අදත් කොළඹට වැස්සොත්?... ගරු මැතිණියනි... දෙවසරක් ගිය පසුත් ඔබේ බලවත් කණගාටුව කොළඹට අවශ්‍ය නැත!
නගරාධිපතිනිය ප්‍රදේශවාසීන්ට සිදුවූ අපහසුතාව පිළිබඳ කණගාටුව පළකරමින්, අදාළ ආයතන සමඟ සමීපව කටයුතු කර ක්ෂණික විසඳුම් යෙදවන බව සඳහන් කළාය. මෙම තත්ත්වය කොළඹ නගරයේ යටිතල පහසුකම්වල සීමාවන් නැවත වරක් පැහැදිලි කර තිබේ. අන්තර් මෝසම් කාලයේ තද වැසි සාමාන්‍ය වුවත්, කාණු සහ ඇළ මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා ඇති වූ හානිය යළි යළිත් පෙනී ගොස් තිබේ.
LSN Sri Lanka ·

ඊයේ (නොවැම්බර් 6) ලංකාවේ වැඩිම වැස්ස වැටුනේ කොළඹටය. තිඹිරිගස්යායට මිලි මීටර 146.6කි. මට්ටක්කුලියට මිලි මීටර 125.5කි.
කොළඹ මධ්‍යයට මිලිමීටර 129ක ධාරානිපාත වර්ෂාවක් ඇද හැලුනේය. ඉන් මිලි මීටර 100කටත් වඩා ලැබුණේ පැයකට ආසන්න කාලයක් තුළදී ය. නගරයේ පහත් බිම්, මාර්ග සහ කොළඹ ජාතික රෝහල ඇතුළු ස්ථාන ජලයෙන් වූයේය. එය අපේක්ෂා නොකළ තරමේ වේදනාත්මක ආපදාවකි.

ඛේදවාචකය තව ඉවර නැත. අද (නොවැම්බර් 7) රාත්‍රියේද තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ. අද පමණක් නොව ඉදිරි දින කීපය තුළ ද නිරිතදිග කලාපය තුළ මිලි මීටර සියය ඉක්මවූ තද වැසි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇත.

දැනට පවතින්නේ අන්තර් මෝසම් කාලය ය. මේ කාලයේ දී අඛණ්ඩ වර්ෂාවන් සාමාන්‍යය. අද දිනය සඳහා බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පැවසුවේය.

ප.ව. 1න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේය. එබැවින් අද රාත්‍රියේද කොළඹට වර්ෂාව ඇතිවීමේ හැකියාව ඉතා ඉහළය.

ඊයේ ජල ගැලීමේ වත්මන් තත්ත්වය

ඊයේ සවස මරදාන, බොරැල්ල, බම්බලපිටිය, ආමර් වීදිය ඇතුළු ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී දැඩි රථවාහන තදබදයක් ඇතිවිය. කොටුව-මරදාන අතර දුම්රිය සංඥා පද්ධතිය බිඳවැටීමෙන් දුම්රිය ප්‍රමාද විය.

නොරිස් කැනල් එක බය උපදවන තරමේ විශාල ජලාශයක් වී එහි හිතාගත නොහැකි තරම් පල් කුණු වතුර රැළි නගමින් වාන් දැමුවේය. ඒ වතුරෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ අංශය, ශල්‍යාගාර සහ සමහර වාට්ටු යටවී ගියේය. සෝපාන කිහිපයක් අක්‍රීය විය. රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් ගෙනයාමට දැඩි පරිශ්‍රමයක් දරනු පෙනුණි.

ජාතික රෝහල් පරිශ්‍රය අත්දුටුවේ නොරිස් ඇළ නිසි පරිදි පිරිසිදු නොකිරීමේ ඛේදවාචකය ය. මිනිස්සු මාලිමාවේ බල්තසාර් ප්රමුඛ කොළඹ මහනගර සභාවට කීවේ ලොකු දේවල් එපා කානුටික සුද්ද කර දෙන්න කියාය. හිතාගන්නටවත් බැරි කොළඹ පිළිබඳව නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ව්‍රායි කැලී බල්තසාර් නගරාධිපතිනිය පසුබිමේ තියාගෙන කී නරිවාදම් එක වැස්සෙන් රෙදි පල්ලේ බේරුන අයුරු දුටුවෙමු.

ජාතික රෝහල අවට දිගින් දිගමට සිදුවන අනවසර අනවසර ඉදිකිරීම් නැවතුනේ නැත. ඇලට කුණු දැමීම ද නැවති තිබුණේ නැත. තත්ත්වය උග්‍ර වන්නේ ඒ පසුබිමේ බව කියැවිනි.

