LSN News › Sri Lanka

ආචාරධර්මීය විශ්වාසය පිළිබඳ පරීක්ෂණයක් බවට පත් වූ දෙවසරක සේවා කාලය දීර්ඝ කිරීම: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇති වූ විවාදයේ සාරාංශය!

මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුව තුළ සම්මත වී අවසානය. එහෙත් එය හා බැඳුන අධිකරණ ප්‍රතිසංස්කරණය පිළිබඳ මතවාදී ගැටුම තවදුරටත් පවතී. මේ ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන බලය තහවුරු කරගැනීමේ උත්සාහයක්ද නැතහොත් ජනතාවට වේගවත් සාධාරණයක් ඉටුකිරීමේ පියවරක්ද යන්න ඉදිරියේදිත් සංවාදෝත්පාදන නිමිත්තක් ලෙස පවතිනු ඇත.

LSN Sri Lanka · 25 September 2026

ආචාරධර්මීය විශ්වාසය පිළිබඳ පරීක්ෂණයක් බවට පත් වූ දෙවසරක සේවා කාලය දීර්ඝ කිරීම:  22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇති වූ   විවාදයේ සාරාංශය!

පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී අවසන් ප්‍රතිඵලය පිළිබඳව කිසිදු සැකයක් නොතිබුණි. දින දෙකක් පුරා පැවැති දීර්ඝ විවාදයකින් අනතුරුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත වැඩිඡන්ද 95 කින් සම්මත විය. එය පක්ෂ විපක්ෂ සියලු දෙනා නිශ්චිතව දැනගෙන සිටි අවසන් ප්‍රතිඵලයකි.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158 ක් ලැබුණි. ඒ ආණ්ඩුවේ අරමුණුගත දේශපාලන බලයේ තහවුරුවකි. විපක්ෂය ද එක අරමුණකට එක්ව උන්හ. විරුද්ධව ඡන්ද 63 ක් ලැබිණි. හැමෝම ඡන්දය පාවිච්චි කළහ. කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේ නැත. ඉන්පසුව පැවැති තෙවන වර කියවීමේ ඡන්ද විමසීමද සංශෝධන සහිතව එම ඡන්ද සංඛ්‍යාවෙන්ම සම්මත විය.

මෙයට සමගාමීව ඉදිරිපත් කරන ලද අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත (Judicature Amendment Bill) ද එම ඡන්ද බෙදීමෙන්ම සංශෝධන නොමැතිව දෙවන වර කියවීම සම්මත කරගන්නා ලදී. මෙම තීරණාත්මක ඡන්ද විමසීම සැප්තැම්බර් 25 වැනිදා පස්වරු 7.15 ට පමණ ආරම්භ විය.

කෙසේ වෙතත්, මෙම විවාදයේ සැබෑ අර්ථය ප්‍රකාශවන්නේ සංඛ්‍යාත්මක ජයග්‍රහණයක් වෙනුවෙන් නොවේ. සැබෑ අර්බුදය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම තුළින් සැබැවින්ම අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳවය.

රජය ප්‍රකාශ කර සිටියේ මෙම සංශෝධනය ගෙන එන්නේ නඩු ප්‍රමාදය වැළැක්වීමට, විනිසුරුවරුන්ගේ අත්දැකීම්වලින් රටට ප්‍රයෝජන ගැනීමට සහ දැනට ගොඩගැසී ඇති ලක්ෂ 11 කට ආසන්න (1.1 million) නඩු සංඛ්‍යාවෙන් බිඳවැටී ඇති අධිකරණ පද්ධතිය ගොඩනැගීමට බවය. නමුත් විපක්ෂයේ මතය වූයේ මෙය නීතිය පාලනය කිරීමේ බලය, කාලවේලාව, විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සහ මෙතෙක් ඉටු නොකළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ පොරොන්දුව මඟහැරීමට දරන උත්සාහයක් බවය.

සැප්තැම්බර් 24 වැනිදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ආරම්භ කළ සමාරම්භක කතාවේ සිට, සැප්තැම්බර් 25 සවස ඡන්ද විමසීමට පෙර සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කළ දක්වාම මෙම මතවාද දෙක පාර්ලිමේන්තුව පුරා ප්‍රබලව දිවගියේය.

