LSN News › Sri Lanka

නෙවිල් ප්‍රනාන්දු රෝහල නව දෙමුහුන් පාලනයක් යටතට: දෛනික මෙහෙයුම් ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු දායකත්වය යටතේ නවීකරණය කරන ලද මාලඹේ පිහිටි 'වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල' මගින් ගුවන් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ට මෙන්ම සමස්ත මහජනතාවට ද උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අපේක්ෂිතය. මෙහි මෙහෙයුම් කටයුතු ප්‍රධාන විධායක නිලධාරී එයාර් කොමදෝරු නීලුකා අබේසේකරගේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වේ.

LSN Sri Lanka · 9 November 2026

නෙවිල් ප්‍රනාන්දු රෝහල නව දෙමුහුන් පාලනයක් යටතට: දෛනික මෙහෙයුම් ගුවන් හමුදාවට

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමඟින් සිය සේවා සැපයීමේ කටයුතු අද (09) ආරම්භ කරන ලදී.

ඒ අනුව 2017 වසරේ දී රජයට පවරා ගැනීමෙන් පසු වසර අටක් පුරා පැවැති තාවකාලික පාලන ක්‍රමය වෙනුවට, නව දෙමුහුන් (Hybrid) මෙහෙයුම් රාමුවක් යටතේ රෝහල ක්‍රියාත්මක වේ. මෙහිදී රෝහලේ සම්පූර්ණ අයිතිය (සියයට සියයක්) මහා භාණ්ඩාගාරය සතු සමාගමක් යටතට පවරා ඇති අතර, එහි දෛනික මෙහෙයුම් වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දී තිබේ.

ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිවීමෙන් පසු මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.

භාවිතයට නොගන්නා සහ ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ ජනතා යහපත උදෙසා ප්‍රශස්ත ලෙස යොදාගැනීමේ රජයේ වැඩපිළිවෙළට මෙම පියවර විශිෂ්ට ආදර්ශයක් බව මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන්ද ජයතිස්ස අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු දායකත්වය යටතේ නවීකරණය කරන ලද මාලඹේ පිහිටි 'වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල' මගින් ගුවන් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ට මෙන්ම සමස්ත මහජනතාවට ද උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අපේක්ෂිතය. මෙහි මෙහෙයුම් කටයුතු ප්‍රධාන විධායක නිලධාරී එයාර් කොමදෝරු නීලුකා අබේසේකරගේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිය සාමාජිකයින් වෙනුවෙන් විශේෂිත වූ රෝහලක අවශ්‍යතාව දිගු කලක පටන් පැවැති අතර, මෙම නව පියවර හරහා ගුවන් හමුදාවටම සුවිශේෂී වූ රෝහලක් හිමිවීම ප්‍රමුඛ ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ ගත් මෙම තීරණය හරහා, ලක්ෂ 50 කට ආසන්න ජනගහනයක් වෙසෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට, විශේෂයෙන් කඩුවෙල, අතුරුගිරිය සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල ජනතාවට පවතින තෘතීයික මට්ටමේ සෞඛ්‍ය සේවා හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, දිවංගත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ බිරිඳ ස්වර්ණමාලි ප්‍රනාන්දු, හිටපු ගුවන් හමුදාපතිවරුන්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.