කෙසේ වෙතත් රෝහලේ කාර්ය මණ්ඩලය පැය කිහිපයක් ඇතුළත පිරිසිදු කිරීම් කර මෙහෙයුම් යථා තත්ත්වයට ගෙන ආවේය. මේ වනවිට ප්‍රධාන ජල ගැලීම් පහව ගොස් ඇති බව වාර්තා වන නමුත්, නගරයේ කාණු පද්ධතිය සීමිත නිසා තවත් වැසි ලැබුණහොත් අවදානම ඉහළය.

අදත් ධාරානිපාත වර්ෂාවක් ඇදහැලුණහොත් සිදුවිය හැකි දේ

කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් අද පවසා ඇත්තේ නගරයේ කාණු පද්ධතිය සකස් කර ඇත්තේ මිලිමීටර 30ක් පමණ වර්ෂාවට ඔරොත්තු දෙන පරිදි බවය. කොළඹ යටවන හේතුව දන්නවානම් ඒ සම්බන්ධව කළ හැකි දේ සැලසුම් කිරිම හෝ යෝජනා කිරීම තරමක දෙයක් කළ යුතුව තිබිණි. තවම ඒ සම්බන්ධව ක්‍රියාත්මක වූ ආකාරය රටට පෙනී නැත.

ඊයේ ලැබුණේ ඊට ආසන්න වශයෙන් හතර ගුණයක ප්රමාණයකි. ඇයට අනුව අද රාත්‍රියේද හෝ ඉදිරියේදී මිලිමීටර 100කට වැඩි තද වැසි ඇදහැලුණහොත් පහත් බිම්, ප්‍රධාන මාර්ග, රෝහල් සහ නිවාස නැවත ජලයෙන් යටවිය හැක.

රථවාහන අවහිර වීම, දුම්රිය ප්‍රමාද වීම, විදුලි බිඳවැටීම් අපේක්ෂා කළ යුතුය. කාණු අවහිර වීම සහ ඇළ මාර්ගවල ගැටලු නිසා ජලය ඉක්මනින් බැස නොයාමෙන් තත්ත්වය උග්‍ර විය හැක. කියන්නේ වෙන දෙයක් නොවේ. අදත් වැස්සොත් කොළඹ යළිත් වරක් ඉන්තීරුවෙන්ම සේදී යන බවය.

ඊයේ ආපදාවට අද ගෙන ඇති පියවර

අද උදෑසන කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ හදිසි සාකච්ඡාවක් පැවැත්විණි. එහි පොලිසිය, ත්‍රිවිධ හමුදා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආණ්ඩුකාර කාර්යාලය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන නියෝජිතයින් සහභාගී වූහ. සාකච්ඡාවේ ප්‍රධාන අවධානය යොමු වූයේ කාණු පද්ධතිය වැඩිදියුණු කිරීම, ඇළ මාර්ග සහ මාර්ග යටිතල පහසුකම් ගැටලු විසඳීම සහ කඩිනම් විසඳුම් සොයා ගැනීමය.

නගරාධිපතිනිය ප්‍රදේශවාසීන්ට සිදුවූ අපහසුතාව පිළිබඳ කණගාටුව පළකරමින්, අදාළ ආයතන සමඟ සමීපව කටයුතු කර ක්ෂණික විසඳුම් යෙදවන බව සඳහන් කළාය.

මෙම තත්ත්වය කොළඹ නගරයේ යටිතල පහසුකම්වල සීමාවන් නැවත වරක් පැහැදිලි කර තිබේ. අන්තර් මෝසම් කාලයේ තද වැසි සාමාන්‍ය වුවත්, කාණු සහ ඇළ මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා ඇති වූ හානිය යළි යළිත් පෙනී ගොස් තිබේ.

අප මෙතෙක් ගත කළේත්, දැන් ගතකරමින් සිටින්නේත් කුමණ ජීවිතයක් දැයි කොළඹ මිනිස්සු ඊයේ රටට පෙන්වා දුන්හ. මාලිමාවට නොගොස් වෙනත් දේශපාලන අධිකාරියක් කොළඹ පාලනය කළා නම් මෙහෙම වන්නේ නැතැයි කියන්නට සිහිය කළඳක් ඇති එකෙක් කල්පනා කරන්නේ නැත. එහෙත් රට අනුරට දුන්නේ අවසානයේ දී ඔවුන්ගේ කණගාටුව අපේක්ෂාවෙන් නොවන බව කොළඹ නගරසභාවට මිනිස්සු දැනෙන ලෙස කියන්නට පෙර ප්‍රායෝගික විසදුමක් අවශ්‍ය වී ඇත. එය ලැබෙන්නේ කෙක්කෙන්ද කොක්කෙන්ද යන්න සම්බන්ධවත් රටට හෝ ජනතාවට වැදගත් නැති බව ද කිව යුතුය. මක්නිසාද යත් රට අනුරට දුන්නේ ඉස්සර හිටපු ගොබ්බයන් රටට කෙලවූ නිසා බව මිනිස්සු විශ්වාස කළ නිසාය.