LSN News › Sri Lanka

Culture & Entertainment · Sri Lanka Bureau

අකුරු මත පිපුණු මලැති තුරු පෙළ: කෑගලු විද්‍යාලයේ "අංකුර කතුවර" සාහිත්‍ය අභිෂේකය!

කෘති 226ක් පුරා විහිදී ඇති සාහිත්‍ය ප්‍රභේදයන්ගේ විවිධත්වය සැබවින්ම විස්මයජනකය. ළමා ප්‍රබන්ධ, කෙටි කතා, සහ නවකතා වැනි නිර්මාණාත්මක ලේඛනයෙන්ද, ත්‍රාසජනක සහ විද්‍යා ප්‍රබන්ධ වැනි නවීන චින්තනය උත්තේජනය කරන ක්ෂේත්‍රයන්ගෙන්ද, චරිත කතා, ක්‍රීඩා සහ සාමාන්‍ය දැනුම වැනි විෂයානුබද්ධ ධාරාවන්ගෙන්ද මේ දරුවන් තම පන්හිඳ මෙහෙයවා ඇත. මෙයින් පෙනී යන්නේ දරුවන්ගේ රුචිකත්වයන් හඳුනාගෙන ඒවා නිසි මඟකට යොමු කිරීමට ගුරුවරුන් දක්වා ඇති අපූර්ව කුසලතාවයි.

LSN Sri Lanka · 8 November 2026

අකුරු මත පිපුණු මලැති තුරු පෙළ: කෑගලු විද්‍යාලයේ "අංකුර කතුවර" සාහිත්‍ය අභිෂේකය!

භාෂාව යනු හුදෙක් සන්නිවේදන මෙවලමක් පමණක් නොවේ. එය මානව චින්තනයේ, සංස්කෘතියේ සහ ප්‍රඥාවේ කැඩපතයි. වර්තමාන විභාග කේන්ද්‍රීය, යාන්ත්‍රික අධ්‍යාපන රටාව තුළ දරුවන්ගේ නිර්මාණශීලී ආත්මය වැළලී යද්දී, සබරගමු ගිරි දුර්ග මධ්‍යයෙන් ඇසෙන මේ සාහිත්‍යමය සිංහ නාදය සැබවින්ම හදවත ප්‍රමෝදයට පත් කරන්නකි. කෑගල්ලේ ප්‍රමුඛ පෙළේ ජාතික පාසලක් වන, තුන්දහස් හත්සියයකට අධික සිසු පිරිසකගේ නැණ නුවණ පෝෂණය කරන කීර්තිමත් කෑගලු විද්‍යාලය, මෙරට පාසල් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සාහිත්‍ය විප්ලවයකට මුල්ගල් තබා ඇත. ඒ, බහුවිධ භාෂාවන්ගෙන් සුසැදි පාසල් දරුවන්ගේ කෘති 226ක් එකම වේදිකාවකදී දොරට වඩම්මවමිනි.

කෑගලු විද්‍යාලයීය සාහිත්‍ය මංගල්‍යයේ සමාරම්භක සනිටුහන් දෙස බැලීමේදී, එහි ගැබ්ව ඇති ශාස්ත්‍රීය දැක්ම මගේ සිත තදින්ම ග්‍රහණය කරගැනිමට තරම් ප්‍රබල විය.

"භාෂා ප්‍රවීණතාවෙන් හා නිර්මාණශීලී චින්තනයෙන් පරිපූර්ණ, හෙට දින සමාජයට අර්ථවත් සාහිත්‍ය දායකත්වයක් සපයන කුසලතාපූර්ණ ලේඛක පරපුරක් බිහි කිරීම."

