22 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 18 වැනිදා
22වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ නිගමනය 18 දා සිකුරාදා පාර්ලිමේන්තුව වෙත දැනුම් දීමට නියමිතව තිබේ.
LSN Sri Lanka ·

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සහ පක්ෂව ගොනුකර තිබූ පෙත්සම් 110කට වැඩි සංඛ්‍යාව විභාග කර අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, සිය නිගමනය ලබන සැප්තැම්බර් 18 වනදා සිකුරාදා කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිත බව විශ්වාසනීය මූලාශ්‍ර උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
අග්‍ර විනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේනගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගන්නා ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම් විභාගය අවසන් වී සති තුනක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව කථානායකවරයා වෙත යොමු කළ යුතුය.