පනත් කෙටුම්පත් දෙකෙන් සිදුවන වෙනස්කම්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනු ලබයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් උපදෙස් මත සිදුවූ වචන සංශෝධනයන්ගෙන් පසුව එහි ප්‍රධාන කරුණු මෙසේය:

• ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 සිට 67 දක්වා ඉහළ යනු ඇත.

• අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 සිට 65 දක්වා ඉහළ යනු ඇත.

• අග්‍රමාත්‍යවරයා හෝ අග්‍ර විනිශ්චයකාරවරයා විශ්‍රාම යනු ලබන්නේ වයස අවුරුදු 67 දී හෝ එම ධුරයේ වසර හයක් සේවය කිරීමෙන් පසුවය (එයින් මුලින්ම පැමිණෙන අවස්ථාව අනුව). කෙසේ වෙතත්, මෙම පනත බලපැවැත්වෙන අවස්ථාවේ ධුරයේ සිටින අග්‍ර විනිශ්චයකාරවරයාට මෙම වසර හයේ සීමාව බලපාන්නේ නැත.

• අභියාචනාධිකරණයේ අසුන්ගත අනෙකුත් විනිසුරුවරුන්ගේ උපරිම සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කෙරේ.

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත

• අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත මගින් සාමාන්‍ය නීතිය වෙනස් කරයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත් සාමාන්‍ය වැඩිඡන්දයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

• ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 110 සිට 120 දක්වා ඉහළ නැංවෙන අතර, මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වා දීර්ඝ වේ.

• අනෙකුත් විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 62 දක්වාත් ඉහළ යනු ඇත.

මෙම පනත් කෙටුම්පත් දෙකම අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පසුව ඊට එරෙහිව වාර්තාගත විශේෂ තීරණ පෙත්සම් සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වූ අතර, ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 67 ක් ඉදිරිපත් වූයේය.

කථානායක ජගත් වික්‍රමරත්න විසින් සැප්තැම්බර් 22 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී. අග්‍ර විනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන ඇතුළු අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් බී. අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන පස්පුද්ගල විනිසුරු මඬුල්ල තීන්දු කළේ 22 වැනි සංශෝධනය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය යටතේ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, විශේෂ වැඩිඡන්දයකින් එය සම්මත කළ හැකි බවත්ය.

සියලු විනිසුරුවරුන්ට පොදුවේ බලපාන පරිදි, කිසිදු පෞද්ගලික විචක්ෂණභාවයකින් තොරව වයස ඉහළ නැංවීම "නීති සම්පාදනයේ දී ලබා දෙන අල්ලසක්" හෝ "අධිකරණය තමන්ට හිතුමනාපයට පිරවීමක්" (court packing) ලෙස කළ චෝදනාව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

එසේම දෙවන වගන්තිය සඳහා සංශෝධන දෙකක් සිදුකිරීමට අවශ්‍ය බවත්, ධුරයේ සිටින අග්‍ර විනිශ්චයකාරවරයාට වසර හයේ සීමාව බලනොපාන පරිදි සංශෝධිත කොන්දේසියක් එකතු කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. පාර්ලිමේන්තුව එම සංශෝධන අවසන් පනත් කෙටුම්පතට ඇතුළත් කළේය.

