LSN News › Sri Lanka

22 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – තුනෙන් දෙකත් අවශ්‍ය නෑ... ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක පාර්ලිමේන්තුවට නිවේදනය කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ විධිවිධාන ජනමත විචාරණයකට යොමු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත. අධිකරණ පද්ධති (සංශෝධන) පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බැවින්, පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩිඡන්දයෙන් එය සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් තීරණය කර තිබේ.

LSN Sri Lanka · 22 September 2026

22 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – තුනෙන් දෙකත් අවශ්‍ය නෑ... ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක පාර්ලිමේන්තුවට නිවේදනය කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත හෝ එහි කිසිදු වගන්තියක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කතානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව යටතේ අභියෝගයට ලක් කෙරුණු "22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" සහ "අධිකරණ පද්ධති (සංශෝධන)" පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය තමා වෙත ලැබී ඇති බව කතානායකවරයා සඳහන් කළේය.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ විධිවිධාන ජනමත විචාරණයකට යොමු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, අදාළ පනත් කෙටුම්පතේ 2 වන වගන්තියේ සඳහන් "හැට හතට එළඹෙන දිනය" යන වැකි ඛණ්ඩය "හැට හත සම්පූර්ණ කළ දිනය" ලෙස සංශෝධනය විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

ඊට අමතරව, පනත බලපැවැත්වෙන දිනට අග්‍ර විනිශ්චයකාර ධුරය හොබවන පුද්ගලයා සඳහා වසර හයක ධුර කාල සීමාව අදාළ නොවන පරිදි 2 වන වගන්තියට දෙවන කොන්දේසියක්ද ඇතුළත් විය යුතු බවට නියෝග කර ඇත.

එමෙන්ම, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බැවින්, පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩිඡන්දයෙන් එය සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් තීරණය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මෙම සම්පූර්ණ තීරණය එදින පාර්ලිමේන්තු නිල හැන්සාඩ් වාර්තාවේ මුද්‍රණය කිරීමට නියෝග කළ බවද කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.