ප්‍රමාණවත් සමාජ කථිකාවක් නොකර ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ නෑ... - ජනපති කියයි!
අපේ රටේ සංස්කෘතිය, ඉතිහාසය සහ බැඳීම් ගලවා දමන රාජ්‍යයක් නිර්මාණය කරන්නේ නැහැ. අපි ඉන්නේ අපේ මහ පොළොව සමග ඓන්ද්‍රිය සබඳතාවක් ඇති සංස්කෘතියකයි. රටක සංවර්ධන මාවත තෝරාගැනීමේදී එහි ඉතිහාසය, ස්වභාවික සම්පත්, මානව සම්පත සහ ජාත්‍යන්තර තත්වය සැලකිල්ලට ගත යුතුයි. අපි කිසිසේත්ම අපේ රට ගොඩැනැගී තිබෙන ඓතිහාසික පවුරු, පදනම් අත්හැරීමට සූදානම් නැහැ. අපි මේ රාජ්‍ය ගොඩනගන්නේ මේ සමාජ සංවර්ධනය සහ ආර්ථික ප්‍රගතීන් අත්පත් කර ගන්නේ අපිටම අනන්‍ය වූ, අපේ ජාතිය ගොඩනැගුණු ඓතිහාසික පවුරු පදනම් ආරක්ෂා කර ගනිමිනුයි. - ජනාධිපති අනුර කුමාර දිසානායක...
LSN Sri Lanka ·

නීති විරෝධී අපරාධකරුවන්ගේ සහ ඔවුන්ගෙන් වරප්‍රසාද ලබන පිරිසගේ හඬට සවන් නොදුන්නද, ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් වෙනුවෙන් සාධනීයව පෙනී සිටිනා සංවිධාන හා සමාජ කණ්ඩායම් සමග පුලුල් සංවාදයකින පසු ඇතිකරගන්නා නිශ්චිත එකඟතාවයකින් තොරව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්මත කරගන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (07) ප්‍රකාශ කළේය.

අණ පනත් වලින් බැඳතබා ගෙන බලහත්කාරයෙන් ආණ්ඩුවක් කිරීමේ අභිලාෂයක් ආණ්ඩුවට නැති බවත්, ජනතාව එපා කී මොහොතේ සියලු දේ අත් හැරීමට සූදානම් රජයකට මෙවැනි පනත් කඩිමුඩියේ සම්මත කරගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිනි. සමුළුව අමතමින් ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

මීට පෙර අපි වෘත්තීය සමිති සමුළු කිහිපයකට සහභාගි වුණා. ඒ සෑම අවස්ථාවකම අපේ අභිප්රායන් දෙකක් තිබුණා. එකක් තමයි තමන්ගේ ක්ෂේත්රයේ මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සොයා ගැනීම සඳහා සටන් කිරීම සහ සංවිධානය වීම. ගුරුවරුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් අපි සාකච්ඡා කළා, එකතු වුණා. එහෙම නැත්නම්සෞඛ්ය සේවා කණ්ඩායම්වල ප්‍රශ්න වෙනුවෙන් අපි එකතු වුණා.

ඒ වගේම දිගු කාලයක් අපේ රට විනාශයට පත් කරමින් තිබෙන දේශපාලනය වෙනස් කිරීම සඳහා අපි එකතු වුණා. සටන් කළා. එසේනම් තමන්ගේ ක්ෂේත්රයේ අයිතිවාසිකම් දිනා ගැනීම සහ දිගුකාලීන ලෙස දේශපාලන වෙනසක් අත්පත් කර ගැනීම තමයි වෙනදා අපේ වෘත්තීය සමිති සමුළුවල අභිප්‍රාය, අපේක්ෂාව බවට පත් වුණේ.
හැබැයි ඒ හැම සමුළුවකටම වඩා අද මෙම සමුළුව වෙනස් වෙනවා. බලය අත්පත් කර ගැනීම සඳහා දියත් කළ සටන ජයග්‍රහණය කිරීමෙන් පසුවයි අද අපි මේ සමුළුව පවත්වන්නේ. එම ජයග්‍රහණය වැදගත්. එම ජයග්‍රහණය සාමාන්‍ය තත්වයේ ජයග්‍රහණයක් නොවෙයි. අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයට නායකත්වය දෙන අපේ ලාල්කාන්ත සහෝදරයා, වසන්ත සහෝදරයා, මහින්ද ජයසිංහ සහෝදරයා ඇතුළු නායකයන් ඒ වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව වැඩ කළා.