අමාත්‍යවරයාගේ තර්කය: ප්‍රමුඛතාව නඩු ප්‍රමාදයටයි, සේවා කාලයට නෙවෙයි

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විවාදය ආරම්භ කළේ ව්‍යවස්ථාපිත කරුණුවලට වඩා පරිපාලනමය කරුණු ඉදිරිපත් කරමිනි. රජය සිය ධූර කාලයෙන් වසර දෙකක් සම්පූර්ණ කර ඇති අතර, නීතියේ සමාන සහ සාධාරණ ආරක්ෂාව, පාරදෘශ්‍යභාවය, කාර්යක්ෂමතාව, ස්වාධීනත්වය සහ මහජන විශ්වාසය තහවුරු කිරීමේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනවරම මත ක්‍රියා කරන බව ඔහු පැවසීය. මෙම පනත් කෙටුම්පත් දෙක එම පොරොන්දුවේ එක කොටසක් පමණක් බව ද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මිලියනයක ජනගහනයකට සිටින්නේ විනිසුරුවරුන් 19 දෙනෙකු වැනි කුඩා සංඛ්‍යාවක් බව ඔහු කියා සිටියේය. ඇමතිවරයා ඉදිරිපත් කළ දත්ත ප්‍රකාරව රුසියාවේ එම සංඛ්‍යාව 242 කි, තායිලන්තයේ 68 කි, එංගලන්තයේ 51 කි, ඕස්ට්‍රේලියාවේ 44 කි.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11 ක් පමණ ගොඩගැසී තිබේ. ජනතාව වසර ගණනාවක් අධිකරණවල ගල් වී සිටිති. ඇතැම් පිරිස් නීතිඥ ගාස්තු ගෙවීම සඳහා තමන්ගේ දේපළ උකස් තබති. පනත් කෙටුම්පත් මගින් විසඳීමට උත්සාහ කරන්නේ එම බරපතල අර්බුදය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඔහු විශ්‍රාම යෑමේ වයස වෙනස් කිරීමේ තීරණය 2024 දී ආරම්භ කරන ලද විශාල වැඩපිළිවෙලක කොටසක් ලෙස හඳුන්වා දුන්නේය. වසර දෙකක් තුළ අමතර අධිකරණ ශාලා 29 ක් පිහිටුවීම, වාණිජ සහ අපරාධ මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, නිත්‍ය ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් ස්ථාපිත කිරීම, අල්ලස් නඩුවලට පමණක් වෙනම නඩු ශාලා වෙන් කිරීම, කුඩා හිමිකම් පෑමේ අධිකරණයක් (Small Claims Court) ආරම්භ කිරීම, අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා අධිකරණ කාර්ය මණ්ඩලයට 1,700 ක් පමණ අලුතින් බඳවා ගැනීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ කොළඹ කුඩා හිමිකම් පෑම් අධිකරණයේ ඉලෙක්ට්‍රොනික ගොනුගත කිරීමේ (e-filing) පද්ධතියක් ඇති කිරීම, නඩු ශාලා 350 ක පමණ කටහඬ ලේඛනගත කර ගැනීමේ (voice-to-text) පද්ධති පරීක්ෂා කිරීම සහ අපරාධ නඩුවලදී දුරස්ථව සාක්ෂි ලබා ගැනීමේ ක්‍රමවේද හඳුන්වා දීම ආදිය ඉන් කිහිපයකි. විශ්‍රාම යන වයස ඉහළ නැංවීම මෙම විශාල පරිපාලන සංශෝධනයේ එක් අංගයක් පමණක් බව අමාත්‍යවරයා පැවසීය.

වත්මන් විශ්‍රාම යන වයස් සීමාවන් ඉතා පැරණි ඒවා බව ඔහු පැහැදිලි කළේය. 1978 සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගියේ අවුරුදු 65 දීය. නමුත් වර්තමානයේ මිනිසාගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇත. ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් නීතිය පිළිබඳ සිය උපරිම පරිණතභාවයට සහ දක්ෂතාවට පැමිණෙන විටම නීතිය මගින් ඔවුන්ව විශ්‍රාම ගන්වන අතර, පසුව ඔවුන් එම පළපුරුද්ද පෞද්ගලික නීති ක්ෂේත්‍රයේ භාවිතයට ගනී. 2016 පාර්ලිමේන්තු අනුකාරක සභාවකදී ද ඉහළ අධිකරණවල පොදු විශ්‍රාම යෑමේ වයසක් පිළිබඳව සාකච්ඡා කර තිබුණි. මෙම පළපුරුද්ද තවත් වසර දෙකක් රට වෙනුවෙන් ලබාගත යුතු බව රජයේ මතය විය. ඊට පෙර විශ්‍රාම යාමට අවශ්‍ය විනිසුරුවරුන්ට පූර්ණ විශ්‍රාම වැටුප් සහිතව තවමත් විශ්‍රාම යාමට හැකියාව ද පවතින බව ඇමතිවරයා පැහැදිලි කළේය..

