LSN News › Sri Lanka

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වූ පෙත්සම් ගණන 13 දක්වා ඉහළට!

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානය සහ දිනන දකුණ සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.

LSN Sri Lanka · 21 August 2026

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වූ පෙත්සම් ගණන 13 දක්වා ඉහළට!

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානය සහ දිනන දකුණ සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.

මෙම නව පෙත්සම් දෙකත් සමඟ අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති මුළු පෙත්සම් සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇත.

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මඟින් ප්‍රධාන වශයෙන්ම යෝජනා කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීමටය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ දැමීමට මෙයින් යෝජනා කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට නම්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර සම්මතයකින් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එය ජනමත විචාරණයකින් ද අනිවාර්යයෙන්ම අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්ය.

මීට පෙර සමගි ජන බලවේගය (SJB), සර්වජන බලය සහ මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු පාර්ශ්ව රැසක් ද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළහ. එමෙන්ම මෙම පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් (Full Bench) හමුවේ සිදුකරන ලෙස ද එම පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ.

මෙම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නිල තීන්දුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිතව ඇත.