1994 අපි නැවත දේශපාලන ව්‍යාපාරය පටන් ගත්තට පස්සේ අපිට සාමාන්‍යයෙන් ගම් කේන්ද්‍ර කරගත් යම් බලයක් තිබුණා. හැබැයි දීර්ඝ කාලයක් අපේ පක්ෂය හදපු කාලයේ ඉඳන්ම බැලුවොත් අපිට වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ එහෙම බලයක් තිබුණේ නැහැ. හැබැයි මේ ජයග්‍රහණය අත්පත් කරගැනීමට වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ විශාල බලයක් නිර්මාණය කරගතයුතු බව අපි කල්පනා කළා. ඒ වගේම අත්පත් කරගත් ජයග්‍රහණය රැකගන්නත් අපිට වෘත්තීය සමිති ව්‍යාපාරයක් අවශ්‍යයි. හැබැයි ඒ වෙලාවේ අපිට ඉතාමත් දුෂ්කර කාලයක, රාජ්‍ය සේවයට, පෞද්ගලික අංශයට, අර්ධ රාජ්‍ය අංශයට, වතු ක්ෂේත්රවලට අපි ඉතාමත් දුරින් හිටපු කාලයක අපේ පක්ෂය තීන්දුවක් ගත්තා කොළඹ ඇවිල්ලා වෘත්තීය සමිති ව්‍යාපාරය ගොඩනගන්න නායකත්වය දිය යුතුයි කියලා.

මේ අනුව අපේ සහෝදරවරු විශාල වෙහෙසක් දරලා අද ලංකාවේ ශක්තිමත්ම වෘත්තීය සමිති ව්‍යාපාරය ගොඩනගා තිබෙනවා. ඒ සඳහා අඩිතාලම දැමූ, ඒ සඳහා වෙහෙස වු සෑම සහෝදර සහෝදරියකටම අපේ ස්තූතිය පුද කරනවා. ඔබ විශාල කැප කිරීමක් කළා, මම දන්නවා සමහර අයගේ වැඩ තහනම් වුණා. සමහර අය ආයතනය තුළ කොන් කිරීමට භාජනය වුණා. ආයතනවලින් වෙනත් ආයතනවලට මාරු කළා. ලබා දිය යුතු උසස්වීම් ලබා දුන්නේ නැහැ. හැබැයි ඒ සියල්ල දරාගෙන, බලය අත්පත් කර ගැනීමේ ගමන අපි අද ජයග්‍රහණය කර තිබෙනවා.

මේ මොහොතේ වගකීම

දැන් අපිට තිබෙන්නේ මේ ආපු ගමන නව පරිවර්තනයක් කරා ගෙන යාමයි. මෙතෙක් පැවති ආර්ථික ගමන වෙනුවට නව ගමනක් අපිට අවශ්‍යයි. පැරණි සමාජය වෙනුවට නව සමාජයක් අවශ්‍යයි. පැරණි, ගෝත්රිකවාදී දේශපාලනය වෙනුවට අලුත්, ප්රගතිශීලි, මහජන දේශපාලනයක් අවශ්‍යයි. ඒ පරිවර්තනය අපි සිදු කරනවා.

එහිදී දේශපාලන අධිකාරියට විශාල වැඩකොටසක් පැවරෙනවා. මම හිතනවා සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා අවශ්‍යවන පදනම අපි දමා තිබෙනවා. මම ඇතුළු අපේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පහළම මන්ත්‍රීවරයා දක්වා අපි ඒ පරිවර්තනයට උර දී තිබෙනවා. හැබැයි අපිට සමහර පරිවර්තනයන් අත්පත් කර ගැනීමට සැලකිය යුතු ආර්ථික පරිවර්තනයක් අවශ්‍යයි.

