොවැම්බර් 8 වන දිනට යෙදී තිබූ දීපාවලී උත්සවයත් සමග මෙම තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි පුරෝකථනය විය.

පසුගිය දෙසැම්බර් මාසයේදී නගරයේ සාමාන්‍ය AQI අගය 351 ක් පමණ විය. ශීත ඍතුවේදී පවතින උෂ්ණත්ව විපරියාස හේතුවෙන් දූෂක ද්‍රව්‍ය පොළොව ආසන්නයේ සිරවන බැවින්, සාමාන්‍ය ලෙස සිදුවන වායු විමෝචනය පවා වැඩි සාන්ද්‍රණයකින් වටපිටාව තුළ රැඳී පවතී.

වායු දූෂණයට මූලික හේතු

තීරණාත්මක සහායක පද්ධතියේ (Decision Support System) දත්තවලට අනුව, ඊයේ (නොවැම්බර් 4 ) දින දිල්ලියේ PM2.5 දූෂණයෙන්

• සියයට 20 ක් පමණ අසල්වැසි ප්‍රාන්තවල ගොවිතැන් කටයුතුවලින් පසු ඉතිරිවන පිදුරු සහ කොටු ගිනි තැබීමෙන් සිදු වී ඇත.

• ප්‍රවාහන අංශයෙන් සියයට 15 ක් පමණ එකතු වී තිබේ.

• ඉතිරිය ගෘහස්ථ මූලාශ්‍ර, කර්මාන්ත, ඉදි කිරීම් සහ පාරවල්වල දූවිලි මගින් සිදු වේ.

පංජාබ්, හර්යානා, මධ්‍ය ප්‍රදේශ් සහ රාජස්ථාන් යන ප්‍රාන්තවල ගොවිපළවල් ගිනි තැබීම් මෑත වසරවලදී යම් තරමකට අඩු වී තිබුණද, ශීත ඍතුවේදී නගරයේ වායු ගුණාත්මකභාවය ඊට සාපේක්ෂව වැඩි දියුණු වී නොමැත. මෝටර් රථ, ඉදි කිරීම් සහ කර්මාන්ත වැනි දේශීය මූලාශ්‍ර තවදුරටත් ප්‍රධාන සහ ස්ථීර තර්ජනයක් ලෙස පවතී.

සෞඛ්‍ය බලපෑම්

PM2.5 ක්ෂුද්‍ර අංශු හෘද රෝග, ශ්වසන ආබාධ සහ රුධිර නාලවලට සිදුවන හානි සමග ඍජුවම සම්බන්ධ වේ. ළමයින්, මහලු අය සහ පවතින රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් ඊට වැඩිපුරම ගොදුරු වේ. දිල්ලියේ ශීත ඍතුවේදී හුස්ම ගැනීමේ අපහසුතා, ඇස් දැවිල්ල සහ නාගරිකයන්ගේ පවතින කල්ගත වූ රෝගී තත්ත්වයන් උග්‍රවීම සාමාන්‍ය දෙයකි.

2017 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ට මුහුණ දීමට සිදු වූ අත්දැකීමට සෑම ශීත ඍතුවකදීම සාමාන්‍ය ජනතාවට මුහුණ දීමට සිදු වේ. නමුත් ඔවුන්ට ඔවුන්ගේ ජීවිත වෙනත් ස්ථානයකට ගෙන යාමට හැකියාවක් නැත.

කලාපීය පැතිරීම සහ පුළුල් පින්තූරය

මෙය ඉන්දියාවට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවේ. දකුණු ආසියාවේ වායු දූෂණය ජාතික සීමාවන් සලකන්නේ නැත.

ඊසානදිග මෝසම් කාලගුණය තුළ ඉන්දු-ගංගා තෙතමනය සහිත තැනිතලා ප්‍රදේශවල පවතින දූෂක ද්‍රව්‍ය ශ්‍රී ලංකාව දෙසට ගසාගෙන ආ හැක. 2025 නොවැම්බර් මාසයේදී ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ ඉන්දියාවෙන් පැමිණෙන වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පහත වැටී ඇති බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිලධාරියෙකු පැවසුවේ මෙම තත්ත්වය 2026 මාර්තු මාසය දක්වා පවතින බවය. විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් තහවුරු කර ඇත්තේ නැගෙනහිර ඉන්දියාවෙන් සහ බෙංගාල බොක්කෙන් වායු ධාරා ශ්‍රී ලංකාව දෙසට ඇදී එන ආකාරය ය.

