ගම්පහ මහේස්ත්රාත්වරයාගේ ස්ථාන මාරුව: යුක්තිය ඉටු කිරීමට නීතියේ සීමාව ඉක්මවා යා හැකිද?!
මෙම සිදුවිමෙන් අවධාරණය වන වැදගත්ම කාරණයක් තිබේ. යුක්තිය ඉටු කිරීමට නීතියේ සීමාව ඉක්මවා යාමට විනිසුරුවරයෙකුට අයිතියක් නැත. එසේම විනිසුරුවරයෙකුගේ බල සීමාව ආරක්ෂා කිරීමේ නාමයෙන් පුරවැසියාට සිදුවූ අසාධාරණය යටපත් කිරීමට රාජ්‍යයට ද අයිතියක් නැත
LSN Sri Lanka ·

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්නගේ හදිසි ස්ථාන මාරුව රටේ නීති හා දේශපාලන ක්ෂේත්රය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ. පොලිසියේ අසාධාරණයට එරෙහිව පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටි විනිසුරුවරයෙකුට දඬුවම් කළ බවට සමාජ මතයක් ගොඩනැගී ඇත. විපක්ෂය එම සිදුවීම ආණ්ඩුවට එරෙහි චෝදනාවක් ලෙස ඉදිරිපත් කරයි.

එහෙත් මෙම සංවාදයේ මූලික නෛතික ප්රශ්නය වෙනස්ය. යුක්තිය ඉටු කිරීමේ අරමුණින් විනිසුරුවරයෙකුට තම අධිකරණ බල සීමාව ඉක්මවා යා හැකිද?

මෙම ප්රශ්නය විමර්ශනය කිරීමට දැන් වැදගත් ලේඛනයක් ලැබී තිබේ. ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් 2026 ඔක්තෝබර් මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලය.

සිදුවීමේ පසුබිම

ගම්පහ පොලිසිය විසින් එකම සැකකරුවෙකුට එරෙහිව එකම දිනයේ සමාන මත්ද්‍රව්‍ය චෝදනා යටතේ නඩු දෙකක් ගොනු කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා දැඩි විවේචනයක් එල්ල කර තිබිණි. එක් නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට පොලිසිය අවසර ඉල්ලා සිටියේය.

පොලිසියේ ක්‍රියාකලාපය විවේචනය කළ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුට වන්දි ගෙවන ලෙස ද නියෝග කළේය.

අනතුරුව පදනම් විරහිත චෝදනා මත පුරවැසියන්ට එරෙහිව නඩු පැවරීමෙන් වළකින ලෙස දිවයිනේ සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේය.

එම නියෝගය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත කරුණු යොමු කළේය.

පොලිස්පතිවරයාගේ පැමිණිල්ලෙන් හෙළිවන කරුණු

අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමු කළ පැමිණිල්ලෙන් පොලිස්පතිවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් නෛතික හා පරිපාලනමය විරෝධයක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ලේ මූලික තර්කය වන්නේ මහේස්ත්‍රාත්වරයා තමන් ඉදිරියේ විභාග වූ නිශ්චිත නඩුවක සීමාවෙන් ඔබ්බට ගොස් පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත පරිපාලනයට බලපාන නියෝග නිකුත් කර ඇති බවය.

පොලිස්පතිවරයාගේ පැමිණිල්ල අනුව මෙම ගැටුමට අදාළ අධිකරණ ක්‍රියාදාමය 2026 මැයි මාසයේ සිට ඔක්තෝබර් දක්වා වර්ධනය වී තිබේ. මැයි 7 වැනිදා සහ මැයි 20 වැනිදා නිකුත් කළ නියෝග, අගෝස්තු 19 වැනිදා අධිකරණයේදී ඇතිවූ තත්ත්වය සහ ඔක්තෝබර් 21 වැනිදා සිදු කළ කරුණු යොමු කිරීම එහි විශේෂයෙන් සඳහන් වේ.

මහේස්ත්රාත්වරයාගේ නියෝගවලට ප්‍රතිචාර වශයෙන් පොලිස් පරිපාලනය තුළ ගත් පියවර පිළිබඳව ද පැමිණිල්ලේ කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අතර පොලිස් නිලධාරීන්ට උපදෙස් නිකුත් කිරීම සහ අධිකරණයට කරුණු දැක්වීම ඇතුළත්ය.

