පැය කිහිපයක වැස්සකින් යටවන අගනුවර: කොළඹ මිනිස්සුන්ගේ හිත්වලට ආණ්ඩුව දුන් බලාපොරොත්තු අද සේදී ගියා ද?
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව කොළඹට පැය කිහිපයක් තුළ මිලිමීටර් 129ක වර්ෂාවක් ලැබී ඇත. මෙය නොවැම්බර් මාසයේ සාමාන්‍ය වර්ෂාපතනයෙන් (මි.මී. 346 පමණ) සැලකිය යුතු කොටසකි. එහෙත් ප්‍රතිඵලය වූයේ මාර්ග ජලයෙන් යටවීම, දැඩි රථවාහන තදබදය සහ ගමනාගමනයේ බරපතල අවුල් ඇතිවීමය. අද සිකුරාදාවකි. තත්ත්වය තවත් බරපතල වන්නට අද දිනයත් බලපෑවේය. කොල්ලුපිටිය සිට ගාලු පාර දක්වා වූ ප්‍රදේශය, බොරැල්ල, මරදාන, ආමර් වීදිය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග රැසක ජල ගැලීම් ඇති වූ බව පොලීසිය වාර්තා කළේය.. කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ හදිසි බිඳවැටීමක් නිසා සියලු මාර්ගවල දුම්රිය ධාවනය ප්‍රමාද විය. අධිවේගී මාර්ග පිවිසුම් අසල ද දැඩි තදබදයක් පැවතිණි
LSN Sri Lanka ·

අද (06) සවස් කාලයේ දිවයින පුරා ඇද හැළුණු දැඩි වර්ෂාපතනයත් සමඟ කොළඹ නගරය නැවත වරක් ජලයෙන් යට විය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව කොළඹට පැය කිහිපයක් තුළ මිලිමීටර් 129ක වර්ෂාවක් ලැබී ඇත. මෙය නොවැම්බර් මාසයේ සාමාන්‍ය වර්ෂාපතනයෙන් (මි.මී. 346 පමණ) සැලකිය යුතු කොටසකි. එහෙත් ප්‍රතිඵලය වූයේ මාර්ග ජලයෙන් යටවීම, දැඩි රථවාහන තදබදය සහ ගමනාගමනයේ බරපතල අවුල් ඇතිවීමය. අද සිකුරාදාවකි. තත්ත්වය තවත් බරපතල වන්නට අද දිනයත් බලපෑවේය.

කොල්ලුපිටිය සිට ගාලු පාර දක්වා වූ ප්‍රදේශය, බොරැල්ල, මරදාන, ආමර් වීදිය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග රැසක ජල ගැලීම් ඇති වූ බව පොලීසිය වාර්තා කළේය.. කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ හදිසි බිඳවැටීමක් නිසා සියලු මාර්ගවල දුම්රිය ධාවනය ප්‍රමාද විය. අධිවේගී මාර්ග පිවිසුම් අසල ද දැඩි තදබදයක් පැවතිණි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් පස්වරු 1.00න් පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් කර තිබිණි. නගරයේ ජලාපවහන පද්ධතිය එම වර්ෂාවට ඔරොත්තු නොදුන්නේය.

නැවත නැවත එන ගැටලුව

කොළඹ නගරය පැය දෙක තුනක තද වැස්සකින් යටවීම අලුත් සංසිද්ධියක් නොවේ. සෑම වර්ෂා සමයකම හෝ දැඩි වර්ෂාපතනයක් ඇති වූ විට එකම ප්‍රදේශ ජලයෙන් යට වන බව නගරවාසීන් හොඳින් දනිති. බොහෝ දෙනා දෝෂාරෝපණය කරන්නේ කොළඹ මහ නගර සභාවේ (CMC) ජලාපවහන නඩත්තුවේ අඩුපාඩු ගැනය. කාණු අවහිර වීම, සුන්බුන් සහ පොලිතීන් එකතු වීම, පැරණි නල පද්ධති බිඳ වැටීම වැනි හේතු මතු වේ.

කොළඹ ජලාපවහන පද්ධතියේ සැලකිය යුතු කොටසක් වසර සියයකට වැඩි කාලයක් පැරණිය. නගරයේ බොහෝ ප්‍රදේශ දැන් කොන්ක්‍රීට් සහ තාර මගින් ආවරණය වී ඇති නිසා වැසි ජලය බිමට කාන්දු වීම අඩු වී ඇත. අධ්‍යයනවලට අනුව නගරයේ ජලය කාන්දු නොවන මතුපිට ප්‍රමාණය 65% පමණ වේ. තද වැස්සක් ඇති වූ විට ජලය සියල්ල කාණු වෙත ගලා යන අතර පැරණි හෝ ප්‍රමාණවත් නොවන කාණු එය රැගෙන යා නොහැකි වේ.