අස්වැන්න නෙළීමෙන් පසු ඊළඟ වගාව සඳහා ඉතා කෙටි කාලයක් ඉතිරිවන බැවින් සහ යාන්ත්‍රික විකල්ප සඳහා අධික පිරිවැයක් යන බැවින් ඉන්දීය ගොවීහු පිදුරු ගිනි තබති. නාගරික ආර්ථිකය රඳා පවතින්නේ මෝටර් රථ සහ ඉදි කිරීම් මත ය. දුප්පත් අසල්වැසි ප්‍රදේශවල ජීවත්වන්නන්ට වායු පවිත්‍රකාරක (Air Purifiers) ලබා ගැනීමට හෝ ගෘහස්ථව ආරක්ෂිතව සිටීමට ඇති ඉඩකඩ අඩුය.

අපිරිසිදු වාතයෙන් ආරක්ෂා වීමේ හැකියාව සමාජය තුළ අසමාන ය. ක්‍රිකට් ක්‍රීඩාංගණයක තරගයක් කාලසටහනෙන් ඉවත් කළ හැකිය. නමුත් පාසල්, වීදි සහ රෝහල් වෙනත් තැනකට ගෙන යා නොහැක.

ශීත ඍතුවේදී GRAP වැනි කෙටිකාලීන පියවරයන් ක්‍රියාත්මක කෙරේ. කෙසේ වෙතත්, කෘෂිකාර්මික ක්‍රමවේදයන් වෙනස් කිරීම, පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීම, කාර්මික පාලනයන් දැඩි කිරීම සහ කලාපීය සහයෝගීතාව වැනි දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක වන්නේ ඉතා මන්දගාමීව ය. ඉන්දියාවට හඳට රොකට් යැවීමට පෙර කළ යුතු බොහෝ දේ ඇති බව සිහි කර දිය යුත්තේ එබැවිනි. චන්ද්‍රයාන් මෙහෙයුම හරහා සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට යානයක් ගොඩබස්වා අභ්‍යවකාශ තාක්ෂණයෙන් ලොව අංක එකේ බලවතෙකු බවට පත් වීම දේශපාලනිකව ලබා ගන්න ජයග්‍රහණයක් විනා වෙන දෙයක් නොවේ. දිල්ලියේ මිලියන 30ක් පිරිසිදු හුස්ම පොදක් නොමැතිව මැරෙන්නට වැටි සිටියදී අහවල් චන්ද්‍ර ගවේෂණයක් දැයි තේරම් ගත නොහැකිය.

තවත් වි‍ශේෂ කාරණාවක් තිබේ. එය ජාතියක ජීවත්වීමේ විනය ගැන ප්‍රශ්නයකි. මුළු ලෝකයේම බිහිසුණුම වායු දූෂණ තත්ත්වය සහ පාරිසරික බලපෑම නිර්මාණය වන්නේ ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් බව දත්ත සහ විද්‍යාත්මක වාර්තා මගින් පැහැදිලිවම තහවුරු වන බැවිනි. ලෝකයේ අංක එකේ වායු දූෂිත නගරය දිල්ලිය ය.

පිරිසිදු ජලයේ සිට ඔක්සිජන් සිලින්ඩරය දක්වා: අමනෝඥ මානව සංහතියේ හිපොක්‍රසිය

මීට වසර විසිපහකට (25) පෙර, අප උල්පත්වලින් ජලය, ප්ලාස්ටික් බෝතල්වල අසුරා මුදලට ගෙන පානය කිරීමට සිදු වන දිනයක් ගැන සිතුවේවත් නැත. නමුත් අද වන විට එය සාමාන්‍යකරණය වී අවසන්ය. බෝතල් කළ ජලය සඳහා ලෝකවාසීහු වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 300 කට අධික මුදලක් වැය කරති.

