LSN News › Sri Lanka

වැරදුනාලු - තමන් දිනාගත් සභා අතලොස්සවත් නොදන්න සජබ මහ ලේකම් සජබට බලය හිමි පන්විල ප්‍රාදේශීය සභා අයවැය පරාද කරන ලෙස ලිඛිතව දන්වලා...

තමන්ට බලය හිමි පන්විල ප්‍රාදේශීය සභාවේ අයවැයට විරුද්ධව ඡන්දය ලබා දී අය වැය පරාජය කරන ලෙස සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් එම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් වෙත ලිඛිතව දැන්වීම සමග මහා අවුලක් ඇති වුනේය. පසුව අනාවරණය වන්නේ තමන් දිනා ගත් ප්‍රාදේශීය සභා ගැනවත් නොසැලකීම නිසා වැරදීමකින් එම ලියුම පක්ෂ මූලස්ථානය වෙතින් අදාල ප්‍රාදේශිය සභාව වෙත යොමු කර ඇති බවය.

LSN Sri Lanka · 9 November 2026

වැරදුනාලු - තමන් දිනාගත් සභා අතලොස්සවත් නොදන්න සජබ මහ ලේකම් සජබට බලය හිමි  පන්විල ප්‍රාදේශීය සභා අයවැය පරාද කරන ලෙස ලිඛිතව දන්වලා...

සමගි ජනබලවේගයට (සජබ) බලය හිමි මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සභිකයන්ට 2027 අයවැය ඡන්දයේදී අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන ලෙස දන්වමින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුත් ලිපියක් යොමුවී තිබේ.

මෙය තම පක්ෂයට බලය හිමි සභාවක අයවැය පරාජයට පත් කරන ලෙස පක්ෂ මහලේකම්වරයෙක් ඉතිහාසයේ ප්‍රථම වරට ලිඛිතව දැනුම් දී තිබීම පන්නිල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් මවිතයට පත් කර තිබිණි.

සජබ මහලේකම්වරයා විසින් ඊයේ සිදුකර තිබූ මෙම ලිඛිත දැනුම්දීමට සමගි ජන බලවේගයට බලය හිමි පාලක පක්ෂ මන්ත්‍රීවරු දැඩි අප්‍රසාදය පළ කරන අතර, මේ පිළිබඳව පක්ෂය විසින් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ඔවුහු අවධාරණය කර ඉල්ලා සිටියහ.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු සජබට සභාපති ධුර හිමිකර ගැනීමට හැකි වූයේ ඉතා සුළු පළාත් පාලන ආයතන ගණනකි. ජනාධිපතිවරණය හා මහමැතිවරණයෙන් පරාජය වීමෙන් පසුව පළාත් පාලන ආයතනවල අතිබහුතරය ජාතික ජනබලවේගයට හිමිව තිබියදී, ජයග්‍රහණය කරමින් බලය පිහිටවූ සුළු ආයතන ප්‍රමාණය ගැනවත් නොදන්නා දේශපාලන පක්ෂයක් යටතේ දේශපාලනය කිරීමට සිදුවීමේ අභාග්‍ය තමන් අත් විඳින බව මේ පිළිබඳව කළ විමසීමක දී ප්‍රාදේශීය දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

පන්විල සභා සංයුතිය

පසුගිය පළාත් පාලන ඡන්දයේදී පන්විල ප්‍රාදේශීය සභාවේ සභික ධුර බෙදීම පහත පරිදි විය:

• සමගි ජනබලවේගය – 06

• ජාතික ජනබලවේගය – 05

• ලංකා කම්කරු කොංග්‍රසය – 02

• පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සර්ව ජනබලය – එක් ධුරය බැගින්

විපක්ෂය ඒකාබද්ධව ඡන්දය පාවිච්චි කිරීමෙන් සජබට සභාපති ධුරය හිමි විය.

ලිපියේ අන්තර්ගතය

පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණයක් ලෙස ඉදිරිපත් කර ඇති ලිපියේ සඳහන් වන්නේ, විපක්ෂ දේශපාලන පක්ෂ නොසලකා හරිමින් තනි පක්ෂ ක්‍රමයකට කටයුතු කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පාලනය ගෙනයන ජාතික ජනබලවේගය බලය හොබවන පළාත් පාලන ආයතනවල 2027 වර්ෂයේ අයවැය සඳහා ඡන්දය විමසන අවස්ථාවේ සජබ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් එම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවයි.

ඒ අනුව “සමගි ජනබලවේගය නියෝජනය කරමින් පළාත් පාලන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන ඔබ ප්‍රාදේශීය සභාවේ 2027 අයවැය ඡන්දය විමසන දින නියමිත වේලාවට පැමිණ ඡන්දයට සහභාගි වී එම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස දන්වමි” යනුවෙන් ලිපියේ සඳහන් වේ.

පන්විල පාලක පක්ෂ මන්ත්‍රීවරු මෙය “විකාරයක්” ලෙස හඳුන්වති. මේ පිළිබඳව සජබ පක්ෂ මූලස්ථානයෙන් හෝ මහලේකම්වරයාගෙන් ඊයේ වනතුරු පැහැදිලි කිරීමක් ලැබී තිබුණේ නැත. පන්විල පාලක පක්ෂ මන්ත්‍රීවරු අවධාරණය කරන්නේ, ජයග්‍රහණය කළ සුළු පළාත් පාලන ආයතනවලට පක්ෂය විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවත්, එවැනි ආයතනවල අයවැය පරාජයට පත් කිරීමට උපදෙස් දීම පක්ෂයේ අභ්‍යන්තර සම්බන්ධීකරණයේ දුර්වලතාවක් පෙන්නුම් කරන බවත්ය.

මෙම සිද්ධිය පළාත් පාලන මට්ටමේ පක්ෂ විනය, බලය හිමි ආයතන හඳුනාගැනීම සහ මධ්‍යම නායකත්වය හා ප්‍රාදේශීය මට්ටම අතර සන්නිවේදනය පිළිබඳව ප්‍රශ්න මතු කර ඇති බවත් ඔවුහු කීහ.

කෙසේ වෙතත් මේ වනවිට පක්ෂ මුලස්ථානයෙන් පන්විල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වෙත කතා කර සිදුවී ඇත්තේ වරදක් බව කියා සමාව ගත් බව වාර්තා වී තිබේ.