කොළඹ ගංවතුරට හේතුව කැළිකසළ මලු: අවිධිමත් ලෙස කසළ දමන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය!
ඊයේ (08) දිනයේදී කාණු පද්ධති ශුද්ධ පවිත්‍ර කිරීමේදී වැලි සහ මඩවලට වඩා හමු වී ඇත්තේ කැළිකසළ පිරවූ මලු බව එම මෙහෙයුම් බලකායේ ප්‍රකාශකයෙකු LSN වෙත පැවසීය
LSN Sri Lanka ·

අවිධිමත් ලෙස පරිසරයට කැළිකසළ මුදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ.
</p>
<p>
මෙම පියවර ගැනීමට ප්‍රධාන හේතුව වි ඇත්තේ කොළඹ නගරයට පසුගියදා ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ඇති වූ හදිසි ජලගැලීම් තත්ත්වයට ප්‍රධාන හේතුව ජලාපවහන මාර්ගවල කැළිකසළ මලු හිරවීම බව අනාවරණය වී තිබීමය.
</p>
<p>
කොළඹ නගරයේ ක්ෂණිකව ඇති විය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගැනීමට පිහිටුවන ලද විශේෂ මෙහෙයුම් කාර්ය සාධක බලකායේදී මෙම කරුණු දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇත.
</p>
<p>
ඊයේ (08) දිනයේදී කාණු පද්ධති ශුද්ධ පවිත්‍ර කිරීමේදී වැලි සහ මඩවලට වඩා හමු වී ඇත්තේ කැළිකසළ පිරවූ මලු බව එම මෙහෙයුම් බලකායේ ප්‍රකාශකයෙකු පැවසීය.
</p>
<p>
පළාත් පාලන ආයතනවල සේවකයන් කැළිකසළ එකතු කිරීම සඳහා නිවෙස් වෙත පැමිණියද, බොහෝ නිවෙස්වල පිරිස් නොමැති වීම නිසා එම කසළ ලබා ගැනීමට නොහැකි වන බව වාර්තා වේ.
මෙසේ නිවෙස්වල එකතුවන කැළිකසළ අසල්වැසියෙකුට මුදලක් ලබා දී ඉවත් කිරීමට කටයුතු කරන අතර, එම පුද්ගලයන් අදාළ කසළ මලු අවිධිමත් ලෙස පරිසරයට මුදාහරින බව සොයාබැලීම්වලදී අනාවරණය වී යැයි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජනරාල් ප්‍රදීප් මාපාගම පැවසීය.