LSN News › Sri Lanka

ගම්පහ මහේස්ත්‍රාත්වරයා ගේ ස්ථාන මාරුව ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරෙයි!

එක්සත් ජාතික බලවේගයේ ආණ්ඩුව වෙනුවෙන් ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ජනති රුවන් කොඩිතුවක්කු ප්‍රකාශ කළේ, අධිකරණ ක්ෂේත්‍රයේ ස්ථාන මාරුවීම් සිදුකරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් බැවින් එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී අදහස් දැක්වීමට නොයන බවය.

LSN Sri Lanka · 6 November 2026

ගම්පහ මහේස්ත්‍රාත්වරයා ගේ ස්ථාන මාරුව ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරෙයි!

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න ශ්‍රී ලංකා විනිසුරු ආයතනය වෙත ස්ථාන මාරු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස ප්‍රශ්න කිරීම් මතුවිය.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමර සම්පත් දසනායක සහ මුජිබර් රහුමාන් මෙම සිදුවීම ප්‍රශ්න කරමින් විමසා සිටියේ වත්මන් රජය නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට කටයුතු කරන ආකාරය මෙයද යන්නයි.

මෙහිදී අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

"බන්දුල ගුණරත්න මහේස්ත්‍රාත්වරයා මාරු කළා. ඇයි ඔහුව මාරු කළේ? ඔහු මේ රටේ අධිකරණය තුළ ලබා දුන් තීන්දු, පොලිස්පතිවරයා කළ වැරදි විශේෂයෙන් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙස චක්‍රලේඛයක් නිකුත් කරන්න කියලා නියෝගයක් කළා. ඒ නියෝගය පොලිස්පතිවරයා ඉෂ්ඨ කළේ නැහැ. ඒ නිසා අධිකරණයට කළ අපහාසයක් ලෙස සලකා අදාළ සියලුම ලිපි ලේඛන යොමු කරන්න කියලා මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝගයක් දුන්නා."

"එම නියෝගය දීලා පැය කිහිපයක් යන්න කලින් ඔහුව මාරු කිරීමේ නියෝගය ඇවිත් තියෙනවා. මෙහෙමද ඔබතුමන්ලා අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය හදන්න යන්නේ? අධිකරණය හදන්න ඕන කියලා ජනතාවට පොරොන්දු දීලා, විනිශ්චයකාරවරුන් මාරු කරලා තමන්ට අවශ්‍ය තීන්දු ගන්න පැරණි ක්‍රමය නැවත හදන්නද මේ යන්නේ?"

"මේ හරහා සිදුවන්නේ අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳවැටීමයි. ඒ විශ්වාසය බිඳවැටීම ආයෝජන ඇතුළු රටටම සෘජුව බලපානවා. මීට පෙර ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට නඩු තිබූ ගල්කිස්ස උසාවියේ විනිශ්චයකාරවරයාව මාරු කළා, කොටුව උසාවියේ විනිශ්චයකාරවරයාව මාරු කළා. ආණ්ඩුව බලපොරොත්තු වන්නේ විනිසුරුවන් මාරු කිරීම තුළ තමන්ට අවශ්‍ය තීන්දු ලබා ගැනීමද? ඒ ගැන සැකයක් ඇති වන ක්‍රියාවලියක් මේක. මෙවැනි ක්‍රියාමාර්ග රටේ අනාගතයට, සංවර්ධනයට, නීතියේ ආධිපත්‍යයට සුභදායක නැහැ. පරණ වනචාරී යුගයකටයි මේ යන්නේ."

එක්සත් ජාතික බලවේගයේ ආණ්ඩුව වෙනුවෙන් ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ජනති රුවන් කොඩිතුවක්කු ප්‍රකාශ කළේ, අධිකරණ ක්ෂේත්‍රයේ ස්ථාන මාරුවීම් සිදුකරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් බැවින් එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී අදහස් දැක්වීමට නොයන බවය.