කොළඹ හේදී ගියපසු කොළඹ ගංවතුර පාලනයට ජනාධිපති ලේකම්ගේ මැදිහත්වීමෙන් විශේෂ මෙහෙයුම් කාර්ය සාධක බලකායක්!
කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර්, නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර, Clean Sri Lanka වැඩසටහනේ නියෝජිතයන්, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය හා මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහු රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
LSN Sri Lanka ·

කොළඹ නගරයේ නිතර ඇතිවන ක්ෂණික ගංවතුර (Flash Floods) හා හදිසි ආපදා තත්ත්වයන්ට ඍජුව ප්‍රතිචාර දැක්වීම සඳහා කොළඹ මහ නගර සභාව (CMC) යටතේ විශේෂ මෙහෙයුම් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක උපදෙස් ලබා දී ඇත. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන එක්කර ගනිමින් මෙම බලකායේ සම්බන්ධීකරණ කටයුතු ශක්තිමත් කිරීමට නියමිතය.

ඊවේ (නොවැම්බර් 6 වැනිදා) සවස් කාලයේ ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක දැඩි ගංවතුර තත්ත්වයක් හටගත්තේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව කොළඹට පැය කිහිපයක් ඇතුළත මිලිමීටර් 129 ක පමණ අසාමාන්‍ය වර්ෂාපතනයක් ලැබී තිබිණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ තිඹිරිගස්යාය ප්‍රදේශයෙන් පැය 12 ක් ඇතුළත මිලිමීටර් 146.6 ක වර්ෂාපතනයක් වාර්තා වූ බවයි.

කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් පෙන්වා දෙන්නේ නගරයේ පවතින ජලාපවහන පද්ධතිය නිර්මාණය කර ඇත්තේ පැයකට මිලිමීටර් 30 ක වර්ෂාපතනයකට ඔරොත්තු දෙන පරිදි බවත්, ලැබුණු අධික තීව්රතාවයෙන් යුත් වර්ෂාපතනය මෙම හදිසි ජලගැලීමට ප්‍රධාන හේතුව වූ බවත්ය.

මෙයින් රථවාහන ධාවනය, ව්‍යාපාරික කටයුතු හා ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩපණ වූ අතර, නෝරිස් කැනල් මාර්ගය ආශ්‍රිතව පැවැති ජලගැලීම් හමුවේ කොළඹ ජාතික රෝහලේ සමහර අංශ ද යටවීමට ලක්විය.

මෙම හදිසි තත්ත්වය හමුවේ අද ( නොවැම්බර් 7 වැනිදා ) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණ රැසකට එළඹුණි. එහිදී කෙටි, මධ්‍යම හා දිගුකාලීන සැලසුම් සකස් කිරීම, ජලාපවහන පද්ධති යාවත්කාලීන කිරීම, නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීමෙන් හිරවී ඇති ඇළ මාර්ග හා කාණු පද්ධති හදිසියෙන් පිරිසිදු කිරීම සහ ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු විය.

එමෙන්ම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, බලපෑමට ලක්වූ පදිංචිකරුවන් වෙනත් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරීමේ සැලසුම් සහ විධිමත් කසළ බැහැර කිරීම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරිණි.

කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර්, නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර, Clean Sri Lanka වැඩසටහනේ නියෝජිතයන්, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය හා මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහු රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මේ අතර, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව සහ කොළඹ මහ නගර සභාව එක්ව සෙනසුරාදා සිටම විශේෂ පිරිසිදු කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ඇළ මාර්ගවල එකතු වී ඇති කසළ, රොන්මඩ සහ ජල බාධා ඉවත් කර වැසි ජලය බාධාවකින් තොරව ගලා බැසීමට සලසා දීම මෙහි ප්‍රධාන අරමුණය.

දෙමටගොඩ සර්පන්ටයින් ඇළ, ටොරිංටන් ඇළ, දෙහිවල ඇළ, කොලඹගේ මාවත සහ කිරුළපන අවට ඇළ මාර්ග මුල් කරගනිමින් මෙම හදිසි ශ්‍රමදායක මෙහෙයුම් දැනටමත් ක්‍රියාත්මක වේ.