LSN News › Sri Lanka

බදුල්ල සහ හම්බන්තොට රෝහල්වල ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර කාමරවලට... ප්‍රතිකාර කරගන්න බැරිව පිළිකා රෝගීහු අසරණ වෙති!

එක් යන්ත්‍රයක් සඳහා රුපියල් මිලියන 600කට අධික මුදලක් වැය වන අතර, එක රෝහලක සම්පූර්ණ විකිරණ ප්‍රතිකාර ඒකකයක් ස්ථාපනය කිරීම සඳහා අපේක්ෂිත වියදම රුපියල් මිලියන 1000 ඉක්මවන බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පෙන්වා දෙයි.බදුල්ල පළාත් මහ රෝහලේ යන්ත්‍රය ස්ථාපනය කිරීම (Installation) පසුගිය අප්‍රේල් මාසය වන විටත්, හම්බන්තොට මහ රෝහලේ යන්ත්‍රය ස්ථාපනය කිරීම ඔක්තෝබර් මස මුල් සතිය වන විටත් අවසන් කර තිබේ. එසේ වුවද එම රෝහල්වල ප්‍රතිකාර කටයුතු ආරම්භ නොකිරීම හේතුවෙන් රෝගීහු බරපතළ අපහසුතාවට ලක්ව සිටිති

LSN Sri Lanka · 8 November 2026

බදුල්ල සහ හම්බන්තොට රෝහල්වල ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර කාමරවලට... ප්‍රතිකාර කරගන්න බැරිව පිළිකා රෝගීහු අසරණ වෙති!

බදුල්ල සහ හම්බන්තොට මහ රෝහල්වල පිළිකා විකිරණ ප්‍රතිකාර සඳහා භාවිත කරන ලීනියර් ඇක්සලරේටර් (Linear Accelerator) යන්ත්‍ර දෙක සවි කර තිබුණද, ප්‍රතිකාර ආරම්භ නොකිරීම හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි අසීරුවකට පත්ව සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වී තිබූ මෙම ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 5ක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය, නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැදිහත්වීම මත කැබිනට් පත්‍රිකා යොමු කර ණයවර ලිපි (LC) නිකුත් කරමින් සම්පූර්ණ කළ බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එක් යන්ත්‍රයක් සඳහා රුපියල් මිලියන 600කට අධික මුදලක් වැය වන අතර, එක රෝහලක සම්පූර්ණ විකිරණ ප්‍රතිකාර ඒකකයක් ස්ථාපනය කිරීම සඳහා අපේක්ෂිත වියදම රුපියල් මිලියන 1000 ඉක්මවන බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පෙන්වා දෙයි.

බදුල්ල පළාත් මහ රෝහලේ යන්ත්‍රය ස්ථාපනය කිරීම (Installation) පසුගිය අප්‍රේල් මාසය වන විටත්, හම්බන්තොට මහ රෝහලේ යන්ත්‍රය ස්ථාපනය කිරීම ඔක්තෝබර් මස මුල් සතිය වන විටත් අවසන් කර තිබේ. එසේ වුවද එම රෝහල්වල ප්‍රතිකාර කටයුතු ආරම්භ නොකිරීම හේතුවෙන් රෝගීහු බරපතළ අපහසුතාවට ලක්ව සිටිති.

මෙම යන්ත්‍ර මගින් ප්‍රතිකාර ආරම්භ කිරීමට මාත්‍රාමාන උපකරණ (Dosimetry Equipment) අවශ්‍ය වුවද, ඒවා මිලදී ගන්නා තෙක් මහරගම අපේක්ෂා රෝහලෙන් අදාළ උපකරණ ලබාගෙන ප්‍රතිකාර ආරම්භ කිරීමට හැකියාව පවතී. නමුත් ඇතැම් කණ්ඩායම් එකී පියවර ගැනීමට පවා කටයුතු නොකරන බව සංගමය චෝදනා කරයි.

මෙම රෝහල් දෙකෙහි ප්‍රතිකාර කටයුතු ප්‍රමාද වීම නිසා රෝගීන් මහරගම අපේක්ෂා රෝහල සහ මහනුවර ජාතික රෝහල වෙත යොමු වීමට සිදුව ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස එම රෝහල්වල විකිරණ ප්‍රතිකාර සඳහා වන පොරොත්තු ලේඛන තවදුරටත් දීර්ඝ වෙමින් පවතී. මේ අතර පෞද්ගලික රෝහල්වලින් විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමට රෝගියෙකුට රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා විශාල මුදලක් දැරීමට සිදු වේ.

එබැවින් මේ පිළිබඳව කඩිනමින් සොයා බලා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.