පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට අගමැතිනිය එක්වෙයි: වෙළඳ, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමට අවධානය!
වර්තමාන සංකීර්ණ ගෝලීය පරිසරය හමුවේ සාමාජික රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේ මාර්ග පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා මෙම ඉහළ පෙළේ නායක හමුව පැවැත්විණි. මෙහිදී ආර්ථික වර්ධනය, වෙළඳාම, ආයෝජන, දේශගුණික විපර්යාස හමුවේ නම්‍යශීලී බව ගොඩනැගීම මෙන්ම අනාගත පරම්පරාව සඳහා වන අවස්ථා නිර්මාණය කිරීම යන කරුණු කෙරෙහි ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී තිබේ.
LSN Sri Lanka ·

ඇන්ටිගුවා සහ බාබුඩා හි පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ (CHOGM) විධායක සැසිය සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවාය. එහිදී සාමාජික රටවල් මුහුණ දෙන ප්‍රධානතම අභියෝග කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු විය.
</p>
<p>
වර්තමාන සංකීර්ණ ගෝලීය පරිසරය හමුවේ සාමාජික රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේ මාර්ග පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා මෙම ඉහළ පෙළේ නායක හමුව පැවැත්විණි. මෙහිදී ආර්ථික වර්ධනය, වෙළඳාම, ආයෝජන, දේශගුණික විපර්යාස හමුවේ නම්‍යශීලී බව ගොඩනැගීම මෙන්ම අනාගත පරම්පරාව සඳහා වන අවස්ථා නිර්මාණය කිරීම යන කරුණු කෙරෙහි ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී තිබේ.
</p>
<p>
මෙම සාකච්ඡා සඳහා එක්වෙමින් අග්‍රාමාත්‍ය අමරසූරිය, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර අභ්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ඉහළ නැංවීමේ උපාය මාර්ග ගවේෂණය කිරීමට එහි නායකයින් සමග එක්වූවාය. එමෙන්ම පෞද්ගලික අංශයේ සහභාගීත්වය සහ මූල්‍ය සම්පාදනය සඳහා නව මංපෙත් සෙවීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
</p>
<p>
එසේම ගෝලීය මුල්‍ය සහ වෙළඳ පද්ධති අතර ඉහළ සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් වඩාත් සමකාමී සහ සාධාරණ ජාත්‍යන්තර ආර්ථික රාමුවක් සකස් කිරීමේ වැදගත්කමද රාජ්‍ය නායකයින් විසින් මෙහිදී අවධාරණය කරන ලදී.