ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ යෝජි්ත පනත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල විය යුතුයි! එක්සත් ජාතීන්ගේ විශේෂඥවරු දන්වති...
ත්රස්තවාදයට එරෙහිව මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු බෙන් සෝල් ඇතුළු විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ ත්රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම ඵලදායී වන්නේ මානව හිමිකම් ගරු කරන විට පමණක් බවය.
LSN Sri Lanka ·

ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (Protection of the State from Terrorism Act – PSTA) ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සංශෝධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ විශේෂඥවරු නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (09) ප්‍රකාශ කළහ.

විශේෂඥයින් පෙන්වා දුන්නේ, 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට යෝජනා කිරීම අගය කරන බවයි. එම පනත මගින් සිවිල් යුද්ධයට පෙර, යුද්ධය අතරතුර සහ පසුව ද වධහිංසා, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවූ බවත්, සුළුතර ප්‍රජාවන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජයට අපයෝජන සිදුවූ බවත් ඔවුහු පැවසූහ.

රජය විසින් පෙර ප්‍රතිචාර අනුව සකසන ලද නවතම කෙටුම්පත වැඩිදියුණු කළ එකක් බව විශේෂඥයින් පිළිගත්තත්, තවමත් විසඳිය යුතු තීරණාත්මක ගැටලු කිහිපයක් පවතින බව අවධාරණය කළහ. ඒ අනුව මෙම පනත් කෙටුම්පතට නිර්දේශ මාලාවක් ද ඉදිරිපත් කලහ.

ප්‍රධාන නිර්දේශ

අධිකරණ අධීක්ෂණය: රඳවා තබා ගැනීමේ නියෝග කඩිනම් හා ඵලදායී අධිකරණ පාලනයට හා අධීක්ෂණයට යටත් විය යුතුය. එහි නීත්‍යානුකූලභාවය, අවශ්‍යතාව සහ සමානුපාතිකත්වය පරීක්ෂා කර නිදහස් කිරීමට අධිකරණයට බලය තිබිය යුතුය.

ස්වාධීන සමාලෝචන කමිටුව:රදවා තබා ගැනීම් සම්බන්ධ අභියාචනා විභාග කරන ස්වාධීන සමාලෝචන කමිටුව සැබවින්ම ස්වාධීන විය යුතු අතර එහි තීරණ අනිවාර්ය විය යුතුය.

රඳවා සිටින්නන්ගේ අයිතිවාසිකම්:රඳවා සිටින්නන්ට නීතිඥ සහය, පරිවර්තනය, ස්වාධීන වෛද්‍ය පරීක්ෂණය, නීති ආධාර, පවුලේ අය සමඟ සම්බන්ධතා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කඩිනම් පරීක්ෂණ සහතික කළ යුතුය. මාරු කිරීම් වාර්තා කර දැනුම් දිය යුතුය.

ත්රස්තවාදයේ අර්ථ දැක්වීම: ත්රස්තවාදයේ අර්ථ දැක්වීම හිතාමතා මරණය හෝ බරපතළ ශාරීරික හානි සිදුකරන ක්‍රියාවලට පමණක් සීමා විය යුතුය. දේපළවලට සිදුවන හානි පමණක් එයට ඇතුළත් නොවිය යුතුය.

ප්‍රකාශන සම්බන්ධ වරද: ප්‍රකාශන සම්බන්ධ වරදක් ලෙස සැලකීමට ත්‍රස්තවාදී ප්රචණ්ඩත්වයක් ඇති කිරීමේ සම්භාවිතාවක් අඩංගු විය යුතුය.

සන්නද්ධ හමුදා බලතල:හමුදා අපයෝජන ඉතිහාසය හේතුවෙන් සන්නද්ධ හමුදාවල අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම සහ සෝදිසි කිරීමේ බලතල අහෝසි කළ යුතුය. ත්‍රස්තවාදය වැළැක්වීමේ බලතල දැඩි කර අධිකරණ අධීක්ෂණයට යටත් කළ යුතුය.

සංවිධාන තහනම: සංවිධාන තහනම් කිරීමේ නිර්ණායක හා සීමාවන් පැහැදිලි කර ඉහළ නැංවිය යුතු අතර කාල සීමා පැනවිය යුතුය.

සාක්ෂි හා ආරක්ෂාව: වධහිංසා හෝ අනීතික ලෙස ලබාගත් සාක්ෂි සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතුය. මාධ්‍ය මූලාශ්‍ර, නීතිඥ රහස්‍යභාවය සහ මානව හිමිකම් නිරීක්ෂණ ආරක්ෂා කළ යුතුය.

ජනාධිපති බලතල හා සංක්‍රාන්ති නීති: ජනාධිපතිවරයාගේ නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීමේ බලය සීමා කළ යුතු අතර PSTA ක්‍රියාත්මක වූ පසු PTA හි සංක්‍රාන්ති යෙදුම අහෝසි කළ යුතුය.

වගවීම හා පිළියම්: අනවසර ක්‍රියාවන් සඳහා නිලධාරීන්ට දෙන නිදහස් කිරීම් (immunities) පිළිගත නොහැකිය. උල්ලංඝනයන් සඳහා ඵලදායී පිළියම් (වන්දි, පුනරුත්ථාපනය, සමාව ඉල්ලීම ආදිය) සහතික කළ යුතුය.

විශේෂඥයින් අවසානයේ සඳහන් කළේ, “ත්රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම ඵලදායී වන්නේ මානව හිමිකම් ගරු කරන විට පමණි” යන්නයි. ඔවුන් රජයට තාක්ෂණික ආධාර දීමට සූදානම් බවද ප්‍රකාශ කළහ.

මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ ත්රස්තවාදයට එරෙහිව මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු බෙන් සෝල් ඇතුළු විශේෂඥයින් කිහිප දෙනෙකු විසිනි.