LSN News › Sri Lanka

කටුනායක දී අත් අඩංගුවට ගත් පාතාලයේ ‘කයිවාරු මුතූ’ ගේ කතාව...

සමයංගේ සමීපතමෙයක් වූ කයිවාරු මුතූ සමයංගේ මරණයෙන් පසු කඩුවෙල පාතාල බලය අත් කරගැනීමට උත්සාහ කර තිබිණි. , “සමයං සමඟ සිටි ප්‍රබලයන් කිසිවෙකුත් දැන් නැති බැවින් කඩුවෙල පාතාලය මෙහෙයවන්නේ තමා” බවට ඔහු ප්‍රකාශ කර ඇති බවට වාර්තා වූයේය.

LSN Sri Lanka · 6 November 2026

කටුනායක දී අත් අඩංගුවට ගත් පාතාලයේ  ‘කයිවාරු මුතූ’ ගේ කතාව...

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු ලෙස සැලකෙන මනෝජ් මුතුකුමාර හෙවත් ‘කයිවාරු මුතූ’ අද (නොවැම්බර් 06) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කටුනායක දී අත් අඩංගුවට පත් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව,

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බවයි.

පසුබිම සහ පාතාල සම්බන්ධතා

මනෝජ් මුතුකුමාර, කඩුවෙල පාතාලයේ ප්‍රබලයෙකු වූ අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් ‘සමයං’ගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස හඳුනාගෙන ඇත. 2017 පෙබරවාරි 27 වැනිදා බන්ධනාගාර බස් රථයක් තුළදී සිදුවූ වෙඩි තැබීමකින් ‘සමයං’ ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ මරණයෙන් පසු කඩුවෙල පාතාලයේ බලය අත්පත් කරගැනීමට උත්සාහ කළ මුතූ, “සමයං සමඟ සිටි ප්‍රබලයන් කිසිවෙකුත් දැන් නැති බැවින් කඩුවෙල පාතාලය මෙහෙයවන්නේ තමා” බව ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.

පොලිස් මෙහෙයුම් හමුවේ 2021 වසරේදී ඩුබායි වෙත පලාගිය ඔහු, එරට සිට මෙරට අපරාධ මෙහෙයවීම ආරම්භ කර තිබේ.

එල්ල වී ඇති ප්‍රධාන චෝදනා

* බුද්ධික ප්‍රසාද් හෙවත් ‘පැට්ටා’ ඝාතනය: 2024 ජනවාරි 10 වැනිදා කඩුවෙල, කොරතොට, ගලබොඩවත්ත ප්‍රදේශයේදී 34 හැවිරිදි බුද්ධික ප්‍රසාද් නොහොත් ‘පැට්ටා’ ඝාතනය කිරීම මෙහෙයවා ඇත්තේ මොහු විසිනි. පැට්ටා ද ‘සමයං’ගේ හිටපු ගෝලයෙකු වන අතර, පසුව අපරාධවලින් ඉවත්ව බුලත් ව්‍යාපාරයක නිරතව සිට ඇත. රුපියල් ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදු කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් ලෙස වෙස්වළාගත් පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ඔහුව නිවසින් රැගෙන ගොස් කොරතොට මහවෙල බෝක්කුව අසලදී හිසට වෙඩි තබා ඝාතනය කර ඇත. ඝාතනයෙන් පසු සැකකාර වෙඩික්කරු (මාබිම ලොකුවා හෙවත් තිළිණ සම්පත්) ඩුබායි වෙත ගෙන්වා ගැනීමට මොහු උත්සාහ කර ඇති බවද හෙළි වී තිබේ.

* කප්පම් ගැනීම් සහ බියගැන්වීම්: අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තබා කප්පම් ඉල්ලා තර්ජනය කිරීම ඇතුළු චෝදනා රැසක් මොහුට එරෙහිව පවතී.

* පෞද්ගලික තර්ජන: මුල් කාලයේදී සිය පෙම්වතිය හමුවීමට පැමිණි ගුවන් හමුදා සෙබළෙකුට තර්ජනය කිරීම ඇතුළු සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇත.

සාජාහිදී කොටුවී මෙරටට පිටුවහල් කිරීම

කල් ඉකුත් වූ ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීම සහ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත 2024 අගෝස්තු මාසයේදී සාජා ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගන්නා ලදී. එරට නීතිමය පියවර ගැනීමෙන් පසු අද දිනයේ ඔහුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරට බලධාරීන් කටයුතු කළේය.

ඩුබායි සහ සාජා හි සැඟවී සිටින ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් මාලාවේ තවත් ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සැලකෙන අතර, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.