LSN News › Sri Lanka

Business · Sri Lanka Bureau

නිදහස් වෙළඳ ගිවිසුම් ප්‍රතිසංස්කරණයට නව ප්‍රතිපත්ති රාමුවක් – විජිත හේරත්

නිදහස් වෙළඳ ගිවිසුම් අවසන් තීරණවලට එළඹීම සඳහා ජාතික වෙළඳ සංගම් කමිටුවක් සහ වෙළඳ ප්‍රතිපත්ති උපදේශක කමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. මෙම කමිටු දෙකම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශේෂඥයින්ගෙන් මෙන්ම වෙළඳ මණ්ඩල නියෝජිතයින්ගෙන් ද සමන්විත වේ.

LSN Sri Lanka · 8 November 2026

නිදහස් වෙළඳ ගිවිසුම් ප්‍රතිසංස්කරණයට නව ප්‍රතිපත්ති රාමුවක් – විජිත හේරත්

රජය විසින් නුදුරේදීම සිය නව නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) ප්‍රතිපත්ති රාමුව එළිදැක්වීමට නියමිත අතර, එමගින් දැනට පවතින වෙළඳ ගිවිසුම් නැවත සමාලෝචනය කර සංශෝධනය කිරීමටත්, තවත් නව ගිවිසුම් කිහිපයකට එළඹීමටත් කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේය.

මෙම නිදහස් වෙළඳ ගිවිසුම් ප්‍රතිපත්ති රාමුව මෙම සතියේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නිදහස් වෙළඳ ගිවිසුම් අවසන් තීරණවලට එළඹීම සඳහා ජාතික වෙළඳ සංගම් කමිටුවක් සහ වෙළඳ ප්‍රතිපත්ති උපදේශක කමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. මෙම කමිටු දෙකම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශේෂඥයින්ගෙන් මෙන්ම වෙළඳ මණ්ඩල නියෝජිතයින්ගෙන් ද සමන්විත වේ.

මෙම නව ප්‍රතිපත්ති රාමුව යටතේ දැනට ඉන්දියාව, පාකිස්ථානය, තායිලන්තය සහ සිංගප්පූරුව යන රටවල් සමඟ පවතින නිදහස් වෙළඳ ගිවිසුම් හතර නැවත සාකච්ඡා කර සංශෝධනය කිරීමට නියමිතය.

"දැනට පවතින ගිවිසුම් රටට වඩාත් වාසිදායක වන අයුරින් වැඩිදියුණු කිරීමට විශාල ඉඩකඩක් තිබෙනවා," යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම අනාගතයේදී අත්සන් කරනු ලබන සියලුම නව නිදහස් වෙළඳ ගිවිසුම් සහ වෙළඳ සම්මුතීන් මෙම අනුමත කරන ලද ප්‍රතිපත්ති රාමුව ඇතුළත පිහිටා සිදු කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව, ලබන වසරේදී ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ නව විස්තීරණ ආර්ථික සහකාරීත්ව ගිවිසුම් (CEPA) දෙකකට එළඹීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇත. ඒ සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය විජිත හේරත් පැවසීය.

ඉන්දියාවට අමතරව ශ්‍රී ලංකාව අත්සන් කර ඇති අනෙකුත් නිදහස් වෙළඳ ගිවිසුම් අතරට 2002 අගෝස්තු මාසයේදී අත්සන් කර 2005 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ පාකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම අයත් වේ. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම 2018 වසරේදී ක්‍රියාත්මක වූ අතර, තායිලන්තය සමඟ ගිවිසුමට අත්සන් තබන ලද්දේ 2024 වසරේදීය.

මීට අමතරව ශ්‍රී ලංකාව සම්බන්ධ වී සිටින අනෙකුත් වෙළඳ ගිවිසුම් අතර සාර්ක් මනාප වෙළඳ ගිවිසුම (SAPTA), දකුණු ආසියාතික නිදහස් වෙළඳ ප්‍රදේශය (SAFTA), ආසියා-ශාන්තිකර වෙළඳ ගිවිසුම (APTA), ගෝලීය වෙළඳ මනාප පද්ධතිය (GSTP) සහ එක්සත් රාජධානියේ නව සංවර්ධනය වන රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) ප්‍රධාන වේ. ( සන්ඩේ ටයිම්ස් ඇසුරෛන් )