මෙම පනත් කෙටුම්පත එක් පුද්ගලයෙකු ඉලක්ක කරගත් එකක් බව හෝ රජයට අධිකරණය තමන්ගේ ග්‍රහණයට ගැනීමට දරන උත්සාහයක් බවට ඉදිරිපත්වන චෝදනා අමාත්‍යවරයා නිශ්චිත ලෙසම තරයේ ප්‍රතික්ෂේප කළේය.

"අපි මේ සංශෝධනය ගෙනෙන්නේ ඒකාධිපති වෙන්නවත්, අධිකරණය පාලනය කරන්නවත්, මර්දනය කරන්නවත් නෙවෙයි. නඩු ඉක්මනින් අසා ජනතාවට සාධාරණය ඉටු කරන්නයි." වැඩිපුර මහාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමෙන් නඩු ගොඩගැසී ඇති ප්‍රදේශවල අධිකරණ කටයුතු වේගවත් කළ හැකි ආකාරය ඔහු විස්තර කළේය. අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම මගින් කොළඹින් පිටත ද නඩු විභාග පැවැත්වීමට හැකි වන අතර, යාපනය, හම්බන්තොට, අම්පාර සහ බදුල්ල වැනි ප්‍රදේශවල ජනතාවට නඩු සඳහා සැමවිටම කොළඹට පැමිණීමට සිදු නොවන බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම පිටත නඩු වාර පැවැත්වීම ෆෙඩරල්වාදයට තබන පියවරක් ලෙස කෙරෙන චෝදනා ද අමාත්‍යවරයා සපුරා බැහැර කළේය.

හිටපු අධිකරණ අමාත්‍ය ජී. එල්. පීරිස්ගේ පරස්පර විරෝධී භාවිතයන් මතක් කරමින්, 1999 දී ජ්‍යෙෂ්ඨ විනිසුරු මාක් ප්‍රනාන්දු අතහැර සරත් එන්. සිල්වා අග්‍ර විනිශ්චයකාරවරයා ලෙස පත් කිරීමේ සිදුවීම අමාත්‍යවරයා මතක් කර දුන්නේය. දේශපාලන හිතවත්කම් මත අග්‍ර විනිශ්චයකාරවරුන් පත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ලද සෘජු ප්‍රහාරයක් බවත්, දැනට සිටින සියලුම විනිසුරුවරුන්ට සාධාරණ වන පරිදි වසර දෙකක සේවා කාලයක් ලබාදීම අධිකරණ ස්වාධීනත්වයට හානියක් නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.

"විපක්ෂයට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. නමුත් අපි මහජනතාව වෙනුවෙන් මේ ගමන ඉදිරියටම යනවා." අධිකරණ ඇමතිවරයා නිශ්චිත ලෙස අවධාරණය කළේය.

සභානායක බිමල් රත්නායක සිය කතාව හරහා 22 වැනි සංශෝධනය, අතීතයේ සිදුවූ ධුර කාලය දීර්ඝ කිරීමේ දේශපාලන ක්‍රියාමාර්ගවලින් වෙන්කර පෙන්වා දුන්නේය.

"මෙය පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ කර ගැනීමට හෝ අතීතයේ සිදුවූවාක් මෙන් ජනාධිපතිවරුන්ගේ ධුර කාලය දීර්ඝ කර ගැනීමට ගෙනා සංශෝධනයක් නෙවෙයි," ඔහු පැවසීය. "විපක්ෂය අසත්‍ය ලෙස චෝදනා කරන පරිදි රජයේ බලය තහවුරු කරගැනීමට අපට අවශ්‍යතාවයක් නැහැ."

සමාජය තුළ යම් "කුඩා බෙදීමක්" පවතින බව පිළිගත් ඔහු රජය එය මැන බලා ඇති බව පැවසීය. විපක්ෂය මෙම පනත් කෙටුම්පත හරහා දේශපාලන ජවයක් ලබා ගැනීමේ අරමුනින් භීතිකාවක් නිරූපණය කරන බවත්, ආගමික නායකයන් සහ වෘත්තීය සමිති වෙත බිය ගෙන යන බවත්, පනතේ නැති ප්‍රතිවිපාක මවාපාන බවත් ඔහු චෝදනා කළේය. අරමුණ වූයේ අධිකරණ ප්‍රතිසංස්කරණය සහ වේගවත් අධිකරණ පද්ධතියක් මිස අධිකරණය අත්පත් කරගැනීම නොවන බව ඔහු අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ද පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ මෙම සංශෝධනය කිසිදු පුද්ගලයෙකු වෙනුවෙන් සකස් කළ එකක් නොවන බවත්, මෙහි කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැති බවත්ය. රජයේ ඡන්ද 158 මගින් නිරූපණය වන්නේ පුද්ගලික ව්‍යාපෘතියක් නොව සාමූහික වගකීමක් බව අගමැතිනිය ප්‍රකාශ කළාය.

