ඊලඟ මහ වැස්සට පෙර...
වසර එක හමාරකට පෙර විගණනය මගින් පෙන්වා දුන් නොරිස් ඇල සංවර්ධනයේ අසම්පූර්ණත්වය සහ ජලයෙන් යටවන ස්ථාන 07 සම්බන්ධයෙන් සෘජු ක්‍රියාමාර්ග ආයතනයක් ලෙස කොළඹ නගර සභාව ගෙන තිබුණේ නැත. නහය මත්තෙන් වතුර ගිය පසු හෝ අවදි වීම හොඳය. ඊලඟ මහ වැස්ස වැටෙන දිනයට යළිත් ගංවතුරේ ගිලි ගිය මිනිස්සුන්ට නගරයේ කානු පද්ධතියේ අරය ගැන කියන තැනට කොළඹ නගර සභාව පත් නොවනු ඇතැයි පුරවැසියන් ලෙස ප්‍රාර්ථනා කරන්නේය.
LSN Sri Lanka ·

නොවැම්බර් 6 වැනිදා සවස් කාලයේ කොළඹට විනාඩි 50ක් ඇතුළත මිලිමීටර් 129කට ආසන්න අධික වර්ෂාපතනයක් ලැබීමෙන් නගරයේ ප්‍රදේශ රැසක් හදිසි ජලගැලීමකට ලක්විය. තිඹිරිගස්යාය වැනි ස්ථානවලට මිලිමීටර් 146කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වූ අතර, මාර්ග ජලයෙන් යටවීම, රථවාහන අවහිරවීම සහ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය අතුළු ඇතැම් කොටස් ජලයෙන් යටවීම වාර්තා විය.

කොළඹ මහ නගර සභාවට අනුව නගරයේ පවතින ජලාපවහන පද්ධතිය නිර්මාණය වී ඇත්තේ පැයකට මිලිමීටර් 30ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන පරිදි ය. එය පැහැදිලි කළේ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ නගරාධිපති තුමිය විසින්ය.

වැස්ස අවසන් වූ පසු කාණු සහ ඇළ මාර්ග පිරිසිදු කිරීම ඉතා වේගයෙන් ආරම්භ විය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අනුව කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල ජලය බැසයාම අවහිර වන ස්ථාන 60ක් හඳුනාගෙන ඇත.

එම ස්ථාන ඇත්තේ උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල සහ මැද කොළඹ මැතිවරණ කොට්ඨාස තුළය. නොවැම්බර් 8 වැනිදා ආරම්භ වූ විශේෂ ඒකාබද්ධ වැඩසටහනකින් එම අවහිරතා ඉවත් කිරීම, ඇළමාර්ග හා කාණු පිරිසිදු කිරීම සහ දීර්ඝකාලීන ගැටලු සඳහා තිරසර විසඳුම් සොයා බැලීම ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාව, කොළඹ මහ නගර සභාව, ඉඩම් සංවර්ධන සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන මෙහි ඒකාබද්ධව කටයුතු කරයි. අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නිසි නඩත්තුව නොකිරීම, අනවසර ඉදිකිරීම් හා ගොඩකිරීම්, අවිධිමත් නාගරික සංවර්ධනය, මිනිස් ක්‍රියාකාරකම් මගින් ඇළමාර්ග අවහිර වීම, අධික ජන ඝනත්වය සහ ආයතන අතර සම්බන්ධීකරණ හිඟය මෙවැනි තත්ත්වයන්ට දායක වන බවයි.

මෙම ප්‍රතිචාරය දැකිය හැක්කේ 2024 විගණන වාර්තාවකින් අනාවරණය වූ ඌනතාවලට වසර එක හමාරකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුවය. ජාතික විගණන කාර්යාලයේ කොළඹ මහ නගර සභාව පිළිබඳ වාර්තාවට අනුව, සාමාන්‍ය වර්ෂාපතනයෙන් පවා ජලයෙන් යටවන ස්ථාන 20ක් පමණ හඳුනාගෙන තිබූ අතර ඒවායින් 13කට කොන්ත්‍රාත් ප්රදානය කර තිබුණ ද 07ක සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

නොරිස් ඇල සංවර්ධන ව්‍යාපෘතිය ද එහි සඳහන් වේ. ලෝක බැංකු සහාය යටතේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියෙන් ආර්නෝල්ඩ් රත්නායක මාවත සිට ටී.බී. ජයා මාවත හරහා බේරේ වැවට වර්ෂා ජලය වේගයෙන් බැසයාමට මීටර් 632ක නව ඇළ මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත් කොළඹ මහ නගර සභාවට අයත් නිවාස 36කින් යුත් පැරණි නිවාස සංකීර්ණයක් හේතුවෙන් එය බාධා විය. ඉතිරි මීටර් 105 සම්පූර්ණ කිරීමට රුපියල් මිලියන 150ක විශේෂ ප්රතිපාදනයක් වෙන් කර තිබුණ ද පදිංචිකරුවන් ඉවත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් එම මුදල් භාවිතා කිරීමට නොහැකි වූ අතර මරදාන ඩීන්ස් පාර වැනි ප්‍රදේශවල අධික වර්ෂාවෙන් ජලගැලීම් වළක්වා ගැනීමට නොහැකි විය. විගණනය එම නිර්දේශ කළේ ප්‍රමුඛත්වය දී ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට සහ හඳුනාගත් ස්ථාන සඳහා පියවර ගැනීමට ය.

නොවැම්බර් 7 වැනිදා කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තසාර් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවලදී විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීම, කෙටි-මධ්‍ය-දිගුකාලීන සැලසුම් සකස් කිරීම සහ කසළ බැහැර කිරීම හේතුවෙන් අවහිර වූ කාණු පිරිසිදු කිරීම පිළිබඳව අවධානය යොමු විය. ජාතික රෝහලේ ජලගැලීම නොරිස් ඇළ නිසි ලෙස නඩත්තු නොකිරීම, අනවසර ඉදිකිරීම් සහ අපද්‍රව්‍ය බැහැර කිරීම හේතු වූයේය.

වර්තමාන ඒකාබද්ධ වැඩසටහන සහ හඳුනාගැනීම් වැදගත්ය. එය ඉතාම වැදගත්ය. ඒ වැදගත් කටයුත්තේ ප්‍රමුඛතාව මතක් වෙන්නට රෝහල් චතුරශ්‍රයේ වාහන පාවෙන තුරු ඉන්නට සිදුවිය. නොරිස් ඇල ජලාශයක් වී ඒ ජලායේ රැළි ගසා කොළඹ ජාතික රෝහල යට වෙනතුරු ඉන්නට සිදුවිය.

වසර එක හමාරකට පෙර විගණනය මගින් පෙන්වා දුන් නොරිස් ඇල සංවර්ධනයේ අසම්පූර්ණත්වය සහ ජලයෙන් යටවන ස්ථාන 07 සම්බන්ධයෙන් සෘජු ක්‍රියාමාර්ග ආයතනයක් ලෙස කොළඹ නගර සභාව ගෙන තිබුණේ නැත. නහය මත්තෙන් වතුර ගිය පසු හෝ අවදි වීම හොඳය. ඊලඟ මහ වැස්ස වැටෙන දිනයට යළිත් ගංවතුරේ ගිලි ගිය මිනිස්සුන්ට නගරයේ කානු පද්ධතියේ අරය ගැන කියන තැනට කොළඹ නගර සභාව පත් නොවනු ඇතැයි පුරවැසියන් ලෙස ප්‍රාර්ථනා කරන්නේය.