දැන් අප හමුවේ ඇත්තේ ඊළඟ බිහිසුණු අදියරය. ඒ, පිරිසිදු හුස්ම ටික සඳහාද මුදල් ගෙවීමට සිදුවන යුගයක් ගැන වූ බිහිසුණු කතාවකි. පිටේ ඔක්සිජන් ටැංකියක් බැඳගෙන, නාසයට බටයක් දමාගෙන පාරේ බැස යන දිනයක් ගැන අප තවමත් කල්පනා කර නැත. නමුත් දිල්ලියේ නගරයේ "Oxygen Bars" (මුදලට ඔක්සිජන් ලබාදෙන මධ්‍යස්ථාන) ආරම්භ වීමත් සමග එම අනාගතයේ පෙරනිමිති දැනටමත් පහළ වී හමාරය.

මිනිසෙකුට දිනකට ලීටර් 550 ක පමණ පිරිසිදු ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වේ. සෞඛ්‍ය අංශවල ඇස්තමේන්තුවලට අනුව, වාණිජ මට්ටමින් දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය මිලදී ගැනීමට සිදුවුවහොත්, එක් අයෙකුට දිනකට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 50-70 අතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. එනම් එය රුපියල් 15000 – 21000 අතර මිලකි. මේ මිල දිනකට ගෙවා ජීවත් විය හැක්කේ අපේ රටේ නම් කියෙන් කී දෙනාට දැයි ඔබ තේරුම් ගත යුතුය. සියලුම ධනය හුස්ම පොදක් වෙනුවෙන් වියදම් කරමින් ජීවත්වීමට සිදුවන දිනයක් ගැන අප තව කල්පනා කර නැත. මේ වේගය අනුව ඒ දිනය එළඹෙන දිනය එතරම් දුර නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත සහ ගෝලීය ව්‍යසනය

දිල්ලිය කේන්ද්‍ර කරගෙන මේ ප්‍රකාශ වෙමින් ඇත්තේ මුළු මහත් විශ්වයටම සහ පෘථිවි ජීවයටම බලපාන මාරාන්තික තර්ජනයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්තවලට අනුව,

• ගෝලීය ජනගහනයෙන් 99% ක්ම හුස්ම ගන්නේ සෞඛ්‍යාරක්ෂිත ප්‍රමිතීන්ට වඩා වැඩි දූෂිත වාතයයි.

• වායු දූෂණය හේතුවෙන් වසරකට ලොව පුරා අකල් මරණ මිලියන 7 ක් සිදු වේ. ඉන් මිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු ආසියාතික කලාපයෙනි.

• ලෝක බැංකු වාර්තාවලට අනුව, වායු දූෂණය නිසා සිදුවන සෞඛ්‍ය හානි සහ වැඩකරන දින අහිමි වීම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට වසරකට ඩොලර් ට්‍රිලියන 8.1 ක පාඩුවක් සිදු වන අතර, එය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 6.1% කි.

• වායුගෝලයට මුදාහැරෙන කාබන් සහ PM2.5 ක්ෂුද්‍ර අංශු මගින් වායුගෝලයේ තාපය රඳවා තබා ගැනීම වැඩි කරන අතර, එය ගෝලීය උණුසුම ඉහළ යාමට (Global Warming) සහ ධ්‍රැවීය හිම තට්ටු දියවීමට සෘජුවම බලපායි.

පරිසර පද්ධති විනාශ වීම, සාගර ආම්ලිකකරණය සහ සතුන්ගේ සහ ශාකවල පැවැත්ම නැතිවීම මගින් අවසානයේ පෘථිවියේ ජෛව විවිධත්වය මුළුමනින්ම බිඳ වැටීමේ අවදානමක් නිර්මාණය වී ඇත.

රාජ්‍ය මට්ටමේ කැපවීම සහ ලෝකයක් ලෙස මැදිහත් විය යුතු ආකාරය

මෙම ව්‍යසනයෙන් ගැලවීම සඳහා හුදෙක් සම්මුති සහ ප්‍රකාශනවලට සීමා නොවූ, දැඩි හා ප්‍රායෝගික රාජ්‍ය මට්ටමේ මෙන්ම ගෝලීය මට්ටමේ මැදිහත්වීමක් වහාම අවශ්‍ය වන අයුරු දකිමු. විද්වත්හු ඒ සඳහා සාධනීය යෝජනා ඉදිරිපත් කරති.