පැමිණිල්ලේ තවත් වැදගත් අංගයක් වන්නේ අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට මුහුණදීමට සිදුවූ ගැටලුය. අධිකරණය හමුවේ පොලිස් නිලධාරීන්ට සැලකූ ආකාරය, ඔවුන්ගේ රාජකාරි සහ නීතිමය වගකීම් පිළිබඳව ද පොලිස්පතිවරයා විරෝධතා ඉදිරිපත් කර තිබේ.

චෝදනා 29කින් යුතු එම පැමිණිල්ලේ 22 වැනි ඡේදය යටතේ කරුණු රැසක් වෙන් වෙන්ව ගොනු කර ඇත. එමගින් මහේස්ත්රාත්වරයාගේ නියෝග, අධිකරණයේදී සිදු කළ බව කියන ප්‍රකාශ සහ පොලිස් පරිපාලනයට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් විමර්ශනයක් අපේක්ෂා කරන බව පොලිස්පතිවරයා කියයි.

මෙහි නෛතික වැදගත්කම වන්නේ පොලිස්පතිවරයා තමන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පියවර ගැනීම පිළිබඳව පමණක් විරෝධය පළ නොකිරීමය. ඔහු මහේස්ත්රාත්වරයාගේ අධිකරණ බලය භාවිත කළ ආකාරයම අධිකරණ සේවා කොමිෂන් සභාවේ පරීක්ෂාවට ලක් කිරීමට යෝජනා කරයි.

අධිකරණ බල සීමාවේ ගැටලුව

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව මහේස්ත්‍රාත් අධිකරණයකට නිශ්චිත අපරාධ නඩු සම්බන්ධයෙන් බලතල පැවරී තිබේ.

එහෙත් දිවයින පුරා පොලිස් නිලධාරීන්ට බලපාන පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයාට නියෝග කිරීම වෙනස් ස්වභාවයක බලයක් ක්‍රියාත්මක කිරීමකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය නිලධාරීන්ට නීතියෙන් පැවරුණු රාජකාරි ඉටු කිරීමට නියෝග කරන රිට් ආඥා නිකුත් කිරීමේ බලය අභියාචනාධිකරණයට පැවරී තිබේ. 126 වැනි ව්‍යවස්ථාව මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් නෛතික තීනිදු ගැනිමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලබා දෙයි.

මේ අනුව රට පුරා ක්‍රියාත්මක වන පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයාට නියෝග කිරීම මහේස්ත්‍රාත් අධිකරණයක සාමාන්‍ය බල සීමාව ඉක්මවන ක්‍රියාවක් බවට ප්‍රබල නෛතික තර්කයක් පවතී.

යහපත් අරමුණක් නීතියෙන් නොපැවරූ අධිකරණ බලයක් නිර්මාණය කරන්නේ නැත.<

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව

2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත අනුව අධිකරණ නියෝගයකට හිතාමතා අවනත නොවීම අධිකරණයට අපහාස කිරීමක් විය හැකිය.එම පනතේ 10 වැනි වගන්තිය යටතේ මුල් අවස්ථා අධිකරණයකට සිදු කළ බව කියන අපහාසයක් සම්බන්ධයෙන් කරුණු අභියාචනාධිකරණය වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් පවතී.

එහෙත් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව තීරණය කිරීමේදී මුල් නියෝගයේ නෛතික වලංගුභාවය, එය ක්‍රියාත්මක නොකිරීමට බලපෑ හේතු සහ අදාළ සාක්ෂි විමර්ශනය කළ යුතුය.

ස්ථාන මාරුවේ වගකීම ආණ්ඩුවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111H වැනි ව්‍යවස්ථාව යටතේ අධිකරණ නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම සහ විනය පාලනය කිරීමේ බලය අධිකරණ සේවා කොමිෂන් සභාවට පැවරී තිබේ.

