LSN News › Sri Lanka

වීරවිල එළිමහන් සිරකඳවුරේ ඇතිකරන මුවෙකු ඇනීමෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට!

පස්වරු 4:00 ට පමණ අදාළ රැඳවියා බන්ධනාගාර භූමිය පිරිසිදු කරමින් සිටින අවස්ථාවේදී කඳවුර තුළ සිටින මුවෙකු ඔහුට පහරදී ඇති බව වාර්තා වේ. වීරවිල එළිමහන් බන්ධනාගාර පරිශ්‍රයේ දීර්ඝ කාලයක සිට මුවන් කිහිප දෙනෙකු ඇති කරනු ලබන බවද පැවසේ.

LSN Sri Lanka · 9 November 2026

වීරවිල එළිමහන් සිරකඳවුරේ  ඇතිකරන  මුවෙකු ඇනීමෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට!

වීරවිල එළිමහන් සිරකඳවුරේ සිටින මුවෙකු ඇනීම හේතුවෙන් සිරකඳවුරු භූමිය පිරිසිදු කරමින් සිටි රැඳවියෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී ඊයේ (08) සවස මියගොස් ඇති බව වීරවිල පොලිසිය පවසයි.

</p>

<p>

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම හේතුවෙන් අධිකරණ නියෝග මත පුනරුත්ථාපනය ලබමින් සිටි ගම්පහ, වරපලාන, හිරිපිටිය, උඩුතැන් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි රැඳවියෙකි.

</p>

<p>

පස්වරු 4:00 ට පමණ අදාළ රැඳවියා බන්ධනාගාර භූමිය පිරිසිදු කරමින් සිටින අවස්ථාවේදී කඳවුර තුළ සිටින මුවෙකු ඔහුට පහරදී ඇති බව වාර්තා වේ. වීරවිල එළිමහන් බන්ධනාගාර පරිශ්‍රයේ දීර්ඝ කාලයක සිට මුවන් කිහිප දෙනෙකු ඇති කරනු ලබන බවද පැවසේ.

</p>

<p>

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ රැඳවියා වහාම ප්‍රතිකාර සඳහා තිස්සමහාරාම දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

</p>

<p>

මෘත ශරීරය දැනට දෙබරවැව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වීරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.