1. රාජ්‍ය මට්ටමේ මැදිහත්වීම සහ කැපවීම:

• තදින් නීතිය ක්‍රියාත්මක කිරීම සහ බලශක්ති පරිවර්තනය: ෆොසිල ඉන්ධන (ගල්අඟුරු සහ පෙට්‍රෝලියම්) භාවිතය වහාම අවම කර සූර්ය සහ සුළං වැනි පුනර්ජනනීය බලශක්ති වෙත වේගයෙන් යොමු විය යුතුය. කර්මාන්තශාලා මගින් වායුගෝලයට මුදාහරින දූෂක ද්‍රව්‍ය සඳහා දැඩි බදු සහ නීතිමය පියවර පැනවිය යුතුය.

• දේශීය ප්‍රතිපත්ති සහ ප්‍රවාහනය: පොදු ප්‍රවාහන පද්ධතිය විදුලි (Electric) තාක්ෂණයට පරිවර්තනය කිරීම සහ නාගරික ප්‍රදේශවල හරිත කලාප (Urban Forests) නිර්මාණය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස අනිවාර්ය කළ යුතුය. කෘෂිකාර්මික අපද්‍රව්‍ය ගිනි තැබීම වෙනුවට ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට ගොවීන්ට තාක්ෂණික සහ මූල්‍ය ආධාර ලබා දිය යුතුය.

2. ගෝලීය මට්ටමේ (ලෝකයක් ලෙස) මැදිහත්වීම:

• දේශසීමා රහිත පාරිසරික සහයෝගීතාව: වාතය සහ සුළං ධාරා ජාතික දේශසීමා හඳුනන්නේ නැත. එම නිසා දකුණු ආසියාතික රටවල් (SAARC කලාපය ඇතුළුව) එක්ව "කලාපීය වායු ගුණාත්මක කළමනාකරණ ගිවිසුමක්" (Regional Air Quality Accord) වහාම ඇති කරගත යුතුය.

• ගෝලීය පරිසර අරමුදල් සහ තාක්ෂණික හුවමාරුව: සංවර්ධිත රටවල් විසින් වැඩිපුර සිදුකර ඇති පරිසර විනාශයේ වන්දිය, සංවර්ධනය වෙමින් පවතින රටවලට හරිත තාක්ෂණය ලබා දීම සඳහා මූල්‍යමය වශයෙන් ගෙවිය යුතුය. COP (දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව) වැනි ගෝලීය හමු තුළදී තීන්දු ගන්නවා පමණක් නොව, කාබන් විමෝචනය අඩු කිරීම සඳහා කාලරාමු සහිත දැඩි සම්බාධක පැනවීමේ බලයක් සහිත ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සකස් විය යුතුය.

තරගයෙන් ඔබ්බට: බිහිසුණු අනාගතයක පෙරනිමිති

තරගය විසාකාපට්නම් වෙත ගෙන ගිය විට ක්‍රීඩකයින් සහ කණ්ඩායම් දෙක ආරක්ෂා වේ. නමුත් සෑම දිනකම දිල්ලියේ ජීවත් වන සහ හුස්ම ගන්නා මිලියන සංඛ්‍යාත ජනතාවට එම ආරක්ෂාව නැත. 2017 දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වින්ද වේදනාව අද අගනුවර කුඩා දරුවන් සෑම ශීත ඍතුවකදීම විඳිති. මේ රූපණය වෙමින් ඇත්තේ තව දශක කීපයකින් ලෝකයට අත්විය හැකි බිහිසුණු ඉරණමක රූපණයන් බව ලියා තබමු.

දෙවියන්ගේ නාමයෙන් මිනිස්සු මීට වඩා මනුෂ්‍යත්වය සහිත සත්ත්ව කොට්ඨාසයක් විය යුතුය. ඒ පරිවර්තනය නොවන්නේ නම් ඊලඟ සියවසේ දී පෘථිවිය මත ජීවයේ පැවැත්ම පිළිබඳ බිහිසුණුම කතාව ලියැවෙනු ඇත.

ඒ මොහොත වනවිට ඔබ හා මා මේ නාම රූප ස්වරූපයෙන් නැති බව සහතිකය. එහෙත් අතීත මානව සමාජයක මිනිසුන් ලෙස අපේ වගකීම අනාගතයේ දී ප්‍රශ්න කෙරෙනු ඇත්තේ කෙසේද?. මේ මොහොතේ අප අපෙන් ඇසිය යුතු පැනය එයය.