බලංගොඩ කස්සප හිමි ඇතුළු කණ්ඩායම රුවන්වැලි සෑය ඉදිරියේ සත්‍යග්‍රහයක් අරඹයි... සත්‍යග්‍රහය අතර කලහකාරීව හැසිරුණ අයෙක් අත් අඩංගුවට ගැනීමේ දී නොසන්සුන් තත්ත්වයක් ඇතිවුන හැටි!
විහාරමහාදේවී උද්‍යානයේ ගලගොඩඅත්තේ ඤාණසාර හිමි නිදහස් කරගැනීමට සත්‍යග්‍රහයක් කළ කණ්ඩායමේ ප්‍රධානම චරිතය වූ බලංගොඩ කස්සප හිමි ඇතුළු කණ්ඩායම යළිත් වරක් අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරියෙන් අද මතු වූයේය. ඒ අනුරාධපුර පූජා භූමි සැලැස්මට එරෙහිව විරෝධය දැක්වීමට බව කියමිනි. එහිදී කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයෙක් පොලිස් අත් අඩංගුවට පත් වූයේය.
LSN Sri Lanka ·

අනුරාධපුර පූජා භූමි සැලැස්මට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කළ බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් කණ්ඩායමක් සමග පැමිණි ගිහි පුද්ගලයින් දෙදෙනෙක් කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමත් සමග දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවූයේය.

රුවන්වැලි මහා සෑය ඉදිරියේ ඇති දන්සැල් භූමියේ අට්ටාලයක් සවිකරගෙන මුලින්ම මෙම පිරිස අනුරාධපුර පූජා භූමි සැලැස්මට එරෙහිව ජනතාව දැනුම්වත් කරන්නට යන බව කියමින් යම් කරුණු ප්‍රකාශ කරමින් සිටියහ. මේ අතර ගිහි පිරිසක් වෙළෙන්දන් කණ්ඩායමකට කරුණු කියද්දී මුලින්ම සිදුවන්නේ අයිස්ක්‍රීම් විකුණන වෙළෙන්දෙක් සමග එහි සිටි පුද්ගලයින් දෙදෙනෙක් බහින්බස්වීමක් ඇති කරගැනීමය.

එතැන සිටි ගිහි පුද්ගලයින්ගෙන් කෙනෙක් එම වෙළෙන්දා සමග බහින්බස් වීම ඇතිකරගන්නේ වෙළෙන්දා මේ කණ්ඩායමට එරෙහිව කරුණු කියන්නට යෑමේ දී ය. ඒ අවස්ථාවේ දී ප්රචන්ඩකාරීව හැසිරුන පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වනවිට ඔහු දුවගෙන ගොස් අට්ටාලයේ එහි සිටි බලංගොඩ කස්ස හිමිව බදා ගත්තේය. කස්සප හිමි තවත් භික්ෂුවක් සමග ඔහුව බදා ගෙන සිටියේ පොලිසිය ඔහුව අත් අඩංගුවට ගැනිම වැලැක්වී සඳහාය. ඒ අවස්ථාවේ දී පොලිසිය පැමිණ එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය බැවින් ඉවත්වන ලෙසත් ඉවත් නොවුනොත් ඉවත් කරන බවත් භික්ෂූන්ට දන්වා සිටියේය.

කස්සපහිමි පොලිසියට බාධා කරමින් සැකකරුව බදාගෙන සිටියදී පොලිසිය එම පුද්ගලයාව ඉවත් කිරීමට කටයුතු කළේය. ඔහුව රැගෙන ගොස් ජිප් රථයකට දැමුවත් ඔහු ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් පොලිසිය සමග ගැටුමකට යද්දී පොලිසිය ඔහුව ජිප් රථය තුළට දමා ගත්තේය.

ඒ අවස්ථාවේ දී බලංගොඩ කස්සප හිමි සහ තවත් භික්ෂුවක් පොලිස් ජිප් රථයේ එල්ලී සිටියේය. ඔවුන්ව ඉවත් කිරීමට පොලිසියට සැලකිය යුතු උත්සාහයක් දැරීමට සිදුවිය. අනතුරුව තමන්ට පොලිසිය පහර දුන් බවත් නිල ඇඳුමේ ගසාගෙන සිටින ධර්ම චක්‍රය බල්ලෙකු ගසන ලෙසත් බලංගොඩ කස්සප හිමි කීවේය.

පොලිසිය කීවේ කිසිම භික්ෂුවකට පහර නොදුන් බවත්, භික්ෂූන්වහන්සේ පැමිණියේ සාමකාමී සත්යග්රහකට නම් එය කිරීමට ඉඩ ඇති නමුත් පොලිසිය බලාගෙන සිටිය දී පුද්ගලයින් සිවිල් කණ්ඩායම්වලට බාධාවන සේ කලහකාරී ලෙස හැසිරීමට ඉඩ දෙනවා නම් පොලිසිය කුමකට ද යන්නත්ය.

කෙසේ වෙතත් මේ වනවිට අත් අඩංගුවට පත් පුද්ගලයා කලහකාරී ලෙස හැසිරීමේ දී ඇති වූ තත්ත්වයක් මත ඔහුගේ නහය ප්‍රදේශය තැල්මකට ලක් වී ඇති නිසා ඔහුව රෝහලට රැගෙන යන බව පොලිස් ආරංචි මාර්ග කීවේය.