අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත ඇතැම් අයට භික්ෂු හැඳුනුම්පත් නෑ: වහා පරීක්ෂණයක් පවත්වන්න – ජාතික ගොවිජන එකමුතුව ඉල්ලයි!
පූජා නගරය තුළ භික්ෂූන් වහන්සේලා ආරම්භ කර තිබෙන සත්‍යග්‍රහයට සහය දැක්වීම සඳහා එක්තරා පුද්ගලයෙක් පැමිණ සිටි බව පෙන්වා දුන් ගොවිජන එකමුතුවේ කැඳවුම්කරු හෙළි කළේ ඔහු අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ නිධානයක් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත වූ අයෙක් බවය.
LSN Sri Lanka ·

අනුරාධපුර පූජා භූමිය තුළ මේ වන විට ආරම්භ කර තිබෙන සත්‍යග්‍රහයේ නියැලී සිටින ඇතැම් භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පතවත් නොමැති බවත්, මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් ජාතික ගොවිජන එකමුතුව ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

පසුගියදා ත්‍රීකුණාමලයේ ඇති වූ සිදුවීමෙන් පසුව අනුරාධපුර එක්තරා විහාරස්ථානයක මෙම පිරිස රැදී සිටි බවත්, ඉන් අනතුරුව අනුරාධපුර පූජා භූමිය තුළ මෙම විරෝධතාවන් ක්‍රියාත්මක කළ බවත් ගොවිජන එකමුතුවේ කැඳවුම්කරු අනුරාධ තෙන්නකෝන් පැවසුවේය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට, උඩමළුවට සහ අටමස්ථානයට අයත් විවිධ වෙහෙර විහාරවල තිබෙන විහාර දේවාලගම්වල කුඹුරු ඉඩම් සහ අනෙකුත් ඉඩම් ගොවියෝ වගා කර බුද්ධ භෝග නිෂ්පාදනයන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන බැවින් මෙම පූජා භූමිය රැකගැනීම ගොවිජනතාවගේ වගකීමක් මෙන්ම යුතුකමක් ද වන බව හෙතෙම අවධාරණය කරයි.

බෞද්ධ උරුමය ආරක්ෂා කැරගැනීමට සිදුවී ඇත්තේ ඇතැම් චීවර පොරවාගත් පුද්ගලයන්ගෙන් බව ගොවිජන එකමුතුව පවසයි. උදාහරණයක් ලෙස බලංගොඩ ප්‍රදේශයේ විචිත්‍ර ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක් අනුරාධපුර පූජා භූමියට අයත් කුඹුරු ඉඩමක් ගෙන ගොඩ කිරීමට උත්සහ කර ඇති බවත්, මොවුන්ම බෞද්ධ උරුමය රැක ගැනීමට පාරට බසින ආකාරය විහිළුවක් බවත් ගොවිජන එකමුතුව පෙන්වා දෙයි.

පූජා නගරය තුළ භික්ෂූන් වහන්සේලා ආරම්භ කර තිබෙන සත්‍යග්‍රහයට සහය දැක්වීම සඳහා එක්තරා පුද්ගලයෙක් පැමිණ සිටි බව පෙන්වා දුන් ගොවිජන එකමුතුවේ කැඳවුම්කරු හෙළි කළේ ඔහු අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ නිධානයක් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත වූ අයෙක් බවය.

මෙම පුද්ගලයා විවිධ දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධතාවන් පවත්වමින් අයථා වත්කම් රැස්කර ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටින අයෙක් බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔහු පිළිබඳව නිසි විමර්ශනයක් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ගොවිජන එකමුතුව ඉල්ලීමක් කරයි.

ගොවිජන එකමුතුව මේ හෙළිදරව්ව සිදුකරන්නේ මේ සත්‍යග්‍රහයේ සිටි ප්‍රධානම ගිහි පුද්ගලයෙක් කලහකාරී ලෙස හැසිරීමෙන් පසු අත් අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ විට ඔහු විෂ මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට අනාවරණය වන පසුබිමක දී වීම විශේෂය.