LSN News › Sri Lanka

අධිකරණ නියෝග නොතකා තුන්වන දිනටත් කස්සප හිමි ඇතුළු කණ්ඩායම අනුරාධපුර රුවන්වැලිසෑය අසල සත්‍යග්‍රහයේ... නීතිය නවන්න චීවරයට පුලුවන් ද?

දණ්ඩ නීති සංග්‍රහයට අමතරව, 2024 අංක 8 දරන අධිකරණයක්, විනිශ්චය අධිකාරයක් හෝ ආයතනයක් අපහාස කිරීමේ පනත යටතේ ද අධිකරණ නියෝගයක් හිතාමතා පැහැර හැරීම හෝ කඩ කිරීම “අධිකරණයට අපහාස කිරීමක්” (Contempt of Court) ලෙස සැලකේ. මෙවැනි වරදක් සම්බන්ධයෙන් වරදකරු වන තැනැත්තන්ට දැඩි දඩ මුදල් හෝ සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට සම්පූර්ණ බලය ඇත.

LSN Sri Lanka · 9 November 2026

අධිකරණ නියෝග නොතකා තුන්වන දිනටත්  කස්සප හිමි ඇතුළු  කණ්ඩායම  අනුරාධපුර රුවන්වැලිසෑය අසල  සත්‍යග්‍රහයේ... නීතිය නවන්න චීවරයට පුලුවන් ද?

අනුරාධපුර පූජා පූජා භූමි සංවර්ධන සැලැස්මට එරෙහිව බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූ සහ ගිහි පිරිසක් විසින් රුවන්වැලි මහා සෑය අසල දන්සල් භූමියේදී ආරම්භ කළ සත්‍යග්‍රහය අද (නොවැම්බර් 09) තෙවැනි දිනටත් අඛණ්ඩව පැවැත්වෙමින් ඇත.

මේ පිරිස අදාල විරෝධතාවය දක්වමින් ඇත්තේ රුවන්වැලිසෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබියදීය.

සත්‍යග්‍රහය ආරම්භ වූ ආකාරය

මෙම විරෝධතාවය නොවැම්බර් 07 වන දින පෙරවරුවේ රුවන්වැලි මහා සෑය අසල දන්සල් භූමියේදී ආරම්භ විය. බලංගොඩ කස්සප හිමි ප්‍රමුඛ භික්ෂූන් සහ උදිත නිශාන්ත නැමැත්තා ඇතුළු ගිහි පිරිසක් එයට සහභාගී වී සිටියහ.

ඔවුන් ඉල්ලා සිටින්නේ 2026 පෙබරවාරි 27 වන දින ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ගැසට් පත්‍රය හකුළා ගන්නා ලෙසය. එම ගැසට් පත්‍රය මගින් අනුරාධපුර පූජා භූමිය වර්ග කිලෝමීටර 28 සිට 38 දක්වා පුළුල් කිරීම, යටිතල පහසුකම්, බැතිමතුන් සඳහා පහසුකම් සහ පුරාවිද්‍යා සංරක්ෂණය යනාදිය සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර, එහි ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 8.8ක් පමණ වේ.

නොසන්සුන්තාවය සහ අධිකරණ නියෝගය

පළමු දිනයේ මේ පිරිස සමග සිටි පුද්ගලයෙක් අසල වෙළෙඳාම් කරමින් සිටි වෙළෙන්දන් සමග ඇති කරගත් ගැටුමක් නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය. ඒ අවස්ථාවේ දී කස්සප හිමිගේ කණ්ඩායමේ සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් නිලධාරීන් ද තුවාල ලැබූ බව සඳහන් වේ.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය මේ සිද්ධිය අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) වගන්තිය යටතේ නියෝගයක් නිකුත් කළේය. එමගින් සත්‍යග්‍රහයේ නිරත පිරිසට රුවන්වැලිසෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසත්, තාවකාලික ඉදිකිරීම් ඉවත් කරන ලෙසත්, පුරාවිද්‍යා ස්මාරකවලට හානි නොකරන ලෙසත් නියෝග කර ඇත. මෙම නියෝගය දින 14ක් සඳහා වලංගු වන බවද වාර්තා වේ.