බන්දුල ගුණරත්නගේ ස්ථාන මාරුව සිදු කර ඇත්තේ එම කොමිෂන් සභාව විසිනි. එම තීරණයට ආණ්ඩුව මැදිහත් වූ බව තහවුරු කරන සාක්ෂි මෙතෙක් ප්‍රසිද්ධ වී නැත.
එමෙන්ම පොලිස්පතිවරයාගේ පැමිණිල්ලෙන් කොමිෂන් සභාව හමුවේ විමර්ශනය කළ හැකි කරුණු ඉදිරිපත් වී තිබීම දැන් පැහැදිලිය. එම විමර්ශන ක්‍රියාවලියේ කොටසක් ලෙස මෙම ස්ථානමාරුව සිදුවි ඇති ආකාරය නිරීක්ෂණය වී තිබේ.

යුක්තිය සහ නීතියේ සීමාව

මෙම සිදුවීමේ සමාජ විද්‍යාත්මක වැදගත්කම පවතින්නේ නීතිය සහ මහජන විශ්වාසය අතර ඇති සම්බන්ධය තුළය.

පොලිසියේ අසාධාරණයට එරෙහිව පෙනී සිටි විනිසුරුවරයෙකු හදිසියේ මාරු කළ විට එය බලවත් නිලධාරියෙකු ආරක්ෂා කිරීමක් ලෙස සාමාන්‍ය පුරවැසියාට පෙනිය හැකිය. එහෙත් අධිකරණයේ ස්වාධීනත්වය යනු විනිසුරුවරයෙකුගේ අසීමිත බලය නොවේ. එය නීතියෙන් පවරා ඇති බලය දේශපාලන හා පරිපාලන බලපෑමෙන් තොරව ක්‍රියාත්මක කිරීමේ නිදහසය.

මහේස්ත්‍රාත්වරයෙකුට රට පුරා බලපාන පරිපාලන නියෝග නිකුත් කිරීමේ අසීමිත බලයක් පිළිගතහොත් අධිකරණ බලතල බෙදා ඇති ව්‍යවස්ථාමය ව්‍යුහය දුර්වල වේ. එසේම විනිසුරුවරුන්ගේ නීත්‍යානුකූල ක්‍රියාකාරිත්වයට පරිපාලන බලපෑම් එල්ල වීමට ඉඩ දීම අධිකරණ ස්වාධීනත්වයට තර්ජනයකි.

මෙම ආන්දෝලනයේදී අවධානයෙන් ගිලිහී ඇති අනෙක් ප්රශ්නය පොලිසිය විසින් පුරවැසියන්ට එරෙහිව පදනම් විරහිත නඩු පැවරීම පිළිබඳ චෝදනාවය. එකම සැකකරුවෙකුට එරෙහිව සමාන චෝදනා යටතේ නඩු දෙකක් ගොනු වූයේ කෙසේද? එහි වගකීම භාරගන්නේ කවුද? එවැනි ක්‍රියා වැළැක්වීමට පොලිස් පරිපාලනය ගත් පියවර මොනවාද?
මහේස්ත්රාත්වරයාගේ නියෝගයේ නෛතික දෝෂයක් තිබුණද මෙම ප්රශ්නවල වැදගත්කම අඩු වන්නේ නැත.

මෙම සිදුවිමෙන් අවධාරණය වන වැදගත්ම කාරණයක් තිබේ. යුක්තිය ඉටු කිරීමට නීතියේ සීමාව ඉක්මවා යාමට විනිසුරුවරයෙකුට අයිතියක් නැත. එසේම විනිසුරුවරයෙකුගේ බල සීමාව ආරක්ෂා කිරීමේ නාමයෙන් පුරවැසියාට සිදුවූ අසාධාරණය යටපත් කිරීමට රාජ්‍යයට ද අයිතියක් නැත.

අධිකරණ සේවා කොමිෂන් සභාව තම තීරණයේ සාධාරණත්වය පිළිබඳ මහජන විශ්වාසය ආරක්ෂා කළ යුතුය. පොලිසිය තමන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වගවිය යුතුය. දේශපාලන පාර්ශ්ව තම චෝදනා සාක්ෂි මත ගොඩනැගිය යුතුය. නීතියේ ආධිපත්‍යය ආරක්ෂා වන්නේ මේ සියලු ආයතන තම බල සීමාව තුළ වගකීමෙන් ක්‍රියා කරන තෙක් පමණි.