22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට!
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ලබන 24 සහ 25 යන දිනයන්හි දී විවාදයට ගැනීමට නියමිත බව ආණ්ඩු පක්ෂය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
LSN Sri Lanka ·

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත තීරණය ලබන අඟහරුවාදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
</p>
<p>
එම රහසිගත තීරණය ලබන සඳුදා දිනයේ දී කථානායකවරයා වෙත ලැබීමට නියමිතය.
</p>
<p>
මේ අතර, ලබන සතියේ පාර්ලිමේන්තු සසිවාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම සඳුදා පෙරවරු 9.00 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ලබන 24 සහ 25 යන දිනයන්හි දී විවාදයට ගැනීමට නියමිත බව ආණ්ඩු පක්ෂය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
</p>
<p>
පසුගිය දිනවල අදාළ පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, ඊට අදාළ රහසිගත නියෝගය කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.