ආර්ථික පරිවර්තනයකදී ගත යුතු තීරණ

මෙම ආර්ථික පරිවර්තනයේදී යම් පැරණි නීති බාධාවක් වී තිබෙනවා. අපි ඒ නීති සියල්ල සංශෝධනය කිරීමට කටයුතු කරනවා. මේ ආර්ථික පරිවර්තනයට අවශ්‍ය වන නීතිමය රාමුව අපි හදාගන්නවා. ඒ වගේම අපේ පැරණි ව්‍යුහයෙන් සමග ඉදිරියට යන්න බැහැ. ඒවා එක් එක් කාලවල එක් එක්වුවමනාවන් වෙනුවෙන් හදපු ඒවා. හැබැයි දැන් ඒ වුවමනාවන් වෙනස් වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් ඉස්සර ශක්තිමත් රජයේ වැඩ දෙපාර්තමේන්තුවක් තිබුණා. ඇයි, එළියේ විශාල කොන්ත්‍රාත්කරුවන් හිටියේ නැහැ. එතකොට පාරවල් හදන්න, ගොඩනැගිලි හදන්න ඕනැ ආණ්ඩුව. එතකොට ආණ්ඩුවට විතරයි ඒවා කිරීමේ ශක්‍යතාව තිබුණේ. හැබැයි දැන් ශක්තිමත් පෞද්ගලික අංශයක් එළියේ හැදිලා තිබෙනවා. නවීන යන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණික දැනුම තිබෙන කණ්ඩායම්වලින් සමන්විත ඉදිකිරීම් ක්ෂේත්රයක් තිබෙනවා. දැන් එතකොට බලන්න ඕනේ රජයේ ඉදිකිරීම් ක්ෂේත්රය මොන ප්‍රමාණයද අපි තියාගන්න ඕනේ කියලා, එහෙම අලුත් ව්‍යුහයන් ගැන අපි හිතන්න ඕනෑ.

අපේ රාජ්‍ය සේවයේ ඇතැම් ආයතනවල කාර්යභාරය මේ වෙනකොට යල්පැන තිබෙනවා. ඒවා තවදුරටත් අවශ්‍ය නෑ. ඇතැම් රාජ්‍ය ආයතන තියෙනවා, රජය වෙනුවට එළියේ එවැනි විශාල සේවා සපයන්න පුළුවන් ආයතන හැදිලා තිබෙනවා. හැබැයි අලුත් අභියෝගයට අපිට අලුතෙන් තව ආයතන අවශ්‍යයි. ශක්තිමත් ඩිජිටල් පරිවර්තනයක් අපිට අවශ්‍යයි. එම ශක්තිමත් ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් අපි අලුත් ආයතනයක් හදන්න ඕනෑ. පැරණි ආයතන යම් ප්‍රමාණයක් අපිට වහන්න වෙනවා, සමහර ඒවා ඒකාබද්ධ කරන්න වෙනවා, සමහර ඒවගේ අරමුණු වෙනස් කරන්න වෙනවා. එහෙම නැතුව පරිවර්තනය කරන්න බෑ.

ඒ වගේම අලුත් තත්ත්වයට අනුරූපී වන ආයතන ගොඩනැගිය යුතුයි. අපි 'GovTech' කියලා ඩිජිටල්කරණය සඳහා ප්‍රධාන ආයතනයක් අලුතෙන් හැදුවා. ඇයි මේ වෙලාවේ ඒක අපේ ආර්ථිකපරිවර්තනය සඳහා වැදගත්. සාමාන්‍යයෙන් IT ක්ෂේත්රයේ පිරිස සාමාන්‍ය රාජ්‍ය සේවයේ තිබෙන වැටුප් තලවලට ගේන්න බැහැ. ඒ නිසා නව වැටුප් තලවල පිහිටුවලා, භාණ්ඩාගාරයේ අයිතිය යටතේ අලුත් ආයතනයක් අපි හැදුවා.

දැන් ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය වන ශක්‍යතාවය අපි හදාගන්නවා. පැරණි ඒවා අත්හැරිය යුතුයි. ඒ වගේම අලුත් ඒවා හැදිය යුතුයි. ඉතා ඉක්මනින්ම ඩිජිටල් ආර්ථික පනත ගෙනැල්ලා, ඩිජිටල් ආර්ථික අධිකාරියක් හදනවා.

ඒ වගේම අලුත් අභියෝගයට සූදු නියාමන අධිකාරියක් අවශ්‍ය වෙනවා. ඇයි, බූරුවා ගහන කැටගහන මට්ටමේ තිබුණු සූදුව අද ඔන්ලයින්වලින් ප්‍රධාන ව්‍යාපාර බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා අපි සූදු නියාමන පනත සම්මත කර සූදු නියමන අධිකාරිය හැදුවා. පැරණි මළකඩ ගලවන ගමන් අලුත් තත්වයට අනුරූපී වන නව නීති සහ නව ආයතන අපි හදනවා. මේ පරිවර්තනය වෙනුවෙන් සමහර ඒවා අත්හරින්න වෙනවා, සමහර ඒවා එකතු කරන්න වෙනවා, සමහර ඒවගේ අරමුණු වෙනස් කරන්න වෙනවා.