රජයේ මතය වූයේ නඩු ප්‍රමාදය යථාර්ථයක් බවය. ප්‍රතිසංස්කරණ සිදුවන්නේ සේවා කාලයට පමණක් සීමා නොවී පද්ධතිය පුරා බවය. පරිපාලනමය වෙනසක් දෙස බලමින් විවේචකයින් දේශපාලන කුමන්ත්‍රණ දකින බවය.

විපක්ෂයේ තර්කය: වැරදි වෙලාවේ ගෙනා වැරදි නීතිය

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කෙටි නමුත් තියුණු ලෙස විපක්ෂයේ මතය සභාවට ඉදිරිපත් කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ පැවැති අධිකරණ සම්ප්‍රදායන් බිඳ දැමීමට හේතු වන පරිදි 22 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීම කණගාටුවට කරුණක් බව ඔහු පැවසීය. වත්මන් රජය බලයට පත් වූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් වුවද, මෙතෙක් එය ඉටු වී නොමැති බවත්, ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් මන්ත්‍රීවරයා පැවසීය. තුනෙන් දෙකක බලයක් යොදාගනිමින් කැබලි වශයෙන් සංශෝධන ඉක්මනින් සම්මත කරගැනීමෙන් නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළ නොහැකි බව හෙතෙම කියා සිටියේය.

මෙම අදහස යෝජිත පනතේ ඕනෑම වගන්තියකට වඩා ප්‍රබල විය. අධිකරණයේ නඩු ප්‍රමාද වන බව විපක්ෂය ප්‍රධාන වශයෙන් අභියෝගයට ලක් කළේ නැත. ඔවුන් අභියෝග කළේ සිදුවීම් සිදුවන අනුපිළිවෙලටය. මුළු පද්ධතියම අලුතින් සකස් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිවීමට පෙර උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය වෙනස් කරන්නේ ඇයි? පෙත්සම් 67 ක් සහ ජනමත විචාරණ බාධකය ඉවත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පසුව, මෙසේ නොඉවසිලිමත්ව කටයුතු කරන්නේ ඇයි? වඩාත් විශාල විසඳුමක් තුළ අධිකරණයේ සැකැස්ම ඇතුළත් වන තෙක් රැඳී නොසිටින්නේ මන්දැයි විපක්ෂය ප්‍රශ්න කළේය.

ජ්‍යෙෂ්ඨත්වය, නඩු ලැයිස්තුගත කිරීම සහ දයාසිරි ජයසේකර නැගූ චෝදනාව

නීතිඥවරයෙකු මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දයාසිරි ජයසේකර ද විපක්ෂයේ මතවාදය තුළ සිටිමින් තර්ක කළද, ඔහු මෙම සංවාදය වඩාත් සංවේදී මානයකට යොමු කළේය. එනම්, හුදෙක් දින දර්ශනයක ඇති වසර දෙකක කාලයක් පිළිබඳව පමණක් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය තුළ විනිසුරුවරුන් වෙත නඩු ලබා දෙන්නේ කෙසේද, කුමන විනිසුරු මඬුල්ලට කවුරුන් ඇතුළත් කරන්නේද, මඟහැර සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව අදහසක් ඉදිරිපත් කළේය.

සැප්තැම්බර් 24-25 විවාදයේදී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වෙත පවරා ඇති වැඩප්‍රමාණයන් එකිනෙක සසඳා දැක්වීය. ඔහු පැවසුවේ අචල වෙංගප්පුලි විනිසුරුවරයා වැඩිම නඩු ප්‍රමාණයක් විභාග කරන අතර, අග්‍ර විනිශ්චයකාරවරයාට පසුව ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන යසන්ත කෝදාගොඩ විනිසුරුවරයාට ලැබී ඇත්තේ නඩු දෙකක් පමණක් බවය.

