LSN News › Sri Lanka

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ඉවත් කිරීමට සහ සංශෝධනය කිරීමට රජය තීරණය කරයි!

සුරාබදු ආඥාපනත යටතේ වන වරද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත්, බුද්ධිමය දේපළ පනත යටතේ වන කතුහිමිකම් (Copyright) ආශ්‍රිත ප්‍රතිපාදන සංශෝධනය කිරීමට සහ ඉවත් කිරීමටත් රජය බලාපොරොත්තු වන බව අධිකරණය හමුවේ ප්‍රකාශ විය. මීට අමතරව, රැඳවුම් කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීමටත්, පච්ච (tattoos) සහ සලකුණු සම්බන්ධ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත්, බරපතළ අපරාධ සම්බන්ධ නඩුකරයක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අධිකරණ අවසරය අවශ්‍ය වන වගන්තිය ඉවත් කිරීමටත් තීරණය කර ඇත.

LSN Sri Lanka · 9 November 2026

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ඉවත් කිරීමට සහ සංශෝධනය කිරීමට රජය තීරණය කරයි!

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ යෝජිත පනත් කෙටුම්පතට අදාළව ප්‍රධාන සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින්, පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිත එම ප්‍රධාන සංශෝධන පිළිබඳව පැහැදිලි කළේය.

ඒ අනුව, සුරාබදු ආඥාපනත යටතේ වන වරද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත්, බුද්ධිමය දේපළ පනත යටතේ වන කතුහිමිකම් (Copyright) ආශ්‍රිත ප්‍රතිපාදන සංශෝධනය කිරීමට සහ ඉවත් කිරීමටත් රජය බලාපොරොත්තු වන බව අධිකරණය හමුවේ ප්‍රකාශ විය.

මීට අමතරව, රැඳවුම් කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීමටත්, පච්ච (tattoos) සහ සලකුණු සම්බන්ධ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත්, බරපතළ අපරාධ සම්බන්ධ නඩුකරයක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අධිකරණ අවසරය අවශ්‍ය වන වගන්තිය ඉවත් කිරීමටත් තීරණය කර ඇත.

එසේම, රැඳවුම් නියෝග සහ ඇප පනතට අදාළ ප්‍රතිපාදන සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ පැවැත්වෙන ඉදිරි සාකච්ඡාවලින් අනතුරුව වැඩිදුර වෙනස්කම් සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ද සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව එළැඹි මෙම සංශෝධනවල පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්ම පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් වෙත ද භාර දී තිබේ. නඩු විභාගය අතරතුර, යෝජිත සංශෝධනවල පිටපත් ලබා දීමට සිදු වූ ප්‍රමාදය සම්බන්ධයෙන් සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් සමාව අයැද සිටියේය.

අග්‍ර විනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව මඟින් මෙම පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 26 ක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.

ඉදිරිපත් කරන ලද යෝජිත සංශෝධන අධ්‍යයනය කිරීම සඳහා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පැයක කාලයක් ඉල්ලා සිටි අතර, ඊට සොලිසිටර් ජෙනරාල්වරයාගෙන් කිසිදු විරෝධයක් එල්ල වූයේ නැත. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කටයුතු පැයකට කල් තැබූ අතර, ඉන් අනතුරුව නීතිපතිවරයාගේ කරුණු දැක්වීම නැවත ආරම්භ විය.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් සංශෝධන කිහිපයක් අවශ්‍ය බව පෙන්වා දුන් අතර, රජය ඒවා ද සලකා බලන බවට එකඟතාව පළ කළේය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීරණය (Special Determination) මෙතෙක් නිකුත් වී නොමැති අතර, පෙත්සම් විභාගය තවදුරටත් සිදු කෙරේ. යෝජිත සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී එකතු කිරීම රජයේ ස්ථාවරය වී තිබේ.