පැරණි බස් සංචිතය අලුත් බස් සංචිතයකට පරිවර්තනය කරන්න මෙට්‍රෝ සමාගම අලුතෙන් හැදුවා. පරිවර්තනය සඳහා අවශ්‍ය වෙනස්කම් ටික රාජ්‍ය සේවය ඇතුළේ කරන්න ඕනේ. ඒ නිසා පැරණි ආකල්ප වලින්, පැරණි මළකඩ වලින් කැඩිලා එළියට එන්න ඕනැ. අපි ඒ සඳහා අවශ්‍ය නීති සහ ආයතන ව්‍යුහයන් සකස් කරනවා.

හැබැයි නීති, ආයතන ව්‍යුහයන් තිබ්බට විතරක් ප්‍රමාණවත් නැහැ, මේවා ක්‍රියාවට නැංවිය යුතුයි. අද ප්‍රසම්පාදනය ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. අපේ මිලදී ගැනීම් තිබෙන්නේ මේස, පුටු, භාණ්ඩ මිලදී ගැනීමටයි. හැබැයි දැන් තියෙන්නේ භාණ්ඩ මිලදී ගන්න නෙවෙයි, අලුත් ආකෘතියට අනුව විසඳුම් මිලදී ගන්න. ප්‍රශ්නයක් තිබෙනවා, ඒකට සිස්ටම් එකක් හදලා දෙන්න කියනවා, අපි මිලදී ගන්නේ විසඳුම. ප්‍රසම්පාදන කොමිෂන් සභාවත් එක්ක සාකච්ඡා කර විසඳුම් මිලදී ගැනීම සඳහා වැඩසටහනක් අපි හදනවා. අපි මේ පරිවර්තනීය යුගයට පරිවර්තනය විය යුතුයි.

සිදුකළ යුතු වෙනස්කම්

වැව් අමුණු හදන්න, ඩෙංගු මර්දනයට, ග්‍රාමීය ආර්ථිකය සවිබල ගන්වන්න මුදල් වෙන් කරන්න පුළුවන් වුණත්, එය ග්‍රාමීය මට්ටමින්ක්රියාවට නංවන්නේ ශක්තිමත් රාජ්‍ය යාන්ත්රණයයි. ඒ නිසා අපි ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුයි. 2025 වසරේ රජයේ වාහන අලුත්වැඩියාවට විතරක් බිලියන 25කට ආසන්න මුදලක් වැය වෙලා තිබෙනවා. මේ පැරණි වාහන සංචිතය ඉවත් කර නව වාහන සංචිතයක් ගේන්න සැලසුම් කර තිබෙනවා. පැරණි කොම්පියුටර් පද්ධති ඉවත් කර අලුත් ඩිජිටල් පද්ධති ගේනවා. තෝරාගත් සේවාවන් රැසක් රජයේ කාර්යාලයට එන්නේ නැතුව ගෙදර ඉඳන් ලබාගත හැකි පරිදි ඇප්ලිකේෂන් සහ සිස්ටම් හදනවා.

විශේෂඥ ඥානය සහ තාක්ෂණික නිපුණතාව ඇති අය රාජ්‍ය සේවයට ගේන්න නම් පැරණි වැටුප් තල වලින් එළියට ආ යුතුයි. පොදු රාජ්‍ය සේවයේ මූලික වැටුප් තල වැඩි කර තිබෙන අතර ජනවාරි මාසයේදීත් ඊළඟ වැටුප් තලය ලැබෙනවා. අයවැය මගින් බොහෝ අත්‍යාවශ්‍ය දීමනාවන් 100%කින් වැඩි කිරීමට අපි කටයුතු කරනවා.