වසර 2012දී ලෝක බැංකු සහයෝගයෙන් ආරම්භ කළ මෙට්‍රෝ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය (MCUDP) මගින් ප්‍රධාන ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීමට උත්සාහ කළේය. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව (SLLDC) සහ කොළඹ මහ නගර සභාව මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාත්මක කරන්නන් විය. එහෙත් ව්‍යාපෘතිය අවසන් වී වසර කිහිපයක් ගත වී ඇතත්, තවමත් පැය කිහිපයක තද වැස්සකින් නගරය යටවේ. කාණු පිරිසිදු කිරීම, අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය සහ දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම වැනි ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය.

ආණ්ඩු කළ දේශපාලන පක්ෂවල නිහඬතාව

පැය දෙකක වර්ෂාවකින් අගනුවර යටවන තත්ත්වයක් පිළිබඳව බලයේ සිටි කිසිම දේශපාලන පක්ෂයක් මෙතෙක් දිගුකාලීන, ප්‍රායෝගික සැලැස්මක් ඉදිරිපත් කර නැත. වර්තමාන ආණ්ඩුව ද එයින් ව්‍යතිරේකයක් නොවේ. තාවකාලික කාණු පිරිසිදු කිරීම්, අනතුරු ඇඟවීම් සහ පොලීසියේ “විකල්ප මාර්ග භාවිතා කරන්න” යන උපදෙස් හැර, නගරය නැවත යට නොවන පරිදි යථාවත් කිරීමට නිශ්චිත කාලසටහනක් සහ අයවැයක් සහිත සැලැස්මක් මෙතෙක් දක්නට නැත.

අතීත ආණ්ඩු ද මෙම ගැටලුව විසඳීමට උත්සාහ කළ බව කියති. එහෙත් ඒවා බොහෝ විට ව්‍යාපෘති මට්ටමින් නවතා ඇත. නගර සැලසුම්කරණය, ඉඩම් භාවිතය, වැසි ජල කළමනාකරණය කිරිම, හරිත යටිතල පහසුකම් වැඩි කිරීම සහ නිරන්තර නඩත්තුව සඳහා දේශපාලන කැමැත්තක් නොතිබුණු බව පැහැදිලිය. නගරයේ ජනගහනය සහ වාහන සංඛ්‍යාව වැඩි වෙන විට ජලාපවහන පද්ධතිය ඒ අනුව නවීකරණය නොකිරීම රාජ්‍යකරණයේ අසමත්කමකි.

ඉදිරි ගමන

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 තුළ ද තද වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත. පොලීසිය රියදුරන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් ඉල්ලා ඇත. එහෙත් මෙවැනි තාවකාලික උපදෙස් මගින් ගැටලුව විසඳිය නොහැක.

කොළඹ නගරය යථාවත් කිරීමට නම්, පැරණි ජලාපවහන ජාලය සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීම, නිරන්තර නඩත්තුව සඳහා වෙන් කළ අයවැයක්, වැසි ජලය එකතු කිරීම අනිවාර්ය කිරීම, අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සහ නගර සැලසුම්කරණය දේශගුණික විපර්යාසයන්ට අනුව සකස් කිරීම අවශ්‍ය වේ. මෙය කිසිම එක් පක්ෂයකට පමණක් කළ හැකි දෙයක් නොවේ. අඛණ්ඩ දේශපාලන කැපවීමක් සහ ජනතා අවධානයක් අවශ්‍යය ය.

කොළඹ යටවීම තවදුරටත් “සාමාන්‍ය දෙයක්” ලෙස පිළිගත නොහැක. පැය කිහිපයක වැස්සකින් අගනුවර යටවන තත්ත්වයක් ඉවසා සිටීම දේශපාලන අසමත්කමකි. මෙම ගැටලුව විසඳීමට සැබෑ සැලැස්මක් ඉදිරිපත් කරන ආණ්ඩුවක් පිළිබඳ සිහිනය යළිත් මිනිස්සුන්ගෙන් දුරස්වනු දකිමු. මාලිමාව කොළඹ මිනිස්සුන්ට ලබා දුන් බලාපොරොත්තුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් අද හේදී ගිය නිසාය. මේ අද කොළඹ තිබූ වාහන තදබදය ඉහළ සිට දුටු හැටිය.