නියෝගය නොතකා අඛණ්ඩව

කෙසේ වෙතත්, පිරිස නියෝගය නොසලකා රාත්‍රිය ගත කරමින් දෙවැනි දිනටත් (08) සහ අද තෙවැනි දිනටත් සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යති. ඊයේ (08) පෙරවරුවේ නියෝගය සිහිපත් කිරීමට පැමිණි පොලිසියට විරෝධය එල්ල වූ අතර, පස්වරුවේ අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

කස්සප පවසන්නේ ගැසට් පත්‍රය හකුළා ගන්නා තුරු සත්‍යග්‍රහය අඛණ්ඩව කරන බවත්, අද (09) අධිකරණයට ගොස් නියෝගය ඉවත් කරගැනීමට ඉල්ලීමක් කරන බවත්ය. එහිදී අත්සන් සම්පාදනයක්ද පැවැත්වූ බව වාර්තා වේ.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සැලැස්ම නව ආගමික ඉදිකිරීම් හෝ බැතිමතුන්ට සීමා පැනවීමක් නොවන බවත්, රුවන්වැලිසෑය අසල ආරක්ෂිත වැටක් ඉදිකර ඇත්තේ පුරාවිද්‍යා ආරක්ෂාව සඳහා බවත්ය. කෙසේ වෙතත්, විරෝධතාකරුවන් පූජා භූමියේ ආගමික ස්වභාවයට හානි විය හැකි බවට ප්‍රකාශ කරමින් විරෝධතාවයේ යෙදෙති.

අධිකරණ නියෝග කඩකිරීම සහ නීතියේ ආධිපත්‍යය

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පවතින නීති පද්ධතිය අනුව අධිකරණයක් විසින් නිකුත් කරනු ලබන නියෝගයකට අවනත වීම සෑම පුරවැසියෙකුගේම වගකීමකි. අධිකරණ නියෝගයක් කඩ කිරීම පැහැදිලිවම නීති විරෝධී ක්‍රියාවක් වන අතර, සංඝරත්නයට හෝ වෙනත් කිසිදු තරාතිරමක තැනැත්තෙකුට ඒ සඳහා විශේෂ බලයක්, වරප්‍රසාදයක් හෝ නීතියෙන් බැහැර වීමේ ව්‍යතිරේකයක් නොමැත. මෙරට මූලික නීතිමය පදනම වන නීතියේ ආධිපත්‍යය (Rule of Law) අනුව රටේ වෙසෙන සෑම පුරවැසියෙකුටම නීතිය එක හා සමානව අදාළ වේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 185 වගන්තිය

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කරන ලද නියෝගය, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106(1) වගන්තිය යටතේ බලපැවැත්වෙන තාවකාලික ආඥාවකි. මෙවැනි ආඥාවක් නිසි පරිදි ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව යම් තැනැත්තෙකු හෝ කණ්ඩායමක් එය හිතාමතා කඩ කරන්නේ නම්, එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් වේ.

නියෝග කඩකිරීමේදී ලැබෙන දඬුවම්

දණ්ඩ නීති සංග්‍රහයේ 185 වන වගන්තියට අනුව අධිකරණ නියෝගයක් කඩ කිරීමේ ස්වභාවය මත පහත පරිදි දඬුවම් නියම කළ හැකිය:

• සාමාන්‍ය බාධා කිරීම් සඳහා: නියෝගය කඩ කිරීම නිසා යම් බාධාවක්, අපහසුතාවක්, හානියක් හෝ එවැනි තත්ත්වයකට අවදානමක් ඇති වුවහොත්, මාසයක් දක්වා වන සරල සිර දඬුවමක්, රුපියල් 50ක් දක්වා දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කළ හැකිය.

• ජීවිත හා සෞඛ්‍ය අනතුරු සඳහා: මෙම නියෝගය කඩ කිරීම මගින් මිනිස් ජීවිතයට, සෞඛ්‍යයට හෝ ආරක්ෂාවට තර්ජනයක්, අනතුරක් හෝ රට තුළ කැරලි/කලහකාරී තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් මතුවන්නේ නම්, මාස 6ක් දක්වා සිර දඬුවමක්, රුපියල් 100ක් දක්වා දඩයක් හෝ එකී දඬුවම් දෙකම පැමිණවිය හැකිය.(මෙහි සඳහන් දඩ මුදල් 1883 වසරේ පනතට අනුව පැරණි අගයන් වන අතර, ප්‍රායෝගිකව අධිකරණය විසින් වර්තමාන මුදල් අගයන් සහ තත්ත්වයන් සලකා බලා යෝග්‍ය දඬුවම් නියම කරනු ලබයි.)

අධිකරණයට අපහාස කිරීමේ වරද (Contempt of Court)

දණ්ඩ නීති සංග්‍රහයට අමතරව, 2024 අංක 8 දරන අධිකරණයක්, විනිශ්චය අධිකාරයක් හෝ ආයතනයක් අපහාස කිරීමේ පනත යටතේ ද අධිකරණ නියෝගයක් හිතාමතා පැහැර හැරීම හෝ කඩ කිරීම “අධිකරණයට අපහාස කිරීමක්” (Contempt of Court) ලෙස සැලකේ. මෙවැනි වරදක් සම්බන්ධයෙන් වරදකරු වන තැනැත්තන්ට දැඩි දඩ මුදල් හෝ සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට සම්පූර්ණ බලය ඇත.