LSN News › Sri Lanka

22ට එරෙහි කළු ඇඳුම් විරෝධයට විපක්ෂයෙන් එකම ප්‍රතිචාරයක් නැහැ!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ කළු ඇඳුමින් නොවේ. එමෙන්ම 22 වන සංශෝධනය සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති අජිත් පී. පෙරේරා සහ රෝහිණී කවිරත්න ද කළු ඇඳුමින් සැරසී නොසිටි බව පාර්ලිමේන්තු සංකීර්ණයේදී දැකගත හැකි විය.

LSN Sri Lanka · 25 September 2026

22ට එරෙහි කළු ඇඳුම් විරෝධයට විපක්ෂයෙන් එකම ප්‍රතිචාරයක් නැහැ!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කිරීම සඳහා කළු ඇඳුමින් සැරසී අද (25) පාර්ලිමේන්තුවට පැමිණීමට විපක්ෂය ගෙන තිබූ තීරණයට, එම පාර්ශ්වයේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් එකම ආකාරයේ ප්‍රතිචාරයක් ලැබී නොතිබීම අද උදෑසන කැපී පෙනුණි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දැක්වීමේ සංකේතාත්මක පියවරක් ලෙස කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වයෙන් තීරණයක් ගෙන තිබිණි.

කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ කළු ඇඳුමින් නොවේ. එමෙන්ම 22 වන සංශෝධනය සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති අජිත් පී. පෙරේරා සහ රෝහිණී කවිරත්න ද කළු ඇඳුමින් සැරසී නොසිටි බව පාර්ලිමේන්තු සංකීර්ණයේදී දැකගත හැකි විය.

ඒ අනුව 22 වන සංශෝධනයට එරෙහි විපක්ෂයේ දේශපාලන ස්ථාවරය සහ එම විරෝධය ප්‍රකාශ කිරීම සඳහා තෝරාගත් කළු ඇඳුම් සංකේතය සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් අතර එකම ප්‍රවේශයක් නොතිබූ බව අද උදෑසන පෙනී ගියේය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය අදත් පැවැත්වෙන අතර ඒ සඳහා පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා කාලය වෙන් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීරණය කර තිබුණේ යෝජිත සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය නොවන බවය. එහෙත් පනත් කෙටුම්පතේ ඇතැම් වචන සහ ප්‍රතිපාදන සංශෝධනය කළ යුතු බව ද අධිකරණය දැනුම් දී තිබිණි.