LSN News › Sri Lanka

අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට රුවන්වැලි මහා සෑය අසල පූජාභූමියෙන් ඉවත්වන ලෙස නියෝගයක්!

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ IX වන පරිච්ඡේදයේ 106(1) වගන්තිය ප්‍රකාරව හදිසි අවස්ථාවලදී මහජන පීඩාවක් වැළැක්වීම සඳහා තාවකාලිකව නිකුත් කරන ආඥාවක් ලෙස මෙම නියෝගය ලබා දී ඇත. අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු වාර්තාවක් මත පදනම්ව මෙය නිකුත් වී තිබේ.

LSN Sri Lanka · 7 November 2026

අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට රුවන්වැලි මහා සෑය අසල පූජාභූමියෙන් ඉවත්වන ලෙස නියෝගයක්!

අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ (දන්සැල් භූමියේ) සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට උත්සාහ කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන්ට සහ සිවිල් පුද්ගලයන්ට එම පූජාභූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (නොවැම්බර් 07) නියෝගයක් නිකුත් කර ඇත.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ IX වන පරිච්ඡේදයේ 106(1) වගන්තිය ප්‍රකාරව හදිසි අවස්ථාවලදී මහජන පීඩාවක් වැළැක්වීම සඳහා තාවකාලිකව නිකුත් කරන ආඥාවක් ලෙස මෙම නියෝගය ලබා දී ඇත. අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු වාර්තාවක් මත පදනම්ව මෙය නිකුත් වී තිබේ.

නියෝගයේ ප්‍රධාන කරුණු

• පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, උදිත නිශාන්ත සහ ඔවුන් සමඟ සිටින සියලුම ස්වාමීන් වහන්සේලා සහ පුද්ගලයන් විසින් ඉදිකර ඇති තාවකාලික කුඩාරම් ඉවත්කර, පූජාභූමි ප්‍රදේශයෙන් අද පස්වරු 2.00ට පෙර ඉවත්විය යුතුය.

• රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජාභූමි ප්‍රදේශයෙන් ඉවත් විය යුතුය.

• පූජාභූමියේ පුරාවිද්‍යා ස්මාරකවලට කිසිදු හානියක් හෝ අලාභයක් සිදු නොකළ යුතුය.

• අධිකරණය විසින් වෙනත් ආකාරයකින් විධානය කිරීමකින් තොරව අද සිට දින 14ක කාලයක් මෙම ආඥාව බලපැවැත්වේ.

පොලිසිය වාර්තා කර ඇත්තේ, සාමකාමීව ඉවත්වන ලෙස දැනුම්දී තිබියදී පිරිස අඛණ්ඩව විරෝධතාව සහ සත්‍යග්‍රහය කරමින් රුවන්වැලි සෑය වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ට බාධා ඇති කළ බවයි.

සිද්ධියේ පසුබිම

මෙම සත්‍යග්‍රහය අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව සංවිධානය කර තිබුණි. දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක් භික්ෂූන් සහ සිවිල් පිරිසක් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළහ. එම සත්‍යග්‍රයේ සිටි ගිහි පුද්ගලයෙක් ඒ අතර එතැන සිටි අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් සමග ගැටුමක් ඇති කරගන්නට යෑමේ දී පොලිසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළේය. එය වැලැක්වීමට බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් උත්සාහ කිරීමෙන් පසුව එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය විය.

මෙම සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් ප්‍රකාශ කළේය.

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම 2026 පෙබරවාරි මාසයේ ගැසට් කර ඇති අතර, එය පූජාභූමියේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීම, ඉදිකිරීම් පාලනය කිරීම සහ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කරගනී. මේ සම්බන්ධ විවාදය මේ වනවිට දේශපාලන පොරපිටියට මාතෘකා සපයා තිබේ.