වසර ගණනාවකින් බඳවාගැනීම් නොකිරීම නිසා අඩපණ වී තිබූ රාජ්‍ය සේවයටඅලුතෙන් එක්ලක්ෂ විසි එක්දහසක් බඳවාගැනීමට තීරණය කර කටයුතු ආරම්භ කර තිබෙනවා. ගුරුවරුන් 23,000ක්, විශ්වවිද්‍යාල හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඊට ඇතුළත් වෙනවා. මෙවර බඳවාගැනීම් කරන්නේ නිශ්චිත කාර්යයක් සහ රැකියාවක් පවතින බවට තහවුරු කරගැනීමෙන් පසුව පමණයි. රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය පුහුණු කිරීමේ වැඩසටහන් සඳහාද අයවැයෙන් මුදල් වෙන්කරනවා.

අර්ධ රාජ්‍ය ආයතනවල සෑම බඳවාගැනීමකටම භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතු බවට තදින් නීති ක්‍රියාත්මක කළ නිසා, පසුගිය වසර ඇතුළත පාඩු ලැබූ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් ලාභ ලබන තත්ත්වයට පත්කරගැනීමට හැකිවුණා. ශ්‍රීලංකන් ගුවන් සේවය වැනි ආයතන සඳහා නව කළමනාකරණ ක්‍රම සහ ප්රාග්ධනය අවශ්‍යයි. සාර්ථකත්වය පෙන්වූ මිල්කෝ වැනි ආයතනවල පහළ කළමනාකරණ මට්ටම්වල බඳවාගැනීම් සඳහා අධ්යක්ෂ මණ්ඩලවලට යම් නිදහසක් ලබාදෙනවා. මිල්කෝ ආයතනය ලාභ ලබා කිරි ගොවීන්ට හා සේවකයින්ට බෝනස් පවා ලබාදුන්නා.

මීට පෙර ජාතික රූපවාහිනිය, ITN ආදී ආයතනවල වැටුප්, EPF/ETF පාරිතෝෂිත ගෙවාගැනීමට නොහැකිව තිබුණා. ඒ සියල්ල ගෙවීමට ආණ්ඩුවෙන් මුදල් වෙන් කළා. රාජ්‍ය ආයතන ගොඩනැගිය යුතු අතරම එහි ප්රතිලාභ වැඩ කරන අයටත්, ජනතාවටත් රටේ පොදු ආර්ථිකයටත් ලැබිය යුතුයි. අපි ඒ සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් වැඩකරන ජනතාවගේ දායකත්වය අවශ්‍යයි.

වතු ක්ෂේත්රයේ වතු ඇතුළත ඇති මාර්ග ප්‍රාදේශීය සභා වෙත භාරගෙන සංවර්ධනය කිරීමට කටයුතු කළා. වතු සේවක වැටුප් රු. 1,300 සිට රු. 1,700 දක්වා රු. 400කින් වැඩි කිරීමේදී රුපියල් 200ක බරක් රජය විසින් දරාගත්තා. ඉදිරියේදී වතු හාම්පුතුන් සමග අලුත් ගිවිසුම්වලට එන්නේ සේවක අයිතිවාසිකම් ශක්තිමත්ව තහවුරු වන පරිදියි. එලෙස එකඟ නොවන අයට නැවත වතු ලැබෙන්නේ නැහැ.

අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන්නේ පෞද්ගලික අංශයයි. අපි පෞද්ගලික අංශයේ මූලික වැටුප් වැඩි කළා. උපයන විට ගෙවීමේබදු සීමාවලක්ෂයේ සිට ලක්ෂ එකහමාර දක්වා වැඩි කළා. ඉදිරි අයවැයේදීද එම සීමාව යම් ප්‍රමාණයක් වැඩි කිරීමට අපි අපේක්ෂා කරනවා.

රටේ ඉඩම්වලින් 48%ක් වැවිලි හා කෘෂිකාර්මික ඉඩම් වන අතර ශ්‍රම බලකායෙන් 23%ක් ඊට යෙදී සිටිනවා. හැබැයි ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය 8%ක් තරම් කුඩා අගයක්. එම නිසා ඉදිරි අයවැයෙන් ඉඩම් ප්රශස්ත මට්ටමින් වගා සැලසුම්වලට පරිවර්තනය කරනවා.