මෙම උදාර දැක්ම වචනයට පමණක් සීමා නොකර, සිසුන් තුළ සැඟවී ඇති ප්‍රතිභාව හඳුනා ගනිමින්, ඔවුන්ට ශිල්පීය ඥානය හා පුහුණුව ලබා දෙමින්, ඔවුන්ගේ ප්‍රථම සාහිත්‍ය අස්වැන්න ජනගත කිරීමට ශක්තිය දීම විද්‍යාලයේ මෙහෙවර වී ඇත. මෙය හුදෙක් ග්‍රන්ථ ප්‍රකාශනයක් නොව, ස්වයං-විශ්වාසයෙන් සන්නද්ධ අනාගත බුද්ධිමතුන් පිරිසක් දේශයට දායාද කිරීමේ මහා මංගල්‍යයකි.

මෙම සාහිත්‍ය උළෙලේ මා දුටු සුවිශේෂීම සලකුණ නම් සිසුන් සතු බහුභාෂා ප්‍රවීණතාවයි. සිංහල සන්නිවේදනයෙන් ඔබ්බට ගොස් ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ සහ කොරියන් යන ජාත්‍යන්තර භාෂාවන්ගෙන් තම මනෝභාවයන් අකුරු කරන්නට තරම් මේ දරුවන් පරිණත වී ඇත. භාෂා කිහිපයක් හැසිරවීමේ හැකියාව මගින් දරුවෙකුගේ මොළයේ වර්ධනය මෙන් ම විශ්වීය ඥානය ගවේෂණය කිරීමේ ශක්තිය ද තීව්‍ර වේ. කෑගලු විද්‍යාලයේ සිසුන් අද වන විට ලෝක සාහිත්‍යයේ දොරටු තට්ටු කිරීමට තරම් ස්වකීය භාෂා ඥානය තියුණු කරගෙන ඇති බව මෙයින් මනාව පැහැදිලි වේ.

කෘති 226ක් පුරා විහිදී ඇති සාහිත්‍ය ප්‍රභේදයන්ගේ විවිධත්වය සැබවින්ම විස්මයජනකය. ළමා ප්‍රබන්ධ, කෙටි කතා, සහ නවකතා වැනි නිර්මාණාත්මක ලේඛනයෙන්ද, ත්‍රාසජනක සහ විද්‍යා ප්‍රබන්ධ වැනි නවීන චින්තනය උත්තේජනය කරන ක්ෂේත්‍රයන්ගෙන්ද, චරිත කතා, ක්‍රීඩා සහ සාමාන්‍ය දැනුම වැනි විෂයානුබද්ධ ධාරාවන්ගෙන්ද මේ දරුවන් තම පන්හිඳ මෙහෙයවා ඇත. මෙයින් පෙනී යන්නේ දරුවන්ගේ රුචිකත්වයන් හඳුනාගෙන ඒවා නිසි මඟකට යොමු කිරීමට ගුරුවරුන් දක්වා ඇති අපූර්ව කුසලතාවයි.

භාෂාව සහ සාහිත්‍යය යනු සමාජයක ආත්මයයි. පොතපතින් ඈත්වන, තිර මත සිරවන නූතන පරපුරක් ගැන විලාප නගන සමාජයක, කෑගලු විද්‍යාලය සමස්ත ප්‍රදේශයටම මෙන් ම රටට ම ලබා දී ඇත්තේ අගනා පූර්වාදර්ශයකි. මෙම "අංකුර කතුවර" මංගල්‍යය කෑගල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොව ලේඛක පාඨක සැමගේ ම පැසසුමට ලක්වන්නේ නිරායාසයෙනි.

පාසල් වියේදී ම සාහිත්‍ය ලෝකයට නව තරු 226ක් දායාද කරමින්, හෙට දින සමාජය අර්ථවත් කරන්නට වෙහෙස වූ විදුහල්පතිතුමා ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයට මාගේ ශාස්ත්‍රීය ප්‍රණාමය පුද කරන අතර, පන්හිඳෙන් ලොව දිනන්නට සැරසෙන සිසු දරුවන්ට නිදුක් නීරෝගී, සාරවත් සාහිත්‍ය අනාගතයකට ආශිර්වාද කරමි!