කෝදාගොඩ විනිසුරුවරයා යනු අග්‍ර විනිශ්චයකාර සුරසේනට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයාය. ඔහු 2020 දී ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වූ අතර, 2025 දී වැඩබලන අග්‍ර විනිශ්චයකාරවරයා ලෙසද කටයුතු කළේය. 2026 මැයි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහා කළ නාම යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවිය. එම අධිකරණ සේවා කොමිෂන් සභා ආසනය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අග්‍ර විනිශ්චයකාරවරයාට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාට හිමිවන තැනය. වාර්තා ගණනාවකම ඔහු ඊළඟ අග්‍ර විනිශ්චයකාර ධුරයට හිමිකම් කියන ජ්‍යෙෂ්ඨයා ලෙස හඳුන්වා දී තිබුණි.

දයාසිරි අද පාර්ලිමේන්තුවේදී සංඛ්‍යාත්මක දතත්ත ප්‍රමාණයක් ඉදිරිපත් කළේය ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩිම නඩු ප්‍රමාණයක් අසන්නේ අචල වෙංගප්පුලිය. ඔහු ඉන්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් හය වැනි තැනය. අර්ජුන ඔබ්සේකර අගවිනිසුරුවරයා සමග එක්ව නඩු 47ක් අසා ඇත. ඔහු ජ්‍යෙෂ්ඨත්වයෙන් 07 වැනි තැනය. මහින්ද සමයවර්ධන නඩු 27ක් අසා තිබේ. ඔහු ඉන්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් 08වැනි තැනය. ශිරාන් ගුණරත්න ඉන්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් සිවුවන තැනය. ඔහු නඩු 26ක් අසා ඇත. සම්පත් අබේකෝන් අසා ඇති නඩු සංඛ්‍යාව නඩු 26කි. ඔහු ජ්‍යෙෂ්ඨත්වයෙන් 09 වැනි තැනය. ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින කණිෂ්ඨතම විනිසුරුවරයා වූ ජ්‍යෙෂ්ඨත්වයෙන් 14 වැනියා ශෝභිත රාජකරුණාත් නඩු 06ක් අසා තිබේ. දයාසිරි ජයසේකර ශ්‍රේෂ්ඨාධිකරණය සහ අගවිනිසුරුවරයාගේ ස්වරූපය පාර්ලිමේන්තුව තුළ පෙන්වන්නට හදන්නේ යසන්ත කෝදාගොඩ හරහාය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වූ යසන්ත කෝදාගොඩ අසා ඇත්තේ නඩු දෙකක් පමණක් බව දයාසිරි කියන්නේය. එම තර්කයේ වලංගුභාවය කෙසේ වුවද එය දේශපාලනිකව ආකර්ශනිය ය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ. පාර්ලිමේන්තුවෙන් පිටත, පොල්දූව හන්දියේ පැවැති විරෝධතාවයකදී වර්ෂාවට තෙමෙමින් සජිත් ප්‍රේමදාස රැස්ව සිටි පිරිස හමුවේ පැවසුවේ සමගි ජන බලවේග රජයක් යටතේ මෙම 22 වැනි සංශෝධනය අහෝසි කරන බවය. මෙම සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වන අතර එය එක්පක්ෂ පාලනයකට තබන පියවරක් ලෙස ඔහු හැඳින්වීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ අනෙකුත් වෘත්තීය සමිති ද මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ තම හෘදය සාක්ෂියට එකඟව (conscience vote) ඡන්දය භාවිත කරන ලෙසය.

මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුව තුළ සම්මත වී අවසානය. එහෙත් එය හා බැඳුන අධිකරණ ප්‍රතිසංස්කරණය පිළිබඳ මතවාදී ගැටුම තවදුරටත් පවතී. මේ ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන බලය තහවුරු කරගැනීමේ උත්සාහයක්ද නැතහොත් ජනතාවට වේගවත් සාධාරණයක් ඉටුකිරීමේ පියවරක්ද යන්න ඉදිරියේදිත් සංවාදෝත්පාදන කාරණාවක් ලෙස පවතිනු ඇත.