ඒ වගේම රාජ්‍ය ආයතනවල උපරිම ඵලදායීතාව ලබා ගැනීමට නම් ප්‍රශස්ථ මට්ටමේ පරිවර්තනයක් අවශ්‍යයි. වරාය සහ ගුවන්තොටුපොළ පැරණි යාන්ත්‍රණයෙන් පවත්වාගෙන යා නොහැකි අතර, ලෝක තරගකාරීත්වයට ගැළපෙන නව කළමනාකරණයකට ලක්කළ යුතුයි. ගුවන්තොටුපොළේ පළමු හා දෙවන ටර්මිනල්වල වැඩකටයුතු මෙන්ම භාණ්ඩ ප්‍රවාහන ටර්මිනල් සහ දේශීය ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

අප පුද්ගලයින් වශයෙන් වෙනස් විය යුතුයි

කැබිනට් පත්‍රිකා අනුමත කිරීම හා නීති සම්මත කිරීම රජයට කළ හැකි වුවත්, මෙම පරිවර්තනය සැබෑ ලෙසම ක්‍රියාත්මක කරන්නේ ආයතනවල වැඩකරන සේවක සේවිකාවන් සහ වෘත්තීය සමිති නායකයින් විසිනුයි. අපි අත්පත් කරගත් ජයග්‍රහණයේ සැබෑ අරමුණු ඉටු කර ගැනීමට නම් මේ පරිවර්තනය සඳහා ඔබේ දායකත්වය, මැදිහත්වීම සහ නායකත්වය අත්‍යාවශ්‍යයි. තීන්දු ගැනීමට පෙර වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන අතර, තීන්දුවක් ගත් පසු සියලුදෙනා එය ජයග්‍රහණය කරවීමට කැපවිය යුතුයි.

පැරණි මනෝභාවයන්, සිතුම්, පැතුම්, ක්‍රියාකාරිත්වය සහ වුවමනාවන් දැන් වෙනස් වී තිබෙනවා. එහෙත් අපි පැරණි ඒවායේම සිටිනවා. ඒ නිසා අලුත් අරමුණුවලට ගැළපෙන පරිදි අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය පරිවර්තනය විය යුතුයි. ඒ වෙනුවෙන් එක්ව කටයුතු කරමු කියා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවුණහොත් අපි අපිම මේ පරිවර්තනයට බාධාවක් විය හැකියි, මේ පරිවර්තනය ආපස්සට අදින්නන් විය හැකියි. මම යෝජනා කරන්නේ අපි අපිම මේ පරිවර්තනයට නායක්තවය සහ මැදිහත්වීම ලබාදිය යුතුයි.

අපි ආර්ථික ස්ථාවරභාවය ඇති කළා, දැන් මේ ආර්ථිකය පරිවර්තනය කළයුතුයි. මීට පෙර පෞද්ගලික සමාගම් තෙල් වෙළඳපොළට ගේන විට රාජ්‍ය අංශයේ තෙල් සංස්ථාව වැහෙයි කියා බියෙන් පෞද්ගලික අංශයට මිල තීරණය කිරීමේ අයිතිය අතීතයේ ලබාදුන්නේ නැහැ. හැබැයි අද පෞද්ගලික අංශයට වඩා අඩුවෙන් තෙල් විකුණන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. ඩීසල් වෙළඳපොළ පංගුව 57% සිට 80% දක්වා වැඩි කරගැනීමට CPC එක සමත් වී තිබෙනවා.

ලිට්රෝ ගෑස් (Litro Gas) සමාගමද පෞද්ගලික අංශයට වඩා අඩුවෙන් හා අඛණ්ඩව ගෑස් සැපයීමට සමත් වී තිබෙනවා. ලෝක බලශක්ති අර්බුදය හමුවේ වුවද අඛණ්ඩව බලශක්ති සැපයුම ලබාදීමට රාජ්‍ය අංශය සමත් වුණා.

දැනට පවතින ගෑස් හිඟය ඩොලර් නැතිකම නිසා ආ එකක් නොව, රාජ්‍ය අංශයේ ගෑස් සඳහා වූ ඉල්ලුම හා වෙළඳපොළ පංගුව එකවර ඉහළ යාම නිසා ගබඩා ධාරිතාව මදි වීමෙන් ඇතිවූවක්. අලුත් ගබඩා හැදීමෙන් හෝ පවතින ගබඩා සමග එකඟතාවලට පැමිණීමෙන් එය සම්පූර්ණයෙන් විසඳීමට කටයුතු කරනවා.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත

1978 සිට පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළයුතුයි කියන ස්ථාවරයේ අපි සිටියා. අපේ ආණ්ඩුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා. එයයි අපේ තීරණය. හැබැයි ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා තිබෙන පනත අහෝසි කරන අතරම වර්තමානයේ පවතින ත්‍රස්තවාදී තර්ජනයන්ට අනුරූපී වන පරිදිත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනතක් අවශ්‍යයි. ත්‍රස්තවාදයෙන් ආරක්ෂාවීමේ පනතක් නැතිව යන්න බැහැ. ලෝකය පුරාවටම ත්‍රස්තවාදී තර්ජනයක් තිබෙනවා. ඒ නිසා එම තර්ජනයට අනුරූපිවන පරිදි නව පනතක් ගෙන ඒමට අපි කටයුතු කරනවා.

පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා රුපියල් කෝටි 22,000ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාලය මගින් රාජ්‍යය දුර්වල කිරීම වැළැක්වීම සඳහා සංවිධානාත්මක අපරාධවලින් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතක්අවශ්යයි.

මෙම පනත් ජනතාව මර්දනය කිරීමට පාවිච්චි කරන්නේ නැහැ. පසුගිය වසර දෙක තුළ කිසිදු ජල ප්‍රහාරයක්, බැටන් ප්‍රහාරයක් හෝ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ නැහැ. ජාතික ජන බලවේගයට ජනතාව මර්දනය කිරීමට පනත් අවශ්‍ය නැහැ. ජනතාව අකමැති නම් ඊළඟ මැතිවරණයට යාමට සූදානම්. අපි අණ පනත්වලින් බලයේ සිටීමට සූදානම් දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. අපි ජනතා කැමැත්තෙන් සහ ජනතාවගේ බලයෙන්, බලයේ සිටින ව්‍යාපාරයක්.

නීති විරෝධී අපරාධකරුවන්ගේ සහ ඔවුන්ගෙන් වරප්‍රසාද ලබන පිරිසගේ හඬට සවන් නොදුන්නද, ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් ගැන කතා කරන සංවිධාන හා සමාජ කණ්ඩායම් සමග සාකච්ඡා කර, පුළුල් එකඟතාවකටපැමිණීමෙන් තොරව කඩිමුඩියේ මෙම පනත් දෙක පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ නැහැ.

සංස්කෘතික බැඳීම් උගුලුවා දැමූ රාජ්‍යයක් හදන්නේ නෑ...

අපේ රටේ සංස්කෘතිය, ඉතිහාසය සහ බැඳීම් ගලවා දමන රාජ්‍යයක් නිර්මාණය කරන්නේ නැහැ. අපි ඉන්නේ අපේ මහ පොළොව සමග ඓන්ද්‍රිය සබඳතාවක් ඇති සංස්කෘතියකයි. රටක සංවර්ධන මාවත තෝරාගැනීමේදී එහි ඉතිහාසය, ස්වභාවික සම්පත්, මානව සම්පත සහ ජාත්‍යන්තර තත්වය සැලකිල්ලට ගත යුතුයි. අපි කිසිසේත්ම අපේ රට ගොඩැනැගී තිබෙන ඓතිහාසික පවුරු, පදනම් අත්හැරීමට සූදානම් නැහැ. අපි මේ රාජ්‍ය ගොඩනගන්නේ මේ සමාජ සංවර්ධනය සහ ආර්ථික ප්‍රගතීන් අත්පත් කර ගන්නේ අපිටම අනන්‍ය වූ, අපේ ජාතිය ගොඩනැගුණු ඓතිහාසික පවුරු පදනම් ආරක්ෂා කර ගනිමිනුයි.

දේශපාලන සටන් පාඨ අහිමි වූ පිරිස් අද අතිශය ව්‍යාජ, අසත්‍ය සටන් පාඨ සාදා තමන් විසින්ම ඊට එරෙහිව සටන් කරනවා. එම ව්‍යාජ සටන් පාඨවලට රැවටෙන්නේ නැති, ඇත්ත සමාජ පරිවර්තනය සඳහා අවශ්‍ය සමාජ පදනම සමග අපි ඉදිරියට ගමන් කරනවා. මෙම කාර්යයේදී සුවිශේෂී කාර්යභාරයක් වෘත්තීය සමිති ව්‍යාපාරයට පැවරෙනවා. ඒ නිසා අලුත් දැක්මක් සහ කැපකිරීමකින් යුතුව අපි වැඩ කරමු කියා සියලුදෙනාට ආරාධනා කරනවා.