කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට නොගැනීම - විපක්ෂයෙන් අදත් දැඩි විරෝධතා...
විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට මෙන්ම එහි අන්තර්ගතය තීරණය කිරීමට විපක්ෂයට පූර්ණ අයිතියක් ඇති බවත්, ඊට ඇතුළත් කරුණු සම්බන්ධයෙන් අතපෙවීමට ආණ්ඩුවට කිසිදු බලයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
LSN Sri Lanka ·

පාර්ලිමේන්තු කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සංශෝධනය කරන ලෙස විපක්ෂයට බලපෑම් කරමින් ආණ්ඩුව ව්‍යවස්ථාදායකයට අනිසි ලෙස අතපෙවීම් සිදුකරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

අද (06) පාර්ලිමේන්තුව අමතමින් සජිත් ප්‍රේමදාස කියා සිටියේ, අදාළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලබන්නේ එහි ඇති ඇතැම් වගන්ති සංශෝධනය කළහොත් පමණක් බවට විපක්ෂයට දැනුම් දී ඇති බවයි. ආණ්ඩුවේ මෙම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් ලෙස ඔහුගේ විවේචනයට ලක්විය.

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට මෙන්ම එහි අන්තර්ගතය තීරණය කිරීමට විපක්ෂයට පූර්ණ අයිතියක් ඇති බවත්, ඊට ඇතුළත් කරුණු සම්බන්ධයෙන් අතපෙවීමට ආණ්ඩුවට කිසිදු බලයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පරීක්ෂා කිරීම් සහ තුලනය කිරීමේ (checks and balances) ක්‍රමවේදයක් සහිතව රජයේ ප්‍රධාන අංශ තුන ස්ථාපිත කර ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම ව්‍යවස්ථාදායකය සතු එවැනි එක් ප්‍රධාන යාන්ත්‍රණයක් බව ද පෙන්වා දුන්නේය.

තවද, ස්ථාවර නියෝග 29(1) සහ 29(2) යටතේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවට ද හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුළත් කර තිබියදීත්, එය විවාදයට ගැනීමට පෙර එහි අන්තර්ගතය සංශෝධනය කරන ලෙස පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂයට පසුව උපදෙස් දී ඇති බවට විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

මෙම පියවර විධායකය විසින් ව්‍යවස්ථාදායකය දුර්වල කිරීමට දරන උත්සාහයක් ලෙස හැඳින්වූ හෙතෙම මේ පිළිබඳව නැවත සමාලෝචනය කර බලන ලෙස ඉල්ලා සිටියේය.

විශ්වාසභංග යෝජනාව විවාදයකින් තොරව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව තමන් ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, දයාසිරි ජයසේකර, මුජිබර් රහ්මාන් සහ චානක මඩුගොඩ විසින් මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්න පිළිබඳව ද විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේ මෙම විශ්වාසභංග යෝජනාව තුළ කිසිම ආකාරයකට ඉවත් කළ යුතු දෙයක් නොමැති බවත් ඉවත් කළ යුතු නම් ඒ ඉවත් කළ යුත්තේ ගරු විපක්ෂ නායක තුමා යන ආමන්ත්‍රණයේ ගරු වචනය පමණක් බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන්, අජිත් පී පෙරේරා යළි යළිත් අවධාරණය කළේ අධිකරණවල නඩු පවතිද්දී විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වී විවාද කර ඇති බවය. දෙවන කාරණාව ලෙස කථානායකවරයාට එරෙහිව පවරා ඇති නඩුව හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන තවමත් ආරම්භ වී නැති බව ඔවුහු පෙන්වා දුන්හ. ඒ අනුව මේ විශ්වාසභංග යෝජනාව එම තර්කය මත බැහැර කළ නොහැකි බව ද ඔවුහු